ජොනීගේ ඇනීම හා සරත් නන්දගේ ඇන ගැනීම
දූෂිත පාලකයන් ගැන විමර්ශන කළ යුත්තේ පොලිසිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වැනි මහජන ආයතනයි. ඊට අමතරව, ජනමාධ්‍යවලටද එහිදී සුවිශේෂ වගකීමක් තිබේ. එහෙත්, එවැනි ආයතන පාලකයන්ගේ පාලනයට නතු වී තිබෙන සංදර්භයකදී පාලකයින්ගේ දූෂණ ගැන විමර්ශන සිදු වන්නේ නැත. විමර්ශන පසෙක තිබියදී චෝදනා එල්ල කරන මහජනයාට, මහජන නියෝජිතයන්ට හා ජනමාධ්‍යවලට ද යහතින් ඉන්නට ඉඩ සැලසෙන්නේ නැත. දූෂිත පාලකයන් හැම විට ම තමන් වටා තවත් දූෂිතයන් රොත්තක් රැස් කර ගනියි. මහජන මුදලින් යැපෙන මේ සොරු මහ හොරාගේ ආරක්ෂක පලිහ වෙති. මහ හොරාගේ ආරක්ෂාව තමන්ගේ ද ආරක්ෂාව බව ඔවුහු දනිති. පළමු වීඩියෝවෙහි සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු රඟන්නේ එම භූමිකාවයි. දෙවන වීඩියෝවේ සිටින සරත් නන්ද සිල්වා රඟන්නේ කුමන භූමිකාවක් ද යන්න පැහැදිලි නැත. ඔහු පුනරුත්ථාපනය වී තිබේ ද? ඔහු කරන ප්‍රකාශය තුළ ද වැදගත් කාරණයක් තිබේ. මාධ්‍ය වාර්තා මත පදනම්ව නඩු පැවරිය නො හැකි බව කියා සරත් නන්ද සිල්වා සිය පැරණි මිතුරා වූ මහින්ද රාජපක්ෂ සුනාමි අරමුදල් වංචා නඩුවෙන් බේරා ගත්තේ ය. ඒ සුනාමි අවස්ථාවේ අග්‍රාමාත්‍ය අරමුදල නම් රාජ්‍ය අරමුදලට ලැබුනු රුපියල් මිලියන 82ක අරමුදල් නීත...