Posts

Showing posts with the label IIFA 2010

දෙමළ රිදී තිරයට ‍'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙමළ ජනතාව' කාත්තන්කුඩියේදී ගිනි තබති

Image
(2010 ජුනි 19,  W3Lanka )  කොලිවුඩ් නමින් හැඳින්වෙන දකුණු ඉන්දීය සිනමාව නන්නත්තාර ය. මක් නිසාද?  ලංකාවේ 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙමළ ජනතාව' මඩකලපු දිස්ත්‍රික්කයේ කාතන්කුඩියේ සිනමා ශාලාවක තිරය ගිනි තබා ඇත. වරද දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමයි. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය? මේ වනාහි දකුණු ඉන්දීය සිනමාකරුවන් හා තාක්ෂණ ශිල්පීන් පසුගියදා 'අති සාර්ථක' අන්දමින් කොළඹදී පැවති අයිෆා සම්මාන උළෙල වර්ජනය කිරීමයි. ලංකාවේ 'දෙමළ ජනතාව' මේ රිටර්න් එක දී තිබෙන්නේ ඒ බලු වැඩේට ය. ඒ මදිවාට උතුරු නැගෙනහිර පළාත්වල ජුනි 30දා දක්වා දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේ. දකුණු ඉන්දීය සිනමාකරුවන් 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙමළ ජනතාව'ගෙන් නොහොත් ලංකාවේ ආණ්ඩුවෙන් සමාව නො ගතහොත් මේ තහනම තවත් දිගු වනු ඇත. උතුරු නැගෙනහිර ඉතිරි වී ඇති සිනමා ශාලා තිබේ නම්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් චිත්‍රපට පෙන්වීම නැවැතුවූයේ නැතිනම්, 1983දී දෙමළ මිනිසුන්ට අයිති සිනමා ශාලාවලට හා චිත්‍රාගාරවලටත්, ඒවායේ තිබුණු 'සංදේශය' වැනි පැරණි සිංහල චිත්‍රපටවලටත් වූ දේ නැවත සිදු වන්...

IIFA මනමාලයන් මනමාලියන් නැති මඟුල කාගේ ජයක් ද? | Whose success is IIFA? Sri Lanka government or Tamil nationalist lobby?

Image
ඇල්බමයට තවත් මෙවැනි ඡායාරූප කීයක් ගන්න තිබුණු චාන්ස් එකද මේ මග හැරුණේ, මගෙ දෙයියො! (2010 ජුනි 03,  W3Lanka )  ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙල හෙවත් අයිෆා (IIFA) 2010 උළෙලේ සන්නාම ප්‍රවර්ධකයා (Brand Ambassador) ලෙස කටයුතු කරන බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සහ පවුලේ සාමාජිකයින් වන අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි සහ ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, අර්ජුන් රාම්පාල්, කත්‍රිනා කායිෆ්, කරීනා කපූර්, දීපිකා පදුකෝන්, රන්බීර් කපූර්, ඉම්රාන් ඛාන් ඇතුළු සුපිරි බොලිවුඩ් තාරකා රැසක් අදින් ඇරඹෙන අයිෆා උළෙල සඳහා ලංකාවට නොපැමිණෙන බව පවසා තිබේ. "I am not going to IIFA," යනුවෙන් සමාජ ජාල අඩවියක් වන ට්විටර්(Twitter) හරහා පවසා ඇති අමිතාබ් බච්චන් එම තීරණය තවමත් නිල වශයෙන් දැනුම් දී නැත. බොලිවුඩ් සිහින තරුව ශාරුක් ඛාන් ද තම නොපැමිණීම පිළිබඳව ට්විටර් හරහා ප්‍රකාශ කර තිබේ. ශාරුක් සහභාගි නොවන, සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී හෙට පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගි වීමට නියමිත සල්මන් ඛාන්ගේ පැමිණීම වැළැක්වීම සඳහා අවසන් මොහොතේ පවා දෙමළ ජාතිකවාදී කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. අය...

ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? | Is India aiming to eat Sri Lanka?

Image
(2010 මැයි 31,  W3Lanka )   ජුනි 03 සිට 05 දක්වා ඉන්දීය ජාත්‍යන්තර සිනමා ආයතනයේ IIFA සිනමා උළෙල ලංකාවේ පැවැත්වේ. මෙය ඉන්දියාව විසින් පශ්චාත් යුද කාලීන ලංකාවේ සාමාන්‍ය තත්වය ඇති වීම ලෝකයට ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දුන් තෑග්ගක් ලෙස සැලකීම වරදක් නැත. ලංකාවේ ආර්ථිකයට චීනය කරන මැදිහත්වීම පිළිබඳ ඉන්දියාව ඉන්නේ පරීක්ෂාවෙනි. එහෙයින්, ලංකාවේ රාජ්‍ය නායකයන් සිය බලාධිකාරය තුළ රඳවා ගැනීම පිණිස ඉන්දියාව සියුම් ලෙස කටයුතු කළේ ය. ලංකාවේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග වැනි දේශපාලන නායකයන් මෙම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රීඩාව තුළ සියුම් ලෙස කටයුතු කළ අතර මේ වන විට ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කටයුතු කරන්නේ එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් යුතුවයි. නිදසුනක් ලෙස, ඉන්දියාවට ලංකාවේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍යව තිබෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන එන ලද පළාත් සභා ක්‍රමය පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් ලංකාවේ පාලකයන් දෙමළ ජනතාව සමග බලය බෙදා ගැනීමට අකැමැති සිංහල ස්වෝත්තමවාදීන් පිරිසක් බව ඉන්දියාව දනියි. එහෙත්, ඔවුන්ට ඕනෑ හැටියට නටන්නට දුන්නොත්...

අමිතාබ් ළඟ දෙකට නැවුණු රජ පවුල | Sri Lanka's ruling family kneel down before Amithab Bachchan

Image
(2010 අප්‍රේල් 21 -  W3Lanka  )  ජනප්‍රිය හින්දි සිනමා නළු අමිතාබ් බච්චන් ඊයේ ලංකාවට පැමිණියේ ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමිය ඉදිරිපත් කරන ‘IIFA 2010’ සම්මාන උළෙල පිළිබඳව මෙරට මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වීමටයි. අමිතාබ් බච්චන් යනු වානිජ වශයෙන් සුපිරි නළුවෙකි. ඔහු කලාත්මක සිනමාවේදී එතරම් ඇගයීමට පාත්‍ර වූ නළුවකු නොවේ. ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් චරිතාංග නළුවන් අතර අමිතාබ්ට තැනක් හිමි වී නැත. එහෙත්, වානිජ කටයුත්තක් සඳහා ලංකාවට පැමිණි මේ නළුවාට ලැබුණේ ඔහුටවත් අදහා ගන්නට නොහැකි රාජ්‍ය ගෞරවයකි. රජතුමාත්, රාජපුත්‍රයනුත්, රාජ්‍ය නිලධාරීනුත් අමිතාබ්ගේ ඊනියා පෞරුෂය හමුවේ කුදු මිනිසුන් ලෙස පොරකමින් ඔහු සමග ඡායාරූපවලට පෙනී සිටියහ. එපමණක් නොව, වෙනත් අයට එසේ ඡායාරූපවලට පෙනීසිටීමට අවස්ථාව ලබා නොදෙමින් තමන් පමණක් අමිතාබ් අයිති කර ගන්නට වෙර දැරූහ. ජුනි 03 දා සිට 05 දා දක්‌වා කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සඳහා ෂාරුක් ඛාන්, අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි ආදී ඉන්දීය සිනමා තරු පැමිණි කල තත්වය කෙසේ ...