Posts

Showing posts with the label කාතන්තුඩි

යාපනයේ මෝඩ දෙමළු මුස්ලිමුන් පන්නා වසර විස්සයි | 20 years after the expulsion of Muslims from Jaffna

Image
කාතන්කුඩි පල්ලියේ සංහාරයෙන් මෙහොතකට පසු ( 2010 නොවැම්බර් 15,  W3Lanka )   කොටි සංවිධානය මුස්ලිම් වැසියන් උතුරෙන් පන්නා දමා වසර 20ක් නිහඬව ම ගෙවිණි. වැඩිය සද්ද නැති වුණේ මහින්ද රාජ සමයේ සාම ව්‍යාපෘති කරන රාජ්‍ය නො වන සංවිධානවල ලාච්චු හිස් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. නැතිනම් විස්ස කියන්නේ විස්ස පරවගෙන ඉන්න සංඛ්‍යාවක් නො ව ලක්ෂ විස්සකවත් සෙලිබ්‍රේෂන් එකක් කරන්නට වටින අංකයකි.  කොටින් විසින් කරන ලද වාර්ගික ශුද්ධ කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සැලකිය හැකි මෙම නීච ක්‍රියාව පිළිබඳ ඇති තරම් ලියැවී ඇති බැවින් තවත් ලියන්නට උවමනා නැත. ප්‍රසන්න විතාගගේගේ ඉර මැදියම චිත්‍රපටයේ මේ පිළීබඳ කලාත්මක නිරූපණයක් ඇත.  කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් එල්.ටී.ටී.ඊ. නැගෙනහිර බලකාය මඩකලපුවේ කාත්තන්කුඩි පල්ලියේ යාඥා කරමින් සිටි මුසල්මානයන් 147ක් සංහාරය කළේ යාපනයෙන් මුස්ලිමුන් පළවා හැරීමට මාස කීපයකට පෙරයි. කොටි සංවිධානයට හිතවත් පිරිස් මෙම සිද්ධි පිළිබඳ පසු කලෙක කළ පැහැදිලි කිරීම මෙසේ ය: 'මේ පිළිබඳව විමුක්ති කොටි කණගාටු වෙනවා. ඒ බව මුස්ලිම් වැසියන්ට දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා. නැවත එවැන...

දෙමළ රිදී තිරයට ‍'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙමළ ජනතාව' කාත්තන්කුඩියේදී ගිනි තබති

Image
(2010 ජුනි 19,  W3Lanka )  කොලිවුඩ් නමින් හැඳින්වෙන දකුණු ඉන්දීය සිනමාව නන්නත්තාර ය. මක් නිසාද?  ලංකාවේ 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙමළ ජනතාව' මඩකලපු දිස්ත්‍රික්කයේ කාතන්කුඩියේ සිනමා ශාලාවක තිරය ගිනි තබා ඇත. වරද දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමයි. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය? මේ වනාහි දකුණු ඉන්දීය සිනමාකරුවන් හා තාක්ෂණ ශිල්පීන් පසුගියදා 'අති සාර්ථක' අන්දමින් කොළඹදී පැවති අයිෆා සම්මාන උළෙල වර්ජනය කිරීමයි. ලංකාවේ 'දෙමළ ජනතාව' මේ රිටර්න් එක දී තිබෙන්නේ ඒ බලු වැඩේට ය. ඒ මදිවාට උතුරු නැගෙනහිර පළාත්වල ජුනි 30දා දක්වා දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේ. දකුණු ඉන්දීය සිනමාකරුවන් 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙමළ ජනතාව'ගෙන් නොහොත් ලංකාවේ ආණ්ඩුවෙන් සමාව නො ගතහොත් මේ තහනම තවත් දිගු වනු ඇත. උතුරු නැගෙනහිර ඉතිරි වී ඇති සිනමා ශාලා තිබේ නම්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් චිත්‍රපට පෙන්වීම නැවැතුවූයේ නැතිනම්, 1983දී දෙමළ මිනිසුන්ට අයිති සිනමා ශාලාවලට හා චිත්‍රාගාරවලටත්, ඒවායේ තිබුණු 'සංදේශය' වැනි පැරණි සිංහල චිත්‍රපටවලටත් වූ දේ නැවත සිදු වන්...