කේරළෙන් පොල් - පොල්ලෙන් රෝග

(2010 දෙසැම්බර් 25, W3Lankaපුංචි කාලයේ බොහෝ දෙනෙකු ලියූ රචනාවක් පටන් ගැනුණේ 'පොල් ගස වනාහි තාල වර්ගයට අයත් ගසකි' යනුවෙනි. 


එහෙක්, පොල් ප්‍රශ්නය වනාහි එලොව පොල් පෙන්වන එකකි. පොල් කිරට, පොල් තෙලට, පොල් සම්බෝලයට, මැල්ලුමට හුරු පුරුදු ලාංකීය කටවලට පොල් නැතිව රස නො දැනේ. 


පොල් ඉඩම් කට්ටි කර නිවාස ඉදි කිරීම පිණිස වෙන්දේසි කිරීමේ විශේෂඥයකු වූ ජානක බෝගොල්ලාගමගේ සහෝදර රෝහිත බෝගොල්ලාගම පසුගිය කාලයේ මේ ආණ්ඩුවේ විදේශ ඇමති විය. 


දැන් ආණ්ඩුව පොල් සංවර්ධන මණ්ඩලයේ අවසරයෙන් තොරව පොල් ගස් කැපීම තහනම් කර ඇත.. පසුගිය දිනෙක අප මිතුරියකගේ නිවසට ගිය විට ඇගේ සැමියා මහත් ආඩම්බරයෙන් කීවේ තවමත් ඉදි කරමින් තිබූ ඒ නිවසේ වහල සම්පූර්ණයෙන් ම පොලිෂ් කළ පොල් ලී බවයි. 'ඉතින් ඒක බලන්න ඉනිමඟක් තියලා වහලට නඟින්න එපායැ'යි මගේ බිරිඳ එන අතර කීවා ය. තව ටික කලක් යන විට අර වහල ද සෑහෙන වටිනා කියන එකක් වනු ඇත. 


පොල් ගෙඩිය නැග්ග නැඟිල්ලේ තරම කෙතරම් ද යත්, ආණ්ඩුවට පොල් කඩන්නට ගස් බඩ ගාන්නට හා පොල් විකුණන්නට ද සිදු වී ඇත. ආණ්ඩුවේ පොල් ලොරිය එනකල් කොළඹ මිනිස්සු බලා ඉන්නේ 1970-77 කාලයේ සමුපෙට චීත්ත එනකල් බලා සිටියා සේ ය. 


එක් කලෙක පොල් ලංකාවේ තුන්වන ප්‍රධාන අපනයනයයි. දැන් කේර‍ළෙන් ලංකාවට පොල් ආනයනය කෙරෙන තත්වයට පොල් සංවර්ධන මණ්ඩලය පොල් වගාව සංවර්ධනය කර ඇත. දැන් පොල් සංවර්ධනය කරන සභාපති සරත් කීර්තිරත්න වනාහි විශ්වකර්ම බැසිල් රාජපක්ෂගේ කකුලකි. ඒ නිසා බය වෙන්නට දෙයක් නැත. 


පොල් ත්‍රිකෝණයේ එක් කෝණයක් වන කුරුණෑගල නියෝජනය කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමති පොල් ආනයනය කරයි. පොල් සමග පොල් රෝග ද ආනයනය වනු ඇතැයි කෘෂි විද්‍යාඥයෝ බිය වී සිටිති. 


ලංකාවේ දකුණු පළාතේ දැනටත් දරුණු පොල් රෝගයක් පැතිර යයි. ඒ නිසා බෙන්තර ග‍ඟෙන් මෙහා පැත්තට පොල් අත්තක්වත් ගෙන ඒම තහනම් ය. 


කේරළය වනාහි පොල් රෝග විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති ප්‍රදේශයකි. අපි කේරළෙන් පොල් සමග පොල් රෝග ද ගෙන්වමු. 


එම්. එස්. ප්‍රනාන්දුගේ පැරණි බයිලාවක මෙසේ කියැවේ. 


'පොල් පොල් පෙපොල් පොල් පොපොල් පොල්
ලංකාවෙ වතුවල වැවෙන පොල්'


එන්න අපි බයිලා නටමු. දුර නො බලමු. ළඟ බලමු. ආණ්ඩුවට ඕනැ කුජීතයක් කර ගන්නට දී බලා සිටිමු. 
Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අඩුම ගානේ මේ ආණ්ඩුවේ වෙළඳ ඇමතියා බන්දුල ගුණවර්දන තියරියවත් පාවිච්චි කලේ නෑ.බන්දුලයා කිව්වා කිරිපිටි මිල උස්සන වෙලාවේ කිරි පිටි බොන උන්ට දියවැඩියාව හැදෙනවා.පාන්පිටි කෑවම දියවැඩියාව හැදෙනවා.වැඩ බැරි එකාලට ඒ වගේ හරි තර්ක තිබුණා.ජොණියාට එහෙමවත් නෑ.ඇයි ඉස්කෝලේ නවයේ පංතියට විතරනේ ගිහිං තියෙන්නේ.ලංකාවේ පාරිභෝගිකයින්ට දිඨ්ටධම්ම වේදනිය කර්මය පඩිසං දිලා,ඒකොහොමද කියලා නම් අහන්න එපා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා