Posts

Showing posts with the label කොළඹ

කොළඹ ගෙවල් කඩපු හැටි මතක් කර ගන්න / Remember how houses of the poor people of Colombo were demolished

Image
ආණ්ඩුව කොළඹ මිව් වීදියේ ගෙවල් කැඩූ හැටි මේ වීඩියෝවේ දැක්වේ. මිනිසුන්ට ඉවත් වීමට දුන්නේ පැය දෙකකි. ගෙවල් කැඩුවේ සුනාමිය ගෙවල් කැඩූ තාලයට ය.  මේ නිවාස වනාහි මිනිසුන් පරම්පරා ගණනාවක් ජීවත් වූ ඒවා ය. ඇතැමුන්ට නීත්‍යානුකූල ඔප්පු තිරප්පු ද තිබිණි. රජයට බදු ගෙවා තිබිණි.  ඒ නිවාස අනවසර නිවාස ලෙස නම් කරන ලදී.  පොදු ජනතාවට කොළඹ ජීවත් වීමට නැති මේ අවසරය ආණ්ඩුව දෙන්නට යන්නේ කාට ද? චීනයෙන් හා වෙනත් රටවලින් එන ආයෝජකයන්ට ය.  ආණ්ඩුව සිය නාස්තිකාර වියදම් වෙනුවෙන් මුදල් සොයා ගන්නට කොළඹ එහි වැසියන්ගෙන් උදුරාගෙන පිටරටට විකුණමින් සිටියි.  මෙවර කොළඹ ඡන්දයට පාලක පවුලේ තාත්තලා, පුතාලා, බාප්පලා බැහැලා ඉන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම සරළය.  කොළඹ නගරයෙන් දුප්පතුන් ඉවත් කිරීමේ සැලසුම නිල වශයෙන්ම ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කරන්නේ 2010 අගෝස්තු 12 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. එහිදී අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා ප‍්‍රකාශ කරන්නේ කොළඹ හා ඒ ප‍්‍රදේශයේ සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම් වෙනත් කටයුතු සඳහා බදුදීම හෝ විකිණීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ව...

කොළඹ පාරවල්වලට අලුත් නම් දැමීමේ තේරුම කුමක් ද? Is there any meaning of renaming Colombo roads

Image
(2011 ජුලි 23,   W3Lanka ) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට උපහාර පිණිස මෑතදී කොළඹ ඩ්ක්මන් පාර ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ලෙස නම් කරන ලදී. කාලාන්තරයක් තිස්සේ භාවිතා කරන ලද වෙනත් නම් මිනිසුන්ගේ කටට හුරු වී තිබෙන මෙවැනි පාරවල් හදිසියේ වෙනත් අයගේ නමින් නම් කිරීම ඇත්තෙන් ම විකාරයකි. ඩුප්ලිකේෂන් පාර ආර්.ඒ.ද මැල් මාවත ලෙස නම් කර දැන් බොහෝ කලකි. මේ මැල් කවුරු ද යන්න දන්නේ දෙවියන් සහ තවත් කීපදෙනෙක් පමණි. අප දන්නේ ඔහු දකුණු කොළඹ හිටපු මන්ත්‍රීවරයකු ය යන කරුණ පමණි. මෙවැනි පාරවල් හා ස්ථාන තවත් රැසක් කොළඹ නගරයේ ඇත. පහත සඳහන් දිවයින පුව්පතෙන් උපුටා ගන්නා ලද පුවත නිරීක්ෂණය කරන්න. කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා ගාලු පාරෙහි සහ ඩුප්ලිකේෂන් පාරෙහි (ආර්.ඒ. ද මෙල් මාවත) දැනට ක්‍රියාත්මක වන රථවාහන සැලැස්‌ම ගාලු පාර ඩික්‌මන් පාර (ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මාවත) හංදිය සහ ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදිය දක්‌වාද දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. මෙම රථවාහන සැලැස්‌ම අද (23 වැනිදා) පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට නියමිතය. නව සැලැස්‌ම පරිදි රථවාහන ගමනාගමනය සිදුකෙරෙ...

පිටකොටු හොකරු නිල් මැස්සන් වී ආපසු ඇවිත්

Image
( 2010 දෙසැම්බර් 17,  W3Lanka ) කොළඹ පිටකොටුව ප්‍රදේශයේ කලක සිට පදික වේදිකාවේ වෙළෙදාම් කරමින් සිටි පදික වෙළෙඳුන්ට උත්සව සමයේ දී පමණක් අද (17) සිට 24 වන දින දක්වා පදික වේදිකාවේ වෙළෙදාම් කිරීමට අවසර දී ඇති බව දිනමිණ වාර්තා කරයි. පොලිස් දෙපාර්තමේන්තුව මගින් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය හරහා මෙම අවසර දී ඇත. ඔවුන්ට වෙළෙදාමේ කිරීමේ ප්‍රදේශ වශයෙන් අවසර දී ඇති වීදි වශයෙන් නම් කර ඇත්තේ කෙළින් වීදිය ගෑස්පහ හන්දිය දක්වාත් මල්වත්ත පාර, පළමුවන හරස්වීදිය, දෙවනහරස් වීදිය සහ එම වීදිවලට සම්බන්ධ අතුරු පටු මාවත්වලත්ය. මේ සම්බන්ධයෙන් ‘ දිනමිණට’ ප්‍රකාශයක් කළ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අශෝක හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ සංගමයේ ඉල්ලීමට අනුව මේ අවසරය ලැබුණු බවයි. පදික වේදිකාවෙන් වෙළෙන්දන් ඉවත් කෙරුණේ ඔවුන් පදිකයන්ට හා වාහන ගමනාගමනයට බාධා කරන බව කියමිනි. උත්සව සමය යනු මෙය වැඩියෙන් සිදු වන කාලයකි. පදික වෙළඳුන් විසින් වැඩියෙන් බාධා ඇති කරනු ලබන කාලයකි. එසේ නම්, දැන් පදික වෙළඳුන්ට නැවත අවස්ථාව ලැබී ඇත්තේ ඇයි? පදික වෙළඳාම ද දැන් සංවිධානගත වී ඇත. සංවිධානය ආණ්ඩුවට සම්බ...

මිනිස් කසල බැහැර කරන නවතම ක්‍රමය ගල්වලින් ඔලු තලා සිඟන්නන් මැරීම

Image
(2010 ජුනි 16,  W3Lanka )   මෑතක සිට ලංකාවේ සිඟන්නන්ට මාරක අපල කාලයක් උදා වී තිබේ.  නිදා සිටින විට සිඟන්නන්ගේ හිස මතට හිටි ගමන් දැවැන්ත ගල් පත බෑවේ. මේ අන්දමින් සිඟන්නන් ගණනාවක් පසුගිය දිනවල අවසන් ගමන් ගිය හ.  මෙහෙම වන්නේ ඇයි ද යන්න අපට තේරෙන හැටියට නම් මෙසේ ය. සිඟන්නන්ගේ හිස ගල්වලින් තලා පොඩි කර මරා දමන්නේ ඔවුන් වෙනුවෙන් වෙඩි උණ්ඩයක් වැය කිරීම තේරුමක් නැති යයි සිතන නිසා විය හැකි ය. මන්ද, අපේ බ්ලොගයේ අදහස් දක්වන ඇතැමුන් පවා සිතන්නේ සිඟන්නන් මේ රටේ පුරවැසියන් නො වන ආදි කාලීන වහලුන්ගේ නූතන ස්වරූපයක් ය කියා ය.  සිඟන්නකුට වෙඩි තැබූ විට ඒ වෙඩි හඬින් මේ සිඟන්නන් ජීවත් වන කොලොම් පුරයේ ඉසුරුමතුන්ගේ සාමකාමී නින්ද කැඩෙන්නට පුළුවන.  රෑට ගල්වලින් හිස තළා පොඩි කර මරා දමන මෙම අද්භූත පිල්ලුව පිළිබඳ සිගන්නන් දන්නා දේ ගැන අසන්නට ජනමාධ්‍යවලට උවමනාවක් නැති බැවින් සිඟන්නන්ගේ කතාව කවුරුවත් දන්නේ නැත. සිගන්නා මිනිසකු නො වන බැවින් හා ඔහුගේ ජීවිතය සතකුට ද අන්ත බැවින් ඔහු මරා දැමීම පිළිබඳ මේ බුදුන්ගේ දේශයයි කියා වාහනවල ස්ටිකර් ඇලවෙන රටේ ආගමික නායකයින්වත් කතා කරන්න...

අසිරිමත් ලංකාවේ කොළඹ පොලිසිය රථ වාහන හැසිරවීම | Traffic police in Colombo, the capital of Asia's wonder

Image
මෙම ඡායාරූපය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? එව්වාට නදීට තුති.  

ආණ්ඩුව අද ගංවතුර ගැන කරන විශේෂ ප්‍රකාශය මෙන්න | The special statement by Sri Lanka government on floods

Image
(2010 මැයි 20 -  W3Lanka )  වැසි ජලයෙන් කොළඹ නගරය ඇතුළු රට පුරා නගර රැසක් යටවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අද (20) විශේෂ ප්‍රකාශයක් කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන පවසයි. ඒ විශේෂ ප්‍රකාශය මෙවැනි එකක් වනවාට මෙන්න කැට! (මෙම කතාව සකස් කිරීම සඳහා දිනමිණ පත්තරයේ මැද පිටුවක පළ වන මහින්දගේ ආගිය කතා මහත් සේ ප්‍රයෝජනවත් වූ බව කරුණාවෙන් සලකන්න.) මහ වැසි ඇද වැටෙන්නේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ගේ වරදක් නිසා නොව විපක්ෂයේ කුහකකම නිසා ය. 'දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච විපක්ෂ නායකයා භවතු ධම්මිකෝ' යයි බුදු බණේ ද කියැවේ. 'විපක්ෂ නායකයා කොටින්ට සම්බන්ධ ය. කොටි ඇමරිකාවට සම්බන්ධ ය. ඇමරිකාවට ගුවන් හමුදාවක් තිබේ. ඒ නිසා ඇමරිකාව අහසට සම්බන්ධ ය. වහින්නේ එහෙම ය. මේ වස්සන්නේ ලංකාව ප්‍රභාකරන් මැරූ සංවත්සරය සමරන එක වළක්වන්න ය. උන්ට වැරදිලා ය. වැස්ස පායපු දාට අපි මේ ගෝත්‍රික උත්සවය පවත්වන්නෙමු.  'මෙතැන තිබෙන්නේ ඊලාම් කුමන්ත්‍රණයක් බව ඕනෑ ම පොඩි එකෙකුට තේරිය යුතු ය. වැඩි විස්තර විමල් වීරවංශ හා කොළඹ කුණු ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳ...

ප්‍රශ්න නො විසඳා සුනාමියෙන් අවතැන් වූ කොළඹ වැසියන් කඳවුරුවලින් පන්නන්න සැරසේ

Image
(2009 දෙසැම්බර් 28 - W3Lanka ) පසු වසරක් තිස්සේ රත්මලාන, මොරටුව වැනි ප්‍රදේශවල තාවකාලික සුනාමි සහන කඳවුරුවල ජීවත් වන අවතැන් වූ ජනතාව එම කඳවුරුවලින් පිට වී යන්නේ නම් රු. 150,000ක්ලබා දීමට රජය කැමැත්ත පළ කර තිබේ. එහෙත්, කදවුරුවාසී ජනතාව පවසන්නේ තමනට ‍කොළඹ දිස්ත්‍රික්කයෙන් එක පර්චසයක ඉඩමක්වත් මිළ දී ගැනීමට මෙම මුදල ප්‍රමාණවත් නො වන බවයි. ඔවුන්ගේ උපන් බිම් වන කොළඹ වෙරළබඩ ප්‍රදේශ සමග ඔවුන්ගේ ආර්ථික හා සමාජ ජීවිතය බද්ධ වී ඇති බැවින් ඔවුහු වෙනත් ඈත ගම්බද ප්‍රදේශ වෙත යාමට ද කැමැත්තක් නො දක්වති. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට පැල්පතක් හෝ ඉදි කර ගැනීම සඳහා කොළඹ අවටින් ඉඩමක් ලබා දෙන ලෙසයි. මෙම අවතැන් කඳවුරු ජනයා අප සමග පැවසූ පරිදි පසුගිය පළාත් සභා මැතිවරණය සමයේ එක්සත් ජාතික නිදහස් සන්ධානයේ අපේක්ෂක දුමින්ද සිල්වා මෙම ජනතා‍වගේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා දෙන බව පොරොන්දු වී ඔවුන්ගේ ඡන්ද ලබා ගත්ත ද මැතිවරණයෙන් පසුව ඔවුන් කෙරෙහි අවධානය යොමු නො කළ බවයි. 2005දී රජය විසින් කරනු ලැබූ විගණනයකින් පෙන්වා දෙනු ලැබුවේ ඒ වන විට වියදම් කර තිබුණේ ලැබුණු ආධාරවලින් 13%ක් පමණක් බවයි. ලංකාවට සුනාමි ආධාර ලෙ...

ඩෙංගු මදුරුවාට බැක්ටීරියා ප්‍රහාරයක්

Image
මදුරු උවදුර මර්දනය කිරීම සඳහා Bti (Bacillus thuringiensis israelensis) නම් බැක්ටීරියාව ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කර භාවිතා කිරීම‍ට කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මේ වන විට ඩෙංගු උවදුර භයානක අන්දමින් රට පුරා පැතිරෙමින් ඇති අතර රෝගීන් සිය ගණනක් මිය ගොස් තිබේ. මදුරුවන් බෝ වන තැන්වලට Bti බැක්ටීරියාව යෙදූ කල එහි බීජානු මගින් නිකුත් කරනු ලබන ප්‍රෝටීනයක් මදුරු කීටයාට අවශෝෂණය වී ඌ ආහාර නොගෙන දින කීපයකින් මිය යන බව goodbug.com වෙබ් අඩවිය පවසයි. හොඳ ප්‍රතිඵල සඳහා එය නිශ්චිත කාල වකවානුවකට වරක් දිගටම යෙදිය යුතුය. මෙම බැක්ටීරියාව මිනිසාට අහිතකර නොවන මුත් එය බොන වතුර සඳහා යෙදීමට නිර්දේශ කර නැත.