හක්ක පටස්වලින් සතුන් මරන සිංහල බෞද්ධයන් සිටින අපේ ගම්
( 2010 දෙසැම්බර් 11, W3Lanka ) හක්ක පටස් නම් පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් අලි පැටවුන් අටදෙනෙකු පසුගිය දෙමස තුළ මිය ගොස් තිබෙන බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රවංශ පතිරාජ පවසයි. වල් ඌරන් දඩයම් කිරීම සදහා මෙම හක්ක පටස් නමැති පුපුරණ ද්‍රව්‍ය යෙදූ කෑම වර්ග යොදා ගන්නා බව ද ඔහු පවසයි. අලි පැටවු ද මෙම කෑම වර්ග ආහාරයට ගැනීම හේතුවෙන් මියගොස් තිබේ. අලි පැටවුන්ගේ මුඛය තුළ මෙම ද්‍රව්‍ය පුපුරා යාමෙන් මොළයට හානි වී ක්‍ෂණිකව මිය යන බව වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු පවසති. මීට අමතරව මුවන්, ගෝනුන්ද මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. හක්ක පටස් යොදා ගනිමින් සතුන් දඩයම් කිරීම නතර කිරීමට පියවර ගන්නා බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් රේඩියෝවට අවධාරණය කළත්, මේවායේ ප්‍රායෝගිකත්වය ප්‍රශ්නකාරී ය. මෙම ලේඛකයා බස්නාහිර පළාතේ, කලුතර දිස්ත්‍රික්කයේ ඈත ගමක පාසලක් අද්දර වෙලක හක්ක පටස් කා මැරී සිටි මෙවැනි වල් ඌරකු දැක ඇත. මුඛයට ගත් ආහාරය හපා කද්දී හිස පුපුරා මිය ගිය මේ සතා කණගාටුදායක දැක්මකි. මේ පිළිබඳව පාසලෙන් ග්‍රාමසේවකට පැමිණිලි කිරීමෙන් පසු ඔහු පැමිණ පරීක්ෂා කර, ඔ...