Posts

Showing posts with the label පොල්

තේ හා රබර් සහතික මිළ හෙවත් ආණ්ඩුවේ නිරුවත

Image
තේ හා රබර් වෙනුවෙන් සහතික මිළක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වන විට තේ හා රබර් මිළ තියුණු ලෙස පහත වැටී තිබේ. තේ අස්වැන්න විකුණා ගැනීම පවා ප්‍රශ්නයක් වී තිබේ. කර්මාන්තශාලාවලින් මිළ දී ගනු ලබන්නේ හොඳම තේ දළු පමණි. එයින් විශේෂයෙන් ම කුඩා වතු හිමියෝ මහත් අර්බුදයට පත් වී සිටිති. ලෝක වෙළඳපොළේ තෙල් මිළ පහත වැටීම මෙසේ තේ හා රබර් මිළ පහත වැටීමට හේතු වී තිබේ. එක පැත්තකින් කෘත්‍රිම රබර් මිළ පහළ බසින අතර, අනෙක් පැත්තෙන් තේ සඳහා ඉල්ලුම අඩු වී තිබේ. ලෝක වෙළඳපොළේ තෙල් මිළ පහත වැටෙන විට ලංකාවේ ද තෙල් මිළ පහත වැටෙනවා නම් එම ප්‍රතිලාභය දේශීය වගාකරුවන්ට හා තේ, රබර් නිෂ්පාදකයන්ටත් ලැබේ. එහෙත්, රජය කරන්නේ තෙල් මිළ කෘත්‍රිමව ඉහළ තබාගෙන අධික ලෙස ලාභ ලැබීමයි. දැන් කරන්නට යන්නේ එසේ ලබන ලාභයෙන් කොටසක් යොදවා තේ හා රබර් මිළ ස්ථාවර කිරීමයි. එහෙත් එය ඉතා අසාර්ථක ක්‍රමවේදයකි. මෙම සහතික මිළ වෙළඳපොළේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. වීවල සහතික මිළ ක්‍රියාත්මක වන්නේ වී අලෙවි මණ්ඩලය, සතොස, සමුපකාර සමිති ආදිය හරහා වී මිළ දී ගැනීම හරහා ය. එහෙත්, ඒ හා සම්බන්ධ ගැ...

කේරළෙන් පොල් - පොල්ලෙන් රෝග

Image
( 2010 දෙසැම්බර් 25,  W3Lanka )  පුංචි කාලයේ බොහෝ දෙනෙකු ලියූ රචනාවක් පටන් ගැනුණේ 'පොල් ගස වනාහි තාල වර්ගයට අයත් ගසකි' යනුවෙනි.  එහෙක්, පොල් ප්‍රශ්නය වනාහි එලොව පොල් පෙන්වන එකකි. පොල් කිරට, පොල් තෙලට, පොල් සම්බෝලයට, මැල්ලුමට හුරු පුරුදු ලාංකීය කටවලට පොල් නැතිව රස නො දැනේ.  පොල් ඉඩම් කට්ටි කර නිවාස ඉදි කිරීම පිණිස වෙන්දේසි කිරීමේ විශේෂඥයකු වූ ජානක බෝගොල්ලාගමගේ සහෝදර රෝහිත බෝගොල්ලාගම පසුගිය කාලයේ මේ ආණ්ඩුවේ විදේශ ඇමති විය.  දැන් ආණ්ඩුව පොල් සංවර්ධන මණ්ඩලයේ අවසරයෙන් තොරව පොල් ගස් කැපීම තහනම් කර ඇත.. පසුගිය දිනෙක අප මිතුරියකගේ නිවසට ගිය විට ඇගේ සැමියා මහත් ආඩම්බරයෙන් කීවේ තවමත් ඉදි කරමින් තිබූ ඒ නිවසේ වහල සම්පූර්ණයෙන් ම පොලිෂ් කළ පොල් ලී බවයි. 'ඉතින් ඒක බලන්න ඉනිමඟක් තියලා වහලට නඟින්න එපායැ'යි මගේ බිරිඳ එන අතර කීවා ය. තව ටික කලක් යන විට අර වහල ද සෑහෙන වටිනා කියන එකක් වනු ඇත.  පොල් ගෙඩිය නැග්ග නැඟිල්ලේ තරම කෙතරම් ද යත්, ආණ්ඩුවට පොල් කඩන්නට ගස් බඩ ගාන්නට හා පොල් විකුණන්නට ද සිදු වී ඇත. ආණ්ඩුවේ පොල් ලොරිය එනකල් කොළඹ මිනිස්සු බලා ඉන්නේ 1970-77 කාලයේ සමු...

එලොව පොල් පෙන්වන පොල් පෝලිම

Image
( 2010 දෙසැම්බර් 02,  W3Lanka )  රටේ සාමාන්‍ය ජනතාව ජීවන වියදම සමග කරන අරගලයේ තරම පෙන්වන ඡායාරූප පෙළක් ලංකා ටෲත් වෙබ් අඩවියේ පළ වී ඇත. පොල් සංවර්ධන මණ්ඩලය අඩු මිළට හෙවත් රු. 30ට දෙන වෙළඳපොලේ රු. 45ක් 50ක් වන පොල් ගැනීම සඳහා මිනිස්සු එලොව පොල් පෙනෙන තරම් දිග පෝලිම්වල රැඳී සිටින ආකාරය එම ඡායාරූපවල චිත්‍රනය වී ඇත. මෙවන් දිගු පෝලිමක දිගු වේලාවක් ගිනි අව්වේ රැඳී සිටීමෙන් ඔවුන්ට ලැබෙන ලාභය රු. 100ක් පමණ ය. මන්ද, එක් අයෙකුට දෙන්නේ පොල් ගෙඩි පහක් පමණක් බැවිනි. රු. 100ක් යනු කෙතරම් වටිනා මුදලක් ද යන්න ලංකාවේ පාලකයන්ට නම් තේරුම් ගන්නට බැරි ය. Bookmark, remember easily and come again   www.w3lanka.com