ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමෙන් ජාතික සමගිය ගොඩනැ‍ඟේ ද?

ආනන්ද සමරකෝන්
(2010 දෙසැම්බර් 13, W3Lankaශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිතා කිරීමට බදාදා රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.


ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙම යෝජනාවට විමල් වීරවංශ පූර්ණ සහාය පළ කර තිබේ.


ජාතික ගීයේ දෙමළ අනුවාදය මේ අනුව භාවිතයෙන් ඉවත් වනු ඇත. ලෝකයේ කිසිදු රටක ජාතික ගීය භාෂා ගණනාවකින් නො ගැයෙන බවට ජනාධිපතිවරයා මෙම කැබිනට් රැස්වීමේදී කර ඇති ප්‍රකාශය වැරදි ය. භාෂා රැසක් භාවිතා වන දකුණු අප්‍රිකාවේ ජාතික ගීයේ කොටස් පහක් භාෂා පහකින් ගායනා වේ.


නිල භාෂාවන් හතරක් ඇති ස්විට්සර්ලන්තයේ ජාතික ගීය ඇත්තේ ජර්මානු බසින් මුත් සෙසු නිල භාෂා වන ඉතාලි, ෆ්‍රන්ස හා රොමානිෂ් භාෂාවන්ගෙන් පරිවර්තන ඇත.


නවසීලන්තයේ ජාතික ගීය ඉංග්‍රීසි හා මයෝරි භාෂාවන්ගෙන් යුත් අතර මයෝරි පරිවර්තනය ඉංග්‍රීසි ගීයේ ඍජු අනුවාදය නො වේ. 


අපගේ අසල්වැසි ඉන්දියාවේ ප්‍රධාන භාෂාව හින්දි වුව ද ජාතික ගීය ලියැවී ඇත්තේ සංස්කෘත මුසු බෙංගාලි බසිනි. එය ලියුවේ බෙංගාලි ලේඛක රවීන්ද්‍රනාත් තාගෝර් විසිනි. එහෙත්, අදාළ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාගේ පියවර අනුමත කළ විමල් වීරවංශ පවසා ඇත්තේ ඉන්දියාවේ භාෂාවන් 300ක් පමණ කතා කෙරුණ ද ජාතික ගීය ඇත්තේ හින්දියෙන් පමණක් ය කියා ය. නො දන්නා දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්නවා කියන්නේ මේවාට ය.


ලංකාවේ ජාතික ගීය ද සෑහෙන්න සංස්කෘත මුසු සිංහල බසින් ලියැවුණකි. ලංකාවේ ජාතික ගීය ලියූ ආනන්ද සමරකෝන් නිදි පෙති වැඩියෙන් බී සිය දිවි නසා ගත්තේ ඔහු ලියූ ගීයේ පද ඔහුගේ අවසරයකින් තොරව වෙනස් කළ නිසා යයි අප අසා ඇත.


රටක ව්‍යවහාර වන භාෂා සියල්ල ජාතික ගීයට ඇතුළත් කළ නො හැකි ය. එහෙත්, වැදගත් වන්නේ රටේ ජීවත් වන ජාතීන් සියල්ල එම ගීය ජාතික ගීය ලෙස පිළි ගන්නවාද යන්නයි.


සිංහලයන්ගේ වරද ඇත්තේ ඔවුන් සිංහල ආධිපත්‍යය ප්‍රචණ්ඩ ලෙස සුළු ජාතීන් මත තහවුරු කිරීමට දරන උත්සාහයයි. මෙය කිසි කලෙක සාර්ථක වන්නේ නැත. බලය පාවිච්චි කර ශ්‍රී ලංකාව නමැති රාජ්‍යයක් පවත්වාගෙන යා හැකි ය. එහෙත්, සැබෑ ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟිය නො හැකි ය.


අවසානයේදී සිදු වන්නේ ශ්‍රී ලාංකික යනු සිංහල ජාතියට පමණක් පර්යාය පදයක් වී එකී අනන්‍යතාවෙන් බැහැර වන සුළු ජාතීන් හේතුවෙන් තවත් පරම්පරාවකට ජාතීන්ගේ ප්‍රශ්නයක් ඉතිරි වීම පමණි.
Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. It was a foolish and unnecessary decision.

    ReplyDelete
  2. 14% of UK are Hispanic and speak Spanish. But their anthem is English only.

    Why do you not present the other side of the story?

    ReplyDelete
  3. විමල් දන්න කෙහෙල් මල. ඕකා සම්පූර්න ජාතික ගීයමද දන්නවද කියලත් සැකයි

    ReplyDelete
  4. මට කීමට ඇත්තේ ලියුම් කරු ජාතිය කියන්නේ කුමක්දැයි වත් හරි හැටි නොදන්නා බවය.
    එක් රටකට ජාතීන් කිහිපයක් පැවතිය නොහැක, එක් ජාතියක් සහ අනෙක්වා ජන වර්ගයන්වේ.ඒ නිසා එක් රටක මොන ජාතීය සමගියක්ද???

    ReplyDelete
  5. සිංහල, දෙමළ කියන්නේ ජාතීන් නෙමෙයි ජන වර්ග බවත් අපේ ජාතිය වන්නේ ශ්‍රී ලාංකික ලෙසත් උසස් පෙළ දේශපාලන විද්‍යාවට ඉගැන්වුවා මතකයි

    ReplyDelete
  6. බුරුවෙකුට බුරුවෙකු යැයි පවසන තවත් බුරුවෙක්, මුලින් සදහන් කල බුරුවාගේ වල්ලේ ලගින මැක්කෙකුටත් වඩා අන්තය. (මමත් එසේ විය හැක)
    මා කතා කරනුයේ වෙනෙකෙකු ගැන නොව ආදරණීය පරයා ගැනයි. ඔහු කොහොම කිව්වත් අන්තිමට තේරුම් යන්නේ ලංකාවේ ජාතික ගීය භාෂා කීපයකින් තියෙන්ට ඕනේ කියාය. මේ සදහා ඔහුගේ තර්කය වනුයේ දකුණු අප්‍රිකාව, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ඉන්දියාව, වැනි රටවල් එහෙම කරන නිසා අපිත් එහෙම කල යුතුය යන ලඳ බොළඳ, සීනි බෝල, සුටික්කන්ගේ චුටි ලෝකවලට ගැලපෙන හැලප කතාවක්ය.
    මුලින්ම ඔහු කලපනා කළ යුතු වන්නේ ඉහත සදහන් රටවල් වල පැවතුනු හා පවතින සන්දර්භයන් හා අප රට සසදන්නේ කෙලෙසද යන්නයි. දකුණු අප්‍රිකාව පර සුද්දෝ ලැගල ලැගල කාල හප කරලා එම රටේ මිනිසුන්ව අසාදාරන ලෙසේ තලා පෙලා දැමු රටක්. ලංකාවේ කිසිම ජාතියක් විසින් තවත් ජාතියක් තලා පෙලා නැත. දකුණු අප්‍රිකාව හා ලංකාව සංසන්දය කිරීමෙන් මොහු අර අදින්නේ, මොහුගේ බටහිර ගැති NGO හාම්පුතුන්ගේ මුහුණු ලොකු කිරීමටය. දකුණු අප්‍රිකාවේ වුනත් තවමත් වෙනත් භාෂාවකින් වෙනම ජාතික ගීයක් නොමැත. තවමත් ඇත්තේ ඉංග්‍රීසියෙන් තියන ගීයකට වෙනත් භාෂා වලින් කොටස් අතුලස් කරමින් අප්‍රිකාවේ ගොන් කල්ලන්ට සීනි බෝල කවන්ඩ හදපු ඊනියා අප්‍රිකානු ජාතික ගීයකි. එහි කිසිම අප්‍රිකානුබාවයක් නැත, ඇත්තේ බටහිරයන්ට කරන කන්නලව්වකි.

    ඉන්පසු මොහු ස්විට්සර්ලන්තය ගැන කතා කරයි. ඔබ දත්ත ලබාගත්ත wiki පෙඩියාවේම සදහන් වන්නේ ස්විට්සර්ලන්තයට 1981 වන තෙක් වියවස්තානුකූල ජාතික ගීයක් නොථිබූ බවයි. දැන් තියන එකත් මහා ජනයා විසින් ජාතික ගීය ලෙස දන්නේ අතලොස්සක් පමණකි, ඔවුන් ක්‍රීඩා තරංග වලදී ගයන්නේද වෙනත් ගීයක් එය ගයන්නේ swedish භාසාවෙන් බවත් තමයි සදහන් වෙන්නේ. එම නිසා ඔබේ කතාව ලොකු බොරුවක්. දත්ත සොයාගන්ඩ ටිකක් වෙහෙස වන්න.

    නවසීලන්තය ගැන කියන්ඩ ඇත්තේද දකුණු අප්‍රිකාව ගැන කියපු දේමයි. සුද්දෝ මවුරියන් යටපත් කරගෙන ඉදල ඉඳල, දැන් පොඩ්ඩක් ඔලුව අත ගාන සීන් එකක් තමයි ඕක. එහෙනම් aborigin වරුන්ටත් ඔස්ට්‍රලියාවේ ජාතික ගීයෙන් පංගුවක් ගයන්ඩ උන්ගේ භාසේවෙන් හදන්ට ඕනේ ලොක්කෝ…තව ටික දවසකින් ඔස්ට්‍රලියාවේ ජාතික ගීයට දෙමල කොටසක් එකතු වෙයිද දන්නේ නෑ…

    ඔබ කියන පරිදි ඉන්දියානු ජාතික ගීය බෙන්ගාලියෙන් මුලින් ලියවුනද, විවස්තානුකූලව සම්මතව අද ගායනා කෙරෙනුයේ හින්දියෙන් ය. wiki pedia කොපි කිරීමේදී මෙවෙනි ගැටළු වලට මුහුණ දෙන්ඩ වෙනවා යාළුවා. ඉන්දියානු ජාතික ගීය බෙන්ගාලියෙන් ඔවුන් ගන්නේ නැත. එක්කෝ ඔවුන් ගයන්නේ මොන භාශාවෙන්ද්ද කියා ඔවුන් වත් දන්නේ නැත. විය හැක්‌ක කුමක්ද? ඔබ ටැමිල් නෙට් වෙබ් අඩවිය උපුටා දැක්වුවේ නම් ඉතින් එකත් ලොකු ගොන් කමක් තමයි. බෙන්ගාලි සහ හින්දි යනු එකිනෙකට සහමුලින්ම වෙනස් නොවූ භාෂාවන්ය. දෙකටම ඇත්තේ එකම මූලයකි. දෙමල සහ සිංහල යනු සහමුලින්ම භාෂා දෙකකි. සිංහල යනු ඉන්දෝ-ආර්යන් සම්බවයකුත් දෙමල ද්‍රවීදියානු සම්භාවයකුත් ඇති බව තමයි සදහන් වෙන්නේ. කෙසේ වෙතත් රටකට ජාතික ගීත 2 අනවශ්‍යයි. ඔච්චරම ඕනේ නම් කරන්ඩ ඕනේ දෙමල කෑල්ලකුත් ඔය ජාතික ගීයට රිංගවන එක. ඉතින් ඊට පස්සේ මුස්ලිම් මල්ලිලා කැති පොලු අරන් එවි අරාබියානු භාසවකිනුත් කෑල්ලක් කියන්ඩ ඕනේ කියල…ඔක්කම පැත්තකින් තියල සුද්දන්ගේ පුක හොදන්දත් එක්ක ඉංග්‍රීසියෙනුත් කියමු කියල කවුරුහරි නොකිව්වොත් තමයි පුදුම.

    චූටි පරයෝ…මීට පස්සේ වත් ගොන් කතා කීමෙන් ඔබේ ගොබ්බ කම තහවුරු කරන්ට දඟලන්ඩ එපා.

    ලංකාවේ ජාතික ගීය ගොබ්බයි. එක තමයි ඇත්ත. ආනන්ද සමරකෝන් යනු හොරෙකි. අද කාලයේ ඔහු එම ගීයට එලෙස පද මාලාවක් දැම්ම නම් copy right නීති යටතේ සිර ගත වනවා අනිවාර්යෙන්ම, මන්ද ලංකාවේ ජාතික ගීය, ඉන්දියානු ජාතික ගීය මහා දවාලේ හොරකන් කරගෙන හදපු එකක් බව ඕනෑම එල හරකෙකුට තේරෙන හන්ද. ආනන්ද සමරකෝන්, ඉරාජ් ට වඩා වෙනස් නැත. අඩුම තරමේ ඉරාජ් මලය ආමාරුවෙන් ගැට ගහගෙන හරි ඌගේ කියල දෙයක් කරන්ඩ හදනවා. ආනන්ද සමරකෝන් නිදි පෙති බිව්වා එක ගැන නම් කිසිම පුදුමයක් නැත.

    ReplyDelete
  7. "ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙම යෝජනාවට විමල් වීරවංශ පූර්ණ සහාය පළ කර තිබේ." හික් හික් මිනිහ ජනාධිපතිගේ තීරණ වලට විරුද්ධ වෙලා පාරට බැහැපු අවස්ථා තියෙනවද?

    ඒ වගේම ඉන්දියාවේ භාෂා 300 කට වැඩිය තියෙනව. ඒත් රාජ්‍ය භාෂාව හින්දි භාෂාව විතරයි.
    ඒත් අපේ රටේ සිංහල සහ දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරල. ඉතින් ඒ දෙකෙන්ම ජාතික ගීය ගැයුණට ගැටඵවක් නෑ.

    ReplyDelete
  8. "වැදගත් වන්නේ රටේ ජීවත් වන ජාතීන් සියල්ල එම ගීය ජාතික ගීය ලෙස පිළි ගන්නවාද යන්නයි. "

    ඔන්න හරි තැනට ආවා. දෙමළුන්ට පිළිගන්න නම් ඊලාම් එකේම ජාතික ගීය කියන්න වෙයි. දෙමළු උන් ශ්‍රී ලාංකිකයන් විදියට නොහිතන තාක් කල් මොන භාෂාවෙන් ජාතික ගීය කිවුවත් වැඩක් නෑ. ලේසිම වැඩේ ශ්‍රී ලාංකිකියන විදියට ඉන්න ඕන එවුන් මෙහෙ තියා ගනවා. අනික් උන්ට ඕන තූතුකුඩියක යන්න පුළුවන්. මේක දෙමළුන්ට විතරක් අදාල නෑ. ඔක්කොම එවුන්ට එහෙමයි. සුද්දන්ගේ අසූචිත් සුවඳයි කියන එවුන්ට ගිහින් හතරවන පන්තියේ පුරවැසියන් විදියට ඉන්න අවස්ථාවකුත් දෙමු.

    ReplyDelete
  9. ඔබ දත්ත ලබාගත්ත wiki පෙඩියාවේම සදහන් වන්නේ ස්විට්සර්ලන්තයට 1981 වන තෙක් වියවස්තානුකූල ජාතික ගීයක් නොථිබූ බවයි. දැන් තියන එකත් මහා ජනයා විසින් ජාතික ගීය ලෙස දන්නේ අතලොස්සක් පමණකි, ඔවුන් ක්‍රීඩා තරංග වලදී ගයන්නේද වෙනත් ගීයක් එය ගයන්නේ swedish භාසාවෙන් බවත් තමයි සදහන් වෙන්නේ. එම නිසා ඔබේ කතාව ලොකු බොරුවක්. දත්ත සොයාගන්ඩ ටිකක් වෙහෙස වන්න.

    ReplyDelete
  10. Sri Lanka abolishes Tamil national anthem
    http://www.bbc.co.uk/news/world-south-asia-11980434

    Srilanka abolished the Tamil version of its national anthem
    http://timesofindia.hotklix.com/link/News/World/Srilanka-abolished-the-Tamil-version-of-its-national-anthem-Reach

    ReplyDelete
  11. Nation , Race යන දෙකටම සිංහලෙන් කියන්නේ "ජාතිය" කියලයි. ඒක අවස්ථාව අනුව තේරුම්යන දෙයක්බව මගේ හැගීමයි.
    ජාතික ගීය මොන භාෂාවෙන් ගැයුනත් එහි තනුව සහ සංගීතය නොවෙනස්ව තියෙනවානම් එහිවරදක් නැතිබව මගේ හැගීමයි. හරියට හිංදි සිංදුවක් ඇහෙන විට ඒකේ සිංහල කොපිය අපේහිතට එනවා වගේ තමංගේ භාෂාවෙන් එය මමුනන්න ඕනෑම අයෙකුට පුලුවන්නේ.

    ReplyDelete
  12. මගේ අදහසනම් රටක පැවතිය යුත්තේ එක ජාතික ගීයක් පමණි.නමුත් මෙවැනි දේ වලින් ජනවාර්ගික ගැටලුවට විසඳුමක් හෝ සිංහලය ජනවර්ගයේ සුරැකීමක් ඇතිනොවේ.

    ReplyDelete
  13. "Nation doesn't recognize any divisions" - Thomas Pain.

    So we don't have a nation. We have ethnic and religious groups.

    The rulers know how to manipulate the psyche of majority ethnic community to cover all their sins. Now they have found National Anthem.

    ReplyDelete
  14. /ලේසිම වැඩේ ශ්‍රී ලාංකිකියන විදියට ඉන්න ඕන එවුන් මෙහෙ තියා ගනවා. අනික් උන්ට ඕන තූතුකුඩියක යන්න පුළුවන්./

    මේ කියමනට මම සම්පූර්ණයෙන් එකඟයි. ශ්‍රී ලාංකිකයින් විදියට හිතන්න බැරි එකෙක් වත් තියා ගන්න හොඳ නෑ. හැබැයි රට පටවන්න ගියොත් පටන්ගන්නෙ වෙන්නේ මහින්ද ලොක්කගෙ ඉඳලා. මොකද පොරත් තාම සිංහලයෙක් හැටියට මිසක්කා ශ්‍රී ලාංකිකයෙක් හැටියට හිතන්න පුරුදු වෙලා නැහැ.

    ReplyDelete
  15. "හැබැයි රට පටවන්න ගියොත් පටන්ගන්නෙ වෙන්නේ මහින්ද ලොක්කගෙ ඉඳලා. මොකද පොරත් තාම සිංහලයෙක් හැටියට මිසක්කා ශ්‍රී ලාංකිකයෙක් හැටියට හිතන්න පුරුදු වෙලා නැහැ"
    sinhalayanta wena ratak nathi hinda mehe ma thiyagannawalu... lol

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා