Posts

Showing posts with the label ගම

ගැමිකම යනු උත්කර්ෂයට නංවන්නට තරම් උතුම් දෙයක් නො වේ

Image
එප්පාවල කලක් ප්‍රසිද්ධව තිබුණේ පොස්පේට් නිධිය හා එය චන්ද්‍රිකාගේ ආණ්ඩුව විසින් ඇමරිකන් සමාගමකට විකිණීම සඳහා දරන ලද තැත වැළැක්වීම පිණිස ගල්කන්ද පුරාණ රජමහා විහාරයේ නායක හාමුදුරුවන් වූ මහමාන්කඩවල පියරතන හිමියන්ගේ නායකත්වයෙන් දියත් වූ අරගලය නිසා ය. ලංකාවේ බොහෝ ප්‍රගතිශීලී සංවිධාන මෙම හිමියන්ගේ උද්ඝෝෂණවලට සහාය දීම සඳහා එප්පාවලට පැමිණිය හ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ එප්පාවල පොස්පේට් නිධියට යම් සුරක්ෂිතබවක් ලැබී තිබේ. එය ප්‍රයෝජනයට ගැනීම සඳහා හෙවත් පොහොර නිපදවීම සඳහා පිහිටුවන ලද සමාගමේ අධයක්ෂ මණ්ඩලයේ එප්පාවල හාමුදුරුවෝ ද සිටිති. මෙම කම්හලෙන් තවමත් වැඩිපුර නිපදවන්නේ රොක් පොස්පේට් බව ද, කෙටි කාලීන බෝග සඳහා යොදා ගත හැකි, පහසුවෙන් පසට අවශෝෂණය වන සිංගල් සුපර් පොස්පේට් නිපදවන්නට අවශ්‍ය ප්‍රාග්ධනය සමාගමට නැති බව වාර්තා වේ. ඒ දිනවල එප්පාවල පොස්පේට් නිධිය රැක ගැනීමේ අරගලයට සහභාගි වන්නට අප ගිය සුන්දර ගැමි එප්පාවල පෙදෙස අද ප්‍රසිද්ධ වී ඇත්තේ සමූහ මිනීමැරුමුවලට ය. මේ අලුත් ම සමූහ මිනීමැරුමයි. කියවන්න දිවයින. මේ උපුටා ගත් කොටසකි. "සෑර් කාලයක්‌ තිස්‌සේ මම ඉඩම් නඩුවකට පැටලී ඉන...

හක්ක පටස්වලින් සතුන් මරන සිංහල බෞද්ධයන් සිටින අපේ ගම්

Image
( 2010 දෙසැම්බර් 11,  W3Lanka )  හක්ක පටස් නම් පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් අලි පැටවුන් අටදෙනෙකු පසුගිය දෙමස තුළ මිය ගොස් තිබෙන බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රවංශ පතිරාජ පවසයි. වල් ඌරන් දඩයම් කිරීම සදහා මෙම හක්ක පටස් නමැති පුපුරණ ද්‍රව්‍ය යෙදූ කෑම වර්ග යොදා ගන්නා බව ද ඔහු පවසයි. අලි පැටවු ද මෙම කෑම වර්ග ආහාරයට ගැනීම හේතුවෙන් මියගොස් තිබේ. අලි පැටවුන්ගේ මුඛය තුළ මෙම ද්‍රව්‍ය පුපුරා යාමෙන් මොළයට හානි වී ක්‍ෂණිකව මිය යන බව වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු පවසති. මීට අමතරව මුවන්, ගෝනුන්ද මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. හක්ක පටස් යොදා ගනිමින් සතුන් දඩයම් කිරීම නතර කිරීමට පියවර ගන්නා බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් රේඩියෝවට අවධාරණය කළත්, මේවායේ ප්‍රායෝගිකත්වය ප්‍රශ්නකාරී ය. මෙම ලේඛකයා බස්නාහිර පළාතේ, කලුතර දිස්ත්‍රික්කයේ ඈත ගමක පාසලක් අද්දර වෙලක හක්ක පටස් කා මැරී සිටි මෙවැනි වල් ඌරකු දැක ඇත. මුඛයට ගත් ආහාරය හපා කද්දී හිස පුපුරා මිය ගිය මේ සතා කණගාටුදායක දැක්මකි. ‍මේ පිළිබඳව පාසලෙන් ග්‍රාමසේවකට පැමිණිලි කිරීමෙන් පසු ඔහු පැමිණ පරීක්ෂා කර, ඔ...