හක්ක පටස්වලින් සතුන් මරන සිංහල බෞද්ධයන් සිටින අපේ ගම්

(2010 දෙසැම්බර් 11, W3Lankaහක්ක පටස් නම් පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් අලි පැටවුන් අටදෙනෙකු පසුගිය දෙමස තුළ මිය ගොස් තිබෙන බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රවංශ පතිරාජ පවසයි. වල් ඌරන් දඩයම් කිරීම සදහා මෙම හක්ක පටස් නමැති පුපුරණ ද්‍රව්‍ය යෙදූ කෑම වර්ග යොදා ගන්නා බව ද ඔහු පවසයි. අලි පැටවු ද මෙම කෑම වර්ග ආහාරයට ගැනීම හේතුවෙන් මියගොස් තිබේ.


අලි පැටවුන්ගේ මුඛය තුළ මෙම ද්‍රව්‍ය පුපුරා යාමෙන් මොළයට හානි වී ක්‍ෂණිකව මිය යන බව වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු පවසති. මීට අමතරව මුවන්, ගෝනුන්ද මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.


හක්ක පටස් යොදා ගනිමින් සතුන් දඩයම් කිරීම නතර කිරීමට පියවර ගන්නා බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් රේඩියෝවට අවධාරණය කළත්, මේවායේ ප්‍රායෝගිකත්වය ප්‍රශ්නකාරී ය.


මෙම ලේඛකයා බස්නාහිර පළාතේ, කලුතර දිස්ත්‍රික්කයේ ඈත ගමක පාසලක් අද්දර වෙලක හක්ක පටස් කා මැරී සිටි මෙවැනි වල් ඌරකු දැක ඇත. මුඛයට ගත් ආහාරය හපා කද්දී හිස පුපුරා මිය ගිය මේ සතා කණගාටුදායක දැක්මකි.


‍මේ පිළිබඳව පාසලෙන් ග්‍රාමසේවකට පැමිණිලි කිරීමෙන් පසු ඔහු පැමිණ පරීක්ෂා කර, ඔහු සිතන අන්දමට, ගොඩ ගෙන ආහාරයට ගත නො හැකි වන පරිදි සතාගේ සිරුරට භූමිතෙල් ගසා වැළලීමට සූදානම් කරමින් සිටියදි වෙනත් පිරිසක් ත්‍රිරෝද රියකින් පැමිණ ඌරා පටවාගෙන ගියහ. ඒ කවුරුද දන්නවා ද? ප්‍රදේශයේ පොලිසියයි. ප්‍රදේශය නම් නො කරන්නේ ඌරාට වූ දෙය මේ ලේඛකයාට සිදු නො වීම පිණිස ය. හැරත් මැරුණු ඌරාගේ කුණ කබරු කෑවත්, පොලිසිය කෑවත් මේ ලේඛකයාට කමක් නැත.


ලේඛකයා නිරීක්ෂණය කර ඇති පරිදි හක්ක පටස් භාවිතා කරන ප්‍රදේශවල 99%ක් ම ජීවත් වන්නේ සිංහල බෞද්ධයෝ ය. මේ ගම්වල පන්සල්වල උදේ හවා මහ හඬින් පිරිත් සජ්ජායනා වේ. ගැමියන් බහුතරයක් ජාතිවාදී පමණක් නො ව දැඩි ලෙස කුලවාදී වෙති. පිරිමි වැඩි දෙනෙක් ගැහැනුන්ට (අතින් පයින්) ගහති. තමන්ගේ මිනිහාගෙන් ගුටි කන එක ඇතැම් ගැහැනුන්ට ආඩම්බරයකි. මිනිහා නො ගහන නිසා එක් ගැහැනියක් වංගෙඩිය බාල්කයේ එල්ලා පද්දා පිට ඇල්ලූ බව ජන කතාවක කියැවේ. 


මේ ගැමියන්ගේ ගැමි සංස්කෘතියේ විශිෂ්ටත්වය ගැන රූපවාහිනී සමාජ විද්‍යාඥයෝ මහ ඉහළින් වර්ණනා කරති. උන් ඉන්නේ කොළඹ ය. මෙම ලේඛකයා ඉන්නේ හද්දා පිටිසර ගමක ය.


සිංහල ගැමියෝ ද වෙනත් ඕනෑ ම ග්‍රාමීය සමාජයක මිනිස්සු සේ ගිජු ලෙස මස් කති. ඉස්සර ඔවුහු ඒ සඳහා උගුල් ඇටවූ හ. දැන් විදුලි බල මණ්ඩලයට හොරෙන් විදුලි රැහැන් ඇද ඌරන් මරති. ලේඛකයාගේ අසල්වැසි තරුණයෙක් මීට වසරකට පමණ පෙර ඌරන් දෙදෙනෙකු මරා ගත් සතුටට විදුලිය විසන්ධි නො කර උන් බලන්න ගොස් ඌරන් ගිය ලොවට ම ගියේ ය. 


ගම්වල හැටි දන්නේ අපි ය. ජැක්සන්ලා, සූරියප්පෙරුමලා දන්න ගම ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. නියම පින්තූරයක්නෙ දාල තියෙන්නෙ,කොහෙන්ද බොලේ හොයා ගත්තෙ.
    නියම කථාව හැබැයි.
    "සනාබෝයි"

    ReplyDelete
  2. අපේ පැත්තෙ සිංහල බෞද්ධයො කරන්නෙ තුවක්කු බැඳීම.

    ReplyDelete
  3. දැන් ගේම ජැක්සන් එක්කද? ඔයාට ජැක්සන්ගෙ අමයිලක් තරම්වත් කල්ල කාරයෙක් වෙන්න බැරි එක ගැන ඉරිසියයි නේ?

    අනික ඔයා ඉන්න මතුගම පැත්තේම තියෙනවා මුස්ලිම් ගමක්. නම මතක නෑ, ඒත් යන්න තියෙන්නෙ අගලවත්ත-හොරණ පාරෙන් හැරිලා, ගී කියන කන්ද කියන ලොකු තේ වත්තකට යන්න තියෙන පාරෙ. අපි දන්න විදියට හක්ක පටස් කෙරුවාවෙ අයියලා තමයි ඔය මුස්ලිම් ගම. අගලවත්ත, වරකාගොඩ, මතුගම, බදුරලිය මුළු පැත්තටම වල් ඌර සප්ලයි එක ඔය ගමෙන්. අපිත් ඔහේ ඉඳලා තියෙනවා මහත්තයෝ. බොරු විදින්න විතරක් ලෑස්ති වෙන්න එපා. අනික ගී කියන කන්දේ ඉන්න දෙමළ සෙට් එකේ ඌරො මැරිල්ල, ඉංගිරියේ රයිගම් වත්තේ ඌරෝ මැරිල්ල ගැන මගේ කට අවුස්ස ගන්න එපා.

    ReplyDelete
  4. වල් ඌරෙකුත් කුලප්පුවෙලා ඒ අස්සෙ.

    ReplyDelete
  5. @Anonymous

    වල් ඌරන් හො අලි මිනිසුන්ගේ ජාති ගැන දන්නේ නැත. එහෙයින් උන් ජීවිත පරිත්‍යාග කිරීම සඳහා මුස්ලිම් හෝ දෙමළ හෝ කම් සොයා යන්නේ නැත. ලංකාවේ ගම්වලින් බහුතරයක් සිංහල බෞද්ධයන් වෙසෙන ඒවා ය යන්න දත්තයකි.

    සිංහල බෞද්ධයන් වැරදි ක්‍රියාවල යෙදෙන විට, ඒවා කරන්නේ මුස්ලිමුන් හා තමිලුන් යයි කීමෙන් හෝ වෙනත් ජාතීන් මීට වඩා වැරදි කරනවා යයි කීමෙන් හෝ සිංහල ජාතියට කිසිදු සෙතක් අත් වන්නේ නැත.

    මිනිසකු හොඳ හෝ නරක වන්නේ ජාතිය නිසා නො වේ. ඒ මිනිසා‍ගේ ගුණධර්ම නිසා ය. සෑම ජාතියක ම හොඳ මිනිස්සු මෙන් ම නරක මිනිස්සු ද වෙසෙති.

    කන කෑම තුළ පුපුරන ද්‍රව්‍ය සඟවා මේ අන්දමින් සතුන් මැරීම ශිෂ්ටත්වයේ කිසිදු මිම්මකින් සාධාරණීකරණය කළ නො හැක.

    විශේෂයෙන් ම බෞද්ධයන් තම පරිසරයේ මෙවැනි ක්‍රියා සිදු වීම පිළිබඳ ලජ්ජා විය යුතු ය.

    ReplyDelete
  6. Don't spread the news..."Hakka Pattas" would come with the Bread in market...to solve the Piti Thrasthawadaya...

    ReplyDelete
  7. W3L;

    There is no racial barrier for evil and wrong. Pls don't waste your time in pointing that. As you said the situ is pathetic and unless they start a move to stop HP production I see o other way to ctrl.

    Also I agree taht Jathika Rupavahiniya based "gama" concept can only be found in few govt created "gama " in Battaramulla. I was born in a village, but none of the speakers in gama program were born in villages. We know what happens in villages for both good and bad.

    Still your targetting of Sinhala-Baudda group only is not right. We just had Munnesvaram massacre 3 mnths ago.

    ReplyDelete
  8. Oh Editor ,ure wonderful!!

    ReplyDelete
  9. I agree with Vipul Pathiraja, වල්ඌරෙක් කුලප්පු වෙලා කියල හොඳටම පැහැදිලියි.W3 ඕවට උත්තර බඳින්න කාලෙ නාස්ති කරන එකේ තේරුමක් නෑ.
    "සනාබෝයි"

    ReplyDelete
  10. සිංහල බෞද්ධයෝ පිරිලා ඉන්න ගමේ ඉන්න එකම "නානා ලෙබ්බේ" දෙන ගේම් වලට ගමේ උන් පලි නෑනේ...බඩු ඔක්කොම යන්නේත් බේරුවලට!

    ReplyDelete
  11. @AnonymousMuslim minissu kavadada ooy uuru mas kave?

    ReplyDelete
  12. අනේ ඩොන්! තම්බි දෙන ගේම් උඹලා දන්නේ නෑනේ....

    ReplyDelete
  13. හක්‌ක පටස්‌ 22 ක්‌ සමග සැකකරුවෝ
    5 දෙනෙක්‌ සෝමාවතී වනයේදී දැලේ

    කන්තලේ - ඩබ්ලිව්. ඇම්. වික්‍රමසිංහ

    ඉතාමත් කෲර ලෙස වන සතුන් මරා මස්‌ කිරීමට යොදා ගන්නා "හක්‌ක පටස්‌" 22 ක්‌ සමග පුද්ගලයන් පස්‌ දෙනකු පෙරේදා (18 දා) මින්නේරිය කළු ගඟ ආශ්‍රිත සෝමාවතී ජාතික වනෝද්‍යාන රක්‍ෂිතයේදී අත්අඩංගුවට ගැනීමට කන්තලේ වනජීවී අලි පාලන ඒකකයේ නිලධාරීහු සමත් වූහ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්‌ගොඩ වඩිගවැව, අඹගස්‌වැව ප්‍රදේශයන්හි පදිංචි යූ. ඊ. නිශාන්ත රත්නායක, එච්. බී. රසික වසන්ත, ආර්. උපනන්ද, ඩබ්. පී. යසපාල, කේ. එම්. ජයරුක්‌ නමැත්තන්ය.

    හක්‌ක පටස්‌ 22 ක්‌ සමග උදැල්ලක්‌, පොරවක්‌, පිහියක්‌ හා හාල්පිටි කිලෝ 3 1/2 ක්‌ ද අත්අඩංගුවට ගෙන ඇත.

    කන්තලේ වනජීවී අලි පාලන ඒකකයේ අඩවි සහකාර ඡේ. ඒ. පී. විජයකුමාර, වන සත්ව නියාමකයන් වන ටී. ඇම්. සෙනවිරත්න, එස්‌. එම්. විජයසිරි. කේ. එම්. පද්මසිරි, ධම්මික වනසිංහ, බී. ඇම්. පියසිරි යන නිලධාරීහු මෙම වැටලීම සිදුකොට ඇති අතර, සැකකරුවන් ඊයේ (19 දා) හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.

    (දිවයින 2010-12-20)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා