Posts

Showing posts with the label ලුම්පන් ධනපති

පිටකොටු හොකරු නිල් මැස්සන් වී ආපසු ඇවිත්

Image
( 2010 දෙසැම්බර් 17,  W3Lanka ) කොළඹ පිටකොටුව ප්‍රදේශයේ කලක සිට පදික වේදිකාවේ වෙළෙදාම් කරමින් සිටි පදික වෙළෙඳුන්ට උත්සව සමයේ දී පමණක් අද (17) සිට 24 වන දින දක්වා පදික වේදිකාවේ වෙළෙදාම් කිරීමට අවසර දී ඇති බව දිනමිණ වාර්තා කරයි. පොලිස් දෙපාර්තමේන්තුව මගින් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය හරහා මෙම අවසර දී ඇත. ඔවුන්ට වෙළෙදාමේ කිරීමේ ප්‍රදේශ වශයෙන් අවසර දී ඇති වීදි වශයෙන් නම් කර ඇත්තේ කෙළින් වීදිය ගෑස්පහ හන්දිය දක්වාත් මල්වත්ත පාර, පළමුවන හරස්වීදිය, දෙවනහරස් වීදිය සහ එම වීදිවලට සම්බන්ධ අතුරු පටු මාවත්වලත්ය. මේ සම්බන්ධයෙන් ‘ දිනමිණට’ ප්‍රකාශයක් කළ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අශෝක හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ සංගමයේ ඉල්ලීමට අනුව මේ අවසරය ලැබුණු බවයි. පදික වේදිකාවෙන් වෙළෙන්දන් ඉවත් කෙරුණේ ඔවුන් පදිකයන්ට හා වාහන ගමනාගමනයට බාධා කරන බව කියමිනි. උත්සව සමය යනු මෙය වැඩියෙන් සිදු වන කාලයකි. පදික වෙළඳුන් විසින් වැඩියෙන් බාධා ඇති කරනු ලබන කාලයකි. එසේ නම්, දැන් පදික වෙළඳුන්ට නැවත අවස්ථාව ලැබී ඇත්තේ ඇයි? පදික වෙළඳාම ද දැන් සංවිධානගත වී ඇත. සංවිධානය ආණ්ඩුවට සම්බ...

කෝටි හතේ මංකොල්ලය හා ලුම්පන් ධනපති පංතිය | Rs. 70 million robbery and lumpen bourgeoisie of Sri Lanka

Image
( 2010 ඔක්තෝබර් 08,  W3Lanka )  පසුගිය සැප්තැම්බර් 24දා වත්තල, තෙළඟපාත ප්‍රදේශයේදී සිදු වූ කෝටි හතේ මංකොල්ලය පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසිය තවමත් අසමත් ය. මේ අතර අපූරු කට කතා පැතිරෙමින් තිබේ. මේ එක් කටකතාවක් වෙබ් අඩවියක පුවතක් ලෙස පළ කර තිබිණි. කටකතා පතුරුවන්නන් වන්නට අවශ්‍ය නැති නිසා අපි ඒ කතා කිසිවක් පළ නො කරන්නෙමු. කටකතාවල මෙම මංකොල්ලය පිළිබඳ කරන අනුමාන සම්බන්ධයෙන් අපට කීම‍ට ඇත්තේ අප ඒවා විශ්වාස නො කරන බවයි. මක් නිසා ද යත්, කෝටි හත මේ අපට ඔහෙලාට හිතා ගන්න බැරි ගණනක් වුණාට උන්නැහේලාට නම් නතිං ය. මෙවැනි කටකතා පැතිර යන්නේ මන්දැයි විමසූ කල එක් දේශපාලනික මිත්‍රයෙකු පැවසුවේ බලයේ සිටින්නේ ලුම්පන් ධනපති පංතියක් නිසා ඔවුන්ගේ ක්‍රියාකලාපය මාෆියා ස්වරූපී හෙයින් මෙවැනි කතා පැතිර යන බවයි. අපේ මිතුරා විසින් භාවිතා කරන ලද  ලුම්පන් ධනපති පංතිය යන්න  වචන තුනෙන් ලංකාවේ වත්මන් සමාජ ක්‍රමය කදිමට විග්‍රහ කෙරේ. ලුම්පන් ධනපති පංතිය හෙවත් Lumpenbourgeoisie යන පදය මුලින් ම වැඩිපුර භාවිතා කර තිබෙන්නේ 70 දශකයේ මුල් භාගයේ අන්ද්‍රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක්ගේ ලේඛන...