දෙමළ රිදී තිරයට ‍'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙමළ ජනතාව' කාත්තන්කුඩියේදී ගිනි තබති

(2010 ජුනි 19, W3Lankaකොලිවුඩ් නමින් හැඳින්වෙන දකුණු ඉන්දීය සිනමාව නන්නත්තාර ය.


මක් නිසාද? 


ලංකාවේ 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙමළ ජනතාව' මඩකලපු දිස්ත්‍රික්කයේ කාතන්කුඩියේ සිනමා ශාලාවක තිරය ගිනි තබා ඇත. වරද දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමයි. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය?


මේ වනාහි දකුණු ඉන්දීය සිනමාකරුවන් හා තාක්ෂණ ශිල්පීන් පසුගියදා 'අති සාර්ථක' අන්දමින් කොළඹදී පැවති අයිෆා සම්මාන උළෙල වර්ජනය කිරීමයි. ලංකාවේ 'දෙමළ ජනතාව' මේ රිටර්න් එක දී තිබෙන්නේ ඒ බලු වැඩේට ය. ඒ මදිවාට උතුරු නැගෙනහිර පළාත්වල ජුනි 30දා දක්වා දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේ. දකුණු ඉන්දීය සිනමාකරුවන් 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙමළ ජනතාව'ගෙන් නොහොත් ලංකාවේ ආණ්ඩුවෙන් සමාව නො ගතහොත් මේ තහනම තවත් දිගු වනු ඇත.


උතුරු නැගෙනහිර ඉතිරි වී ඇති සිනමා ශාලා තිබේ නම්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් චිත්‍රපට පෙන්වීම නැවැතුවූයේ නැතිනම්, 1983දී දෙමළ මිනිසුන්ට අයිති සිනමා ශාලාවලට හා චිත්‍රාගාරවලටත්, ඒවායේ තිබුණු 'සංදේශය' වැනි පැරණි සිංහල චිත්‍රපටවලටත් වූ දේ නැවත සිදු වන්නට ඉඩ තිබේ. 


ලංකාවේ 'දෙමළ ජනතාව' දෙමළ 'රාවන්' වෙනුවට බුඩීගේ 'මාතා' සිංහල චිත්‍රපටය බලනු ඇත. 'මාතා' හැදුවේ මරදානේ සිනෙසිටි ශාලාවේ පෙන්වන දෙමළ චිත්‍රපටවලින් උපයා ගත් මුදලින් වීම වෙන ම කරුණකි. 


කමල් හසන් වෙනුවට අපේ කමල් අද්දරආරච්චි සිටියි. විජේ වෙනුවට ලංකාවේ විජය කුමාරතුංග කොපි කරන අර්ජුන් කමලනාත් සිටියි. සූර්යා කුමටද? අපට සූරියප්පෙරුම සිටියි. මනි රත්නම් කුමටද? අපට මනි ස්පින් සිනමා අධ්‍යක්ෂවරු ඕනෑ තරම් සිටිති. 


ඉන්දීය දෙමළ චිත්‍රපට වෙනුවට දෙමළ ජනයා දැන් සිංහල චිත්‍රපට බලති. කොලිවුඩය හාන්සි ය. ලංකාවේ සිනමා කර්මාන්තය එහෙමයැ. 

Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. අපේ සිනමා කර්මාන්තයට නැගලා යන නමක් අවශයය.
    අපට එය"ලන්කට්" කියලා දාගත්තොත් නරකද?

    ReplyDelete
  2. ලන්කට් එක තියෙන්නෙ තිසරගෙ ඔලුවෙ

    ReplyDelete
  3. machan mee blog eka karana ekaaa lankaawatama pililayak kiyalai hitenne...

    Rajayata pahara denna.......hebei deshaya wikunanne netiwa

    ReplyDelete
  4. lankawe film penwemata nidahasak netha. film eka mahinda chinthanayata anukula wiya utuya..

    ReplyDelete
  5. gini thibbe thawa hall karayeklu. Parakumge redi galawilaa hori daapu wallath penawa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා