IIFA මනමාලයන් මනමාලියන් නැති මඟුල කාගේ ජයක් ද? | Whose success is IIFA? Sri Lanka government or Tamil nationalist lobby?

ඇල්බමයට තවත් මෙවැනි ඡායාරූප
කීයක් ගන්න තිබුණු චාන්ස් එකද
මේ මග හැරුණේ,
මගෙ දෙයියො!
(2010 ජුනි 03, W3Lankaජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙල හෙවත් අයිෆා (IIFA) 2010 උළෙලේ සන්නාම ප්‍රවර්ධකයා (Brand Ambassador) ලෙස කටයුතු කරන බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සහ පවුලේ සාමාජිකයින් වන අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි සහ ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, අර්ජුන් රාම්පාල්, කත්‍රිනා කායිෆ්, කරීනා කපූර්, දීපිකා පදුකෝන්, රන්බීර් කපූර්, ඉම්රාන් ඛාන් ඇතුළු සුපිරි බොලිවුඩ් තාරකා රැසක් අදින් ඇරඹෙන අයිෆා උළෙල සඳහා ලංකාවට නොපැමිණෙන බව පවසා තිබේ.


"I am not going to IIFA," යනුවෙන් සමාජ ජාල අඩවියක් වන ට්විටර්(Twitter) හරහා පවසා ඇති අමිතාබ් බච්චන් එම තීරණය තවමත් නිල වශයෙන් දැනුම් දී නැත.


බොලිවුඩ් සිහින තරුව ශාරුක් ඛාන් ද තම නොපැමිණීම පිළිබඳව ට්විටර් හරහා ප්‍රකාශ කර තිබේ.


ශාරුක් සහභාගි නොවන, සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී හෙට පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගි වීමට නියමිත සල්මන් ඛාන්ගේ පැමිණීම වැළැක්වීම සඳහා අවසන් මොහොතේ පවා දෙමළ ජාතිකවාදී කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.


අයිෆා පැවැත්වීම සඳහා ලංකාව තෝරා ගැනීම පළමුව ලංකා ආණ්ඩුවට ජයග්‍රහණයක් විය. යුද්ධයෙන් පසු නැඟී සිටිමින් සිටින දූපතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට හා රටේ සාමකාමී වාතාවරණය ලොවට ප්‍රදර්ශනය කිරීමට මෙය කදිම අවස්ථාවක් විය.


එහෙත්, දෙමළ ජාතිකවාදී කණ්ඩායම් මෙම උළෙල ලංකාවේ ආණ්ඩුව විසින් රටේ දෙමළ ජනතාවට එරෙහිව යුද්ධයේදී කරන ලද අපරාධ පිළිබඳ ඉන්දියාවට හා ලෝකයට හඬ ගා කියන්නට පාවිච්චි කරන්නට පටන් ගැනීමත් සමග තත්වය සපුරා වෙනස් විය.


දෙමළ කණ්ඩායම් අමිතාබ් බච්චන්ගේ, ශාරුක් ඛාන්ගේ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණ කළහ. අමිතාබ් බච්චන් අධික වියදමක් දරා සූදානම් කරන මෙම අයිෆා උළෙලේ පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණියේ මෙම උද්ඝෝෂණයෙන් පසුවයි. ලංකාවේ රජ පවුල ඇතුළු ප්‍රභූවරු වැළ නොකැඩී ඔහු හමු වී ඡායාරූපවලට පෙනී සිටියහ. ලංකාවට පැමිණෙන්නැයි සංචාරකයින්ට ඇරයුම් කරමින් ඔහු වීඩියෝ දැන්වීමකටද පෙනී සිට ආපසු ගොස් ලංකාවට පැමිණීම මග හැරියේ ය.


2004දී ශාරුක් ඛාන් ලංකාවට පැමිණි අවස්ථාවේ ආණ්ඩුවට සම්බන්ධ යයි සැක සිංහල බෞද්ධ ජාතිවාදී කල්ලියක් ඔහුගේ ප්‍රසංගයට එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙකු මරු මුවට පත් වූහ. වැරදිකරුවන් කිසිවෙකුට එරෙහිව අද දක්වා ම නීතිය ක්‍රියාත්මක වී නැත.


අමිතාබ් බච්චන්ගේ පුත් අභිෂේක් සහ ලේලිය අයිශ්වර්යා රායි පවන්නේ ඔවුන් රඟ පෑ රාවන් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු නිසා තමන් ලංකාවට නොඑන බවයි. දෙමළ සිනමාකරු මනි රත්නම් අධ්‍යක්ෂණය කළ රාවන් චිත්‍රපටයේ කතාව ලංකාවේ අතීත රජකු වූ රාවණා ගැනයි. රාවන් මෙවර අයිෆා උළෙල සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබූ අතර ඔහු පවසන්නේ එහි වැඩ කටයුතු අවසන් නොමැති නිසා ප්‍රදර්ශනය සිදු නොවන බවයි. මනිරත්නම් ද අයිෆා සඳහා පැමිණීම ප්‍රතික්ෂේප කොට තිබේ.


තමිල්නාඩු සිනමා තාරකාවක් වන නමිතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඇය අයිෆා උළෙලේදී රංගනය සඳහා ලද ආරාධනය ප්‍රතික්ෂේප කළ බවයි. තමන් මේ තත්වයට පත් කළේ දෙමළ ජනයා බවත්, අද පවතින තත්වය මත තමන්ට ලංකාවට යා නොහැකි බවත් ඇය කීවාය.


දකුණු ඉන්දීය කොලිවුඩ් සුපිරි තාරකා වන රැජිනි කාන්ත්, කමල් හසන්, විජේ, අජිත්, සූර්යා ආදීහු ද මෙවර අයිෆා උළෙල වර්ජනය කර ඇත.


මේ අතර දකුණු ඉන්දියානු සිනමාකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලයේ (The South Indian Film Chamber of Commerce (SIFCC))ලේකම් එල්. සුරේෂ් නමැත්තා පවසන්නේ මෙම උළෙල නියෝජනය කරන ඉන්දීය නළු නිළියන් කිසිවෙකු හෝ රඟන සිනමා පට දකුණු ඉන්දියාවේ තිරගත කිරීමට ඉඩ නොදෙන බවයි. දකුණු ඉන්දීය සිනමා වෘත්තිකයන්ගේ සංගමය (Film Employees Federation of South India) ද SIFCC තීරණයට සහාය දක්වයි. ඔවුන් අයිෆා උපදේශක කමිටුව හමුවී මේ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වා තිබේ. අයි‍ෆා ශ්‍රී ලංකාවෙන් ඉවත් කොට වෙනත් ස්ථානයක පවත්වන මෙන් ඔවුන් ඉල්ලා ඇති අතර, උපදේශක කමිටුව පවසා ඇත්තේ දැන් ඊට ප්‍රමාද වැඩි බවයි.


අයිෆා උළෙලට සහභාගි වීම සඳහා කොළඹට පැමිණ ඇත්තේ හොලිවුඩ් බී ටීම් එකකි. මෙහි සිටින ජැකොලයින් ෆර්නැන්ඩස් ලංකාවේ කාන්තාවක වන අතර පසුගිය දිනවල ලංකාවේ දේශපාලනඥයන්ට බොලිවුඩ් සුපිරි තරු සමග ඡායාරූප ලෙස ඇය සමග හිඳිමින් ගත් ඡායාරූප පුවත්පත්වල පල කරන්නට සිදු වීම සරදමක් විය.


එහෙත්, මේ අතර ලංකාවට පැමිණ සිටින විවේක් ඔබ්රෝයි විසින් කරන ලද එක් ප්‍රකාශයක් වැදගත් එකක් ලෙස සැලකිය හැකි ය. බොලිවුඩ් සිනමා පට යනු මිනිසුන් අතර සබඳතා තහවුරු කරන ඒවා මිස වෙන් කරන ඒවා නොවන බව ඔහු පවසයි. (Bollywood films are about building bridges, not putting up walls against peopleග)


එහෙත්, පසුගිය කාලය පුරා ම ලංකාවේ ආණ්ඩුව සිනමා ලෝලීන්ට නිදහසේ තමන් කැමති චිත්‍රපටයක් බලන්නට තිබෙන අයිතියට බලපෑම් කළේ ය. 


මේ කතාවෙන් ගත හැකි ආදර්ශය නම් ලංකාවට ලෝකය සමග යාලු වන්නට පෙර තම රටේ ම දෙමළ ජනයා සමග සැබැවින් ම යාලු වන්නට සිදු වන බවයි. 

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඇත්තටම ඊයේ රූපවාහිනී news වලට කිව්වත් සුපිරි බොලිවුඩ් තරු ලංකාවට ආවා කියලා. පෙන්නපු කිසි කෙනෙක් අපි දන්න අය නෙමේ

    ReplyDelete
  3. හරියට හරි. දෙමල ජනතාව බල්ලට දාලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට තිබූ අභිමානය ප්‍රභාකරන් නැති කරා. දැන් සත පහකට ගනන් ගන්නේ නෑ. හමුදාවයි පොලීසියයි මේ විදියට පිස්සු කෙලියොත් ඊළඟ කැරල්ලත් අත ළඟමයි.

    මේ මිනිස්සුන්ට අභිමානයක් ඇතුව ජීවත්වෙන්න සලසන එක මහ දෙයක් නෙමෙයි.

    ReplyDelete
  4. නොපැමිණෙන බව පවසා ඇති බොලිවුඩ් තාරකා පිළිබද යම් සදහනක් කල යුතු යැයි සිතුනා.අමීර් ඛාන් යනු කිසිදු සිනමා උළෙලකට සහභාගි නොවන්නෙකි.ෂාරුක් ඛාන් 2005 සිට මෙම උළෙලට සහභාගි නොවී නැත. එය ඔහු හා අමිතාබ් බච්චන් අතර පවතින විරසකයක් බව කියවේ. මක් නිසාද යත් මෙහි සන්නාම ප්‍රවර්ධකයා අමිතාබ් බච්චන් වන නිසාය. ඉම්රාන් ඛාන් යනු තවමත් සිනමා පට දෙක තුනක රගපා ඇති නවකයෙකි. අර්ජුන් රාම්පාල්ටද එතරම් ප්‍රතිරූපයක් සිනමා නළුවන් අතර නොමෙති අතර රන්බීර් කපූර්ද නවකයෙකි. දීපිකා පදුකෝන් සහ කත්‍රිනා කායිෆ් සත්‍ය වශයෙන්ම දෙමළ ජාතිකවාදී කණ්ඩායම්හි බලපෑම මත නොපිමියේද යන්න ගැටලුවකි. රැජිනි කාන්ත්, කමල් හසන්, විජේ, අජිත්, සූර්යා යනු දකුණු ඉන්දීය තාරකා වන අතර ඔවුන් සියල්ලෝම බොලිවුඩ් සිනමා උළෙලකට සහභාගී වන්නේ නම් පුදුමයකි.මක් නිසාද යත් ඔවුනට එතරම් පිළිගැනීමක් බොලිවුඩ්හි නොමැති බැවිනි. මෙහි සදහන් අයට වඩා තාරකාවන් මෙයට පැමිණෙන අතර ඒ පිලිබදව සදහන් නොකරන්නේ මන්ද යන්න ගැටලුවකි.අමිතාබ් බච්චන් සහ පවුල ඔවුන්ගේ හොද නම රැකගැනීමට නොපැමිණෙන අතර ඔවුන් යනු බොලිවුඩ්හි සියල්ල නොවේ. නොපැමිණෙන අයවලුන් ගැන ලියා රජය එයින් චාටර් කරනවාට වඩා පැමිණි අයවලුන් නිසා මහජනතාව පත් වන අසිරුතාවය පිළිබද සදහන් කිරීම වඩා හොදය.

    ReplyDelete
  5. Today daily news paper displaying all stars came yesterday. Only 3 or 4 stars from them we know well. Hrithik, Bipasha, Sanjay, Sunil shetti and Vivek. From them Sanjay and Sunil Shetti can't count as stars cos they are not involving in Cinema currently as brighten stars. Vivek also not a big star according to Sri Lankans.

    ReplyDelete
  6. what about rani, preeti, kajol, akshe, sahif
    did they came ?

    ReplyDelete
  7. Lets not go for a comparison between the shines of the stars that are coming or those are not. what is important here is that this situation has compelled all sri lankans to think about there own negligence.

    ලංකාවට ලෝකය සමග යාලු වන්නට පෙර තම රටේ ම දෙමළ ජනයා සමග සැබැවින් ම යාලු වන්නට සිදු වන බවයි.

    I like this statement.

    Apoorwa

    ReplyDelete
  8. Meka thanikarama organizing commitie eke plan ekak.ape goverment eka un lassanata anduwa.amithab mulin awilla lokuwata wede yanawa kiyala pennala ape un wa anduwa lassanata.kalin idala plan karagena inna athi shape eke passe maga arinna.dekkane pora anthima mohothe maru.ape un hitagena hitiye bollywood wala okkoma porawal mehe awilla elakiri yata wede yai kiyala.den porawal nehe nikan haal keli tikak enawa.unta one une meka me para oya kohe hari lawata shape eke karala daanna.ape un ahuuna ekata.

    ReplyDelete
  9. ට්විටර්(Twitter) කියන්නේ මොකද්ද ඒකේ කියෙන ඒවා ඇත්තද?

    ReplyDelete
  10. The writer of this article has been extremely subjective.It is important to note that Amir Khan never attends film festivals.The bollywood industry is divided into two camps,amitabh bachchan vs. Shahrukh Khan.Deepika and Arjun are part of the Shahrukh camp.Such individuals will never come to a function endorsed by Amitabh bachchan.Shahrukh has scheduling issues so is Katrina,who is promoting Rajneeti.But Salman,Saif,Kareena,Boman Irani,priyanka,ritesh deshmukht are all coming! so no worries at all

    ReplyDelete
  11. hariyata danagena damanam hodai raavan kiyanne ravanage kathawa gana kiyana film ekak nemai .Ane manda mewa liyana unanam monawa balala mewa danawada kiyala..

    ReplyDelete
  12. Mr.editor
    Liyana deyak hodata denagena background eka study karala liuwa nam neda hoda?
    Konak allagena hemadetama rajayata baninawata wada??
    Obe aramuna Rajaya asirithawayata path kirima na e pilibada adahas prakasha kirima nam eya mita wada sarthaka lesa kala heka. e sadaha meeta wada siddin apa awata onaa tharam bawa onaama modayekuta therum gatha heka.

    ReplyDelete
  13. The Mani Ratnam film is supposedly a modern day adaptation of Ramayan, and an intense love story focused on the Ram-Sita pair, played by Aishwarya Rai and Abhishek Bachchan in the Hindi version.

    ReplyDelete
  14. me news eke eka para ekak ehema pitinma COPY karala dapu ekak..

    ReplyDelete
  15. ජැකලයින් කියන්නෙත් නැගී එන බොලිවුඩ් නිලියක් තමයි. අමිතාබ් එක්ක දැන් දෙවනි film එකත් කරන්න පටන් අරං. iifa කියන්නෙ film fare තරං ලොකු සිනමා උලෙලක් නෙමේ, ඉතින් ඒකට ඔය ටික හරි ලංකාවට ආපු එක ගැන අපි සතුටු වෙන්න ඕනි. මම ඉන්න රටේ නං ඉන්දියන් කාරයො කතාවෙන්නෙ අමිතාබ් කරපු කැත වැඩේ ගැන මිසක් ලංකාවට් උන අපකීර්තියක් ගැන නෙමේ. අනික අර London පොලිස්කාරයො O.T ඕන හින්ද hunger strike එකේ හිටපු LTTE කාරයො ටිකට මැක්ඩොනලඩ් දුන්න කියපු දවසෙ ඉඳල උන්ගෙ බයිල ගැන මිනිස්සුන්ට තේරිල ඉවරයි!

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. 1. ඉන්දියාවේ නලු නිලියෝ තර්ජනවලට බයේ නෑවිත් ඉන්නවානම් ඒක ඒගොල්ලන්ගේ කොන්දපරීක්ශා කරන්න ඕන වැඩක් - හැබැයි ඉතින් අපෙ නලුනිලියන්ගේ කොන්ද පරීක්ශා කරලා ඉවර උනාට පස්සේ

    2. " ලංකාවට ලෝකය සමග යාලු වන්නට පෙර තම රටේ ම දෙමළ ජනයා සමග සැබැවින් ම යාලු වන්නට සිදු වන බවයි." මේ කෙන් අපේ මිනිස්සු ඒක තේරුම් ගත්තොත් නම් ලොකු දෙයක්
    එක්කො දුපත ඇතුලේම කරන නාඩගමක් කරගෙන දෙමල මිනිස්සුන්ට පාට් දමදමා ඉන්න ඕන
    මේ වගේ වැඩ කරන්න යනකොට දාපු පාට් අනිත් පැත්තට වදින බව මතක තියා ගන්න ඕන

    3. @ ඉන්දික
    හොර උපවාසයක් කරලා අහු උනා කියන එකෙන් තේරෙන්නේ ප්‍රශණයක් නෑ කියන එකද? (මේ ප්‍රශනය අහන්න "උන්ගේ බයිලා ගැන තේරුම ගත්ත" මිනිස්සුන්ගෙන් නැතුව ඔබතුමාගෙන් නෙවෙයි )
    එහෙම නැත්තම් ඒ මනුස්සයා බඩ ගින්නේ ඉන්න බැරි කෙනෙක් කියන එකද?
    ලොකේ ලොකුම ප්‍රශ්ණේ මට තිබුනත් මම ගිනි තියාගන්නේ නෑ විරොදය පාන්න ඒ මගේ ප්‍රශ්ණේ ලොකු නැතිනිසා නෙවෙයි, මම ගින්දරට බය නිසා සහ කොයි විදියට මැරුනත් පිච්චිලා මැරෙන්න අකමැතිනිසා
    තව කෙනෙක් ඔහුට තියන ඒ තරම් තද බල නොවන ප්‍රශ්නෙකට (මට සාපේක්ශව නොවෙයි, ඔහුටම සාපේක්ශව ) ගිනිතියාගන්න පුලුවන් විරෝදයක් විදියට

    විරෝදය දක්වන විදිය තීරනය වෙනකොට මම හිතන්නේ කරුනු දෙකක් බලපානවා කියලා (තව ගොඩක් කරුනු බලපනවා)
    1. ප්‍රශ්නයේ සැරකම
    2. විරෝදය දක්වන්නාගේ ගතිගුන

    ReplyDelete
  18. දඹදිවෙන්
    වැඩමවූ
    කහපාට
    මස් කුට්ටි.......!

    ReplyDelete
  19. They came, they went..some didn't. so what the big deal? There are so many important things in life than IIFA.

    ReplyDelete
  20. mahata athe pahatha gataluya.

    Mewata MR wenuwen inna onama Adabaleyekuta pilithuru diyahaka

    Lankawe Sinamawata u setha kumakda?
    Kade malu nowa gonida ragena yamata siti Kanthawo ko....
    Mahasinhala wansakatha karuwan (wathman) Thawamath rate redi adagana ho nathuwa wath sitida

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා