කොළඹ පාරවල්වලට අලුත් නම් දැමීමේ තේරුම කුමක් ද? Is there any meaning of renaming Colombo roads

(2011 ජුලි 23, W3Lanka) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට උපහාර පිණිස මෑතදී කොළඹ ඩ්ක්මන් පාර ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ලෙස නම් කරන ලදී.


කාලාන්තරයක් තිස්සේ භාවිතා කරන ලද වෙනත් නම් මිනිසුන්ගේ කටට හුරු වී තිබෙන මෙවැනි පාරවල් හදිසියේ වෙනත් අයගේ නමින් නම් කිරීම ඇත්තෙන් ම විකාරයකි.


ඩුප්ලිකේෂන් පාර ආර්.ඒ.ද මැල් මාවත ලෙස නම් කර දැන් බොහෝ කලකි. මේ මැල් කවුරු ද යන්න දන්නේ දෙවියන් සහ තවත් කීපදෙනෙක් පමණි. අප දන්නේ ඔහු දකුණු කොළඹ හිටපු මන්ත්‍රීවරයකු ය යන කරුණ පමණි.


මෙවැනි පාරවල් හා ස්ථාන තවත් රැසක් කොළඹ නගරයේ ඇත.


පහත සඳහන් දිවයින පුව්පතෙන් උපුටා ගන්නා ලද පුවත නිරීක්ෂණය කරන්න.


කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා ගාලු පාරෙහි සහ ඩුප්ලිකේෂන් පාරෙහි (ආර්.ඒ. ද මෙල් මාවත) දැනට ක්‍රියාත්මක වන රථවාහන සැලැස්‌ම ගාලු පාර ඩික්‌මන් පාර (ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මාවත) හංදිය සහ ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදිය දක්‌වාද දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත.


මෙම රථවාහන සැලැස්‌ම අද (23 වැනිදා) පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට නියමිතය.


නව සැලැස්‌ම පරිදි රථවාහන ගමනාගමනය සිදුකෙරෙන ආකාරය පහත පරිදි වේ.


1. ගාලු පාර ඩික්‌මන් පාර හංදිය සිට ගාලු පාර ඔස්‌සේ බම්බලපිටිය හංදිය දෙසට පමණක්‌ රථවාහන ධාවනය කළ හැකිය. (කොළඹට ඇතුල් වීම)


02. ඩුප්ලිකේෂන් පාර වජිර පාර හංදිය සිට ඩුප්ලිකේෂන් පාර ඔස්‌සේ ඩික්‌මන් පාර හංදිය දෙසට පමණක්‌ රථවාහන ධාවනය කළ හැකිය.


03. ගාලු පාර ඔස්‌සේ කොල්ලුපිටිය දෙසට ධාවනය කෙරෙන රථවාහන වලට ඩුප්ලිකේෂන් පාරට ඇතුල්වීම සඳහා විශාකා පාර, වජිර පාර, ඩේසිවිලා මාවත, ලොරිස්‌ පාර යන මාර්ග වලින් දකුණට හරවා ඇතුල්විය හැකිය.


04. ඩුප්ලිකේෂන් පාර ඔස්‌සේ වැල්ලවත්ත දෙසට ධාවනය කෙරෙන රථවාහන වලට බෞද්ධාලෝක මාවත, ජෝශප් පටුමග, ඩිවෝස්‌ මාවත, ද ෙµdන්සේකා මාවත සහ ඩික්‌මන් පාර ඔස්‌සේ ගාලු පාරට ඇතුල් විය හැකිය.


05. මාර්ග අංක 112 බස්‌ රථ කොළඹට ඇතුල්වීම හැව්ලොක්‌ පාර ඔස්‌සේ පැමිණ හැව්ලොක්‌ පාර ඩික්‌මන් පාර හංදියෙන් වමට හරවා ඩික්‌මන් පාරට ඇතුල් වී ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදියෙන් වමට හරවා ඉන්පසු ඩුප්ලිකේෂන් පාර ලෝරන්ස්‌ පාර හංදියෙන් දකුණට හරවා ලෝරන්ස්‌ පාර ඔස්‌සේ ගොස්‌ ගාලු පාර ලෝරන්ස්‌ පාර හංදියෙන් නැවත දකුණට හරවා ගාලු පාර ඔස්‌සේ කොල්ලුපිටිය දෙසට ධාවනය කළ හැකිය.


මාර්ග අංක 112 බස්‌ රථ කොළඹින් පිටවීමේදී ඩුප්ලිකේෂන් පාර ඔස්‌සේ පැමිණ ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදියෙන් වමට හරවා, ඩික්‌මන් පාර ඔස්‌සේ ගොස්‌ හැව්ලොක්‌ පාර ඩික්‌මන් පාර හංදියෙන් දකුණට හරවා හැව්ලොක්‌ පාර ඔස්‌සේ ධාවනය කළ හැකිය.


06. ගාලු පාර ඩික්‌මන් පාර හංදියේ සිට වැල්ලවත්ත දෙසට ධාවනය කිරීම ද්විත්ම දිශාවට සිදුකෙරෙන අතර ද කෙස්‌ටර් පෙදෙස, නන්දන උද්‍යානය සහ ලෝරන්ස්‌ පාර ඔස්‌සේ පමණක්‌ ඩුප්ලිකේෂන් පාරට ඇතුල්විය හැකිය.


07. ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදිය සිට වැල්ලවත්ත දෙසට ධාවනය කිරීමද ද්විත්ව දිශාවට සිදුකෙරෙන අතර හිල්ඩන් පෙදෙස, මැක්‌ලියස්‌ පාර, ලෝරන්ස්‌ පාර ඔස්‌සේ පමණක්‌ ගාලු පාරට ඇතුල්විය හැකිය.


08. ලෝරන්ස්‌ පාරෙහි රථවාහන ද්විත්ව දිශාවට ධාවනය කරවනු ලබයි.


09. තුම්මුල්ල හංදිය සිට බෞද්ධාලෝක මාවත ඔස්‌සේ පැමිණ වමට හරවා ඩුප්ලිකේෂන් පාර ඔස්‌සේ වැල්ලවත්ත දෙසට ධාවනය කිරීම සහ ඩුප්ලිකේෂන් පාර හරහා ධාවනය කර බම්බලපිටිය හංදියෙන් දකුණට හරවා කොල්ලුපිටිය දෙසට ධාවනය කිරීම සිදු කළ හැකිය. ඩුප්ලිකේෂන් පාර බෞද්ධාලෝක මාවත හංදියෙහි සහ බෞද්ධාලෝක මාවතේ රථවාහන ගමනාගමනය මෙතෙක්‌ පැවති පරිදි සිදුවේ.


10. ඩුප්ලිකේෂන් පාර ලෝරන්ස්‌ පාර හංදියේදී ලෝරන්ස්‌ පාරෙහි ද්විත්ව දිශාවට සහ ඩුප්ලිකේෂන් පාරෙහි ද්විත්ව දිශාවට එකිනෙක මාර්ගයන් හරහා ද රථවාහන ගමනාගමනය සිදුවේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Your No 3 is the problem
    Unless they remove the center barrier How come one turn into Visaka Road or v.v to Shrubbery Gardens?

    First remove the center barrier and implement the system.

    Second issue is changing the road names!!!

    Dr Lester live in a RENTED HOUSE. Just because one is famous living in a RENTED house CMC change the road name.

    By changing the road name there are legal difficulties to the residents.

    All their deeds have the old name. This road is not exist. The present CMC holds approved plans and COC all these will get lost. Land registry docs too will be lost. (asthana gata weema)

    Good luck to the residents of this road

    ReplyDelete
  2. විකාරයක් ලෙස පෙනුනද සමහර නම් වෙනස් කිරීම හොඳය.සමහර පැරණි නම් වල හිමිකරුවන් මේ රටට සහ වැසියන්ට බරපතල ගනෙයේ අපරාධ කර ඇති පුද්ගලයෝ වෙති.

    ReplyDelete
  3. මේක කෙරෙන්න ඕන වැඩක්. මුලදි හුරු වීම අමාරු උනාට, දීර්ඝකාලීනව මේක ඉතාම වැදගත්. මොකද Anonymous July 23, 2011 7:28 PM පවා දක්වලා තියන විදියට ‍බොහෝ ස්ථාන නම් කරලා තියෙන්නේ රටට හානි කෙරූවන්ගේ නම් වලින්. විදේශිකයන්ගේ නම් මෙරට ස්ථාන වලට යෙදීමේ අවශ්‍යතාවයක් නැහැ.

    මුල් කාලය ඔබ උපුටලා දක්වා තිබෙන විදියටම වරහන් ඇතුලේ පැරණි නම යෙදීමෙන් හුරු වීමට උපකාරයක් වනු ඇත.

    ReplyDelete
  4. I would strongly say we should not rename the roads with names of the people.

    How come a foreigner knows the difference between a name of a road and a name of an individual

    For example say Dr. Donald Duck lives in Dr. Lester James Peiris Mawatha. Foreigner will differently will get confused with the address.

    Dr. Donald Duck
    No xx
    Dr. Lester James Peiris Mawatha
    Colombo 4

    ReplyDelete
  5. රට වටේම තියෙන ඉංග්‍රීසි නම් සිංහලට හැරවිය යුතුයි... අපිට හුරු නොවුනට අපේ මතු පර පුරට හුරු වෙයි නේ

    ReplyDelete
  6. රට වටේම තියෙන ඉංග්‍රීසි නම් සිංහලට හැරවිය යුතුයි... අපිට හුරු නොවුනට අපේ මතු පර පුරට හුරු වෙයි නේ

    ReplyDelete
  7. රට වටේම තියෙන ඉංග්‍රීසි නම් සිංහලට හැරවිය යුතුයි... අපිට හුරු නොවුනට අපේ මතු පර පුරට හුරු වෙයි නේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා