පිටකොටු හොකරු නිල් මැස්සන් වී ආපසු ඇවිත්

(2010 දෙසැම්බර් 17, W3Lanka) කොළඹ පිටකොටුව ප්‍රදේශයේ කලක සිට පදික වේදිකාවේ වෙළෙදාම් කරමින් සිටි පදික වෙළෙඳුන්ට උත්සව සමයේ දී පමණක් අද (17) සිට 24 වන දින දක්වා පදික වේදිකාවේ වෙළෙදාම් කිරීමට අවසර දී ඇති බව දිනමිණ වාර්තා කරයි. පොලිස් දෙපාර්තමේන්තුව මගින් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය හරහා මෙම අවසර දී ඇත.


ඔවුන්ට වෙළෙදාමේ කිරීමේ ප්‍රදේශ වශයෙන් අවසර දී ඇති වීදි වශයෙන් නම් කර ඇත්තේ කෙළින් වීදිය ගෑස්පහ හන්දිය දක්වාත් මල්වත්ත පාර, පළමුවන හරස්වීදිය, දෙවනහරස් වීදිය සහ එම වීදිවලට සම්බන්ධ අතුරු පටු මාවත්වලත්ය. මේ සම්බන්ධයෙන් ‘ දිනමිණට’ ප්‍රකාශයක් කළ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අශෝක හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ සංගමයේ ඉල්ලීමට අනුව මේ අවසරය ලැබුණු බවයි.


පදික වේදිකාවෙන් වෙළෙන්දන් ඉවත් කෙරුණේ ඔවුන් පදිකයන්ට හා වාහන ගමනාගමනයට බාධා කරන බව කියමිනි. උත්සව සමය යනු මෙය වැඩියෙන් සිදු වන කාලයකි. පදික වෙළඳුන් විසින් වැඩියෙන් බාධා ඇති කරනු ලබන කාලයකි. එසේ නම්, දැන් පදික වෙළඳුන්ට නැවත අවස්ථාව ලැබී ඇත්තේ ඇයි?


පදික වෙළඳාම ද දැන් සංවිධානගත වී ඇත. සංවිධානය ආණ්ඩුවට සම්බන්ධ ය. පදික වෙළඳාම ද දැන් කළ හැක්කේ ආණ්ඩුවේ අවසර ඇති අයට පමණි.


අවසර ලබා ගත හැක්කේ කෙසේ ද? ආණ්ඩුවට සහයෝගය දැක්වීමෙනි. උද්ඝෝෂණවලට සෙනඟ අවශ්‍ය වූ විට යා යුතු ය. අවශ්‍ය නම් ප්‍රචණ්ඩ ලෙස හැසිරිය යුතු ය.


ලුම්පන් නිර්ධනයන්ට ලුම්පන් ධනපති පංතිය හමු වන තැන පදික වේදිකාව හා පාතාලයයි.

රජය නමැති ධනේශ්වර බූවල්ලාගේ අඬු බඬු විහිදෙන දුර!


Bookmark and Share  
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා