මිනිස් කසල බැහැර කරන නවතම ක්‍රමය ගල්වලින් ඔලු තලා සිඟන්නන් මැරීම

(2010 ජුනි 16, W3Lanka)  මෑතක සිට ලංකාවේ සිඟන්නන්ට මාරක අපල කාලයක් උදා වී තිබේ. 


නිදා සිටින විට සිඟන්නන්ගේ හිස මතට හිටි ගමන් දැවැන්ත ගල් පත බෑවේ. මේ අන්දමින් සිඟන්නන් ගණනාවක් පසුගිය දිනවල අවසන් ගමන් ගිය හ. 


මෙහෙම වන්නේ ඇයි ද යන්න අපට තේරෙන හැටියට නම් මෙසේ ය.


සිඟන්නන්ගේ හිස ගල්වලින් තලා පොඩි කර මරා දමන්නේ ඔවුන් වෙනුවෙන් වෙඩි උණ්ඩයක් වැය කිරීම තේරුමක් නැති යයි සිතන නිසා විය හැකි ය. මන්ද, අපේ බ්ලොගයේ අදහස් දක්වන ඇතැමුන් පවා සිතන්නේ සිඟන්නන් මේ රටේ පුරවැසියන් නො වන ආදි කාලීන වහලුන්ගේ නූතන ස්වරූපයක් ය කියා ය. 


සිඟන්නකුට වෙඩි තැබූ විට ඒ වෙඩි හඬින් මේ සිඟන්නන් ජීවත් වන කොලොම් පුරයේ ඉසුරුමතුන්ගේ සාමකාමී නින්ද කැඩෙන්නට පුළුවන. 


රෑට ගල්වලින් හිස තළා පොඩි කර මරා දමන මෙම අද්භූත පිල්ලුව පිළිබඳ සිගන්නන් දන්නා දේ ගැන අසන්නට ජනමාධ්‍යවලට උවමනාවක් නැති බැවින් සිඟන්නන්ගේ කතාව කවුරුවත් දන්නේ නැත.


සිගන්නා මිනිසකු නො වන බැවින් හා ඔහුගේ ජීවිතය සතකුට ද අන්ත බැවින් ඔහු මරා දැමීම පිළිබඳ මේ බුදුන්ගේ දේශයයි කියා වාහනවල ස්ටිකර් ඇලවෙන රටේ ආගමික නායකයින්වත් කතා කරන්නේ නැත. 


සිඟන්නන්ගේ හිස ගල්වලින් තළා මරා දැමීම සිඟනමැරුමක් මිස මිනීමැරුමක් නො වන නිසා පොලිසිය ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේ නැත. ඕනෑ නම් තවත් සිඟන්නකු අල්ලා සෙසු සිඟන්නන් මෙසේ මරා දැමුවේ තමන් යයි කියවා ඒ පිළිබඳ පුවත්පතක ලියැවිය හැකි ය. පසුගිය දිනෙක මෙසේ සිඟන්නන්ගේ ඔලු තැලූ සිඟන්නකු අත්අඩංගුවට ගත් බව කියැවිණි. මේ ඔලු තලන්නා හැර තවත් ඔලු තලන්නන් සිටිත් ද? 


මේ වන විට සිඟන්නන් අතර තද බල භීෂණයක් පැතිර තිබේ. ඇතැමුන් සිඟා කෑම එපා වී සිටින මුත් කුමාරතුංග මුනිදාසගේ කවි කියවා නැති නිසා ඊළඟට තිබෙන්නේ මර ගී ගයා ලැගීම බව නො දනිති. 


අලුත්, අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නඟී කියා කුමාරතුංග කීවේ ය. අපි නගින නැඟිල්ලේ තරම සිඟන්නන් වැනි මිනිස් කසල බැහැර කිරීම සඳහා අප සොයාගෙන ඇති මේ නව ක්‍රමයෙන් ප්‍රදර්ශනය වේ. 


මෙවැනි දේ පාදඩ පාලනයන් සහිත වෙනත් රටවල ද සිදු වේ. ලංකාවේ වෙනස ඇත්තේ අර කලින් කී අන්දමේ ස්ටිකර් අලවන එකයි. 


ලංකාව වැනි හිඟන රටවල්වලට ද මේ දේ ම කිරීමට ධනවත් රටවල් තීරණය කළහොත් සිදු වන්නේ කුමක්ද? 


Bookmark and Share
You may also like to visit our English Blog Lanka Polity

Comments

  1. ලංකාව වැනි හිඟන රටවල්වලට ද මේ දේ ම කිරීමට ධනවත් රටවල් තීරණය කළහොත් සිදු වන්නේ කුමක්ද?
    wadinnama deela thiyenawa..
    Dinuka

    ReplyDelete
  2. It is understandable that W3 feels sorry for the beggars. Are there any more? Begging in Sri lanka is a big business and it is a mafia itself. On the other hand they are a nuisance to many. I doubt police can do any thing or they have time, since they are not tackilng down legitimate issues or complaints. I also notice that there is an increase in begging. Whole families are begging (with children) together in places like Navam mawatha, MC, hospital circle etc. There is an old women , dressed properly, begging at Sampath ATM at Nanam mawatha, whole day. Is she a beggar? The issues are more complex .

    ReplyDelete
  3. @Anonymous

    but that doesnt justify this Higna slaughter. even Prabakaran has a right to life.

    ReplyDelete
  4. @Anonymous

    So, are you proposing this slaughter to continue?

    "Begging in Sri lanka is a big business and it is a mafia itself. On the other hand they are a nuisance to many."

    What if you replace 'begging' in the above sentence with 'politics'.

    ReplyDelete
  5. 1976 නොබඳි ජාතීන්ගේ සමුළුවට ෆවුසි ඇමති[එවකට කොළඹ නගරාධිපති]කොළඹ පැල්පත් ටික කඩලා ඒ මිනිස්සුන්ව එලෙව්වා.92 ප්‍රේමදාස ජනාධිපති සාර්ක් සමුළුවට කොළඹ හිඟන්නෝ ඔක්කෝම අල්ලලා මීරීගම පැටෙව්වා.දැන් ගල් ගහලා මරනවා.ඉතිං මොකද ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලානේ,මොකක්ද වැ‍රැද්ද.

    ReplyDelete
  6. මේකට ප්‍රදාන හේතුව, හිඟන්නන් දනවත් හා අනාරක්ෂිත පුද්ගලයන් කොට්ටාශයක් වීමයි, ස්මනිස මෙයට විසදුම ලෙස දිවහැක්කේ හිඟන්නන්ට පෞද්ගලික පොලිස් ආරක්ෂාව ලබාදීමයි...!!! XD

    ReplyDelete
  7. uththara liyanna hithenneth nae. cursor ekath ekka w3lanka waligayak enawa.

    ReplyDelete
  8. @editor
    we are talking about beggin, not politics, though it may look same. I think it would be good, if W3 tells us, does the general public feel sorry for these killings. This begger vandettas. Whatever said and done, when the governmnet removed pettah hawkers, many approved that decision, as it has grown to a level, it was a public nuisance. Similarly it wont be long similar fate will happen to beggars as well. Only thing is they will not get a place for begging, like hawkers did. Beggin has improved, as i told you before, it is not the old type of beggers who are on the strrets now. Anyway thanks for bringing up an important issue, but seems few are interested.:):)

    ReplyDelete
  9. Me Gauthama Buddha Rajjayai.

    ReplyDelete
  10. fuckin "buddha rajjaya"..! this is a shame..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා