වාහන බදු අඩු කිරීමේ ඇත්ත | The truth behind reduction of vehicle duties


(2010 ජුනි 02, W3Lankaතමන් තීරු බදු රහිතව වාහන ආනයනය කරන්නට බලපත්‍ර ලබා ගැනීමට නියමිතව සිටියදී වාහන ආනයන බදු හිටිහැටියේ 50%කින් පමණ අඩු කිරීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා මන්ත්‍රීවරු දැඩි කලකිරීමට පත් වී ඇති බව වාර්තා වේ.


ඡන්දයට කළ වියදම් සොයා ගැනීමට තිබුණු පහසු මාර්ගයක් වූ වාහන බලපත්‍රය හොර පාරෙන් විකිණීමෙන් ලබන්නට තිබුණු ලාභය අඩු වීම පිළීබඳව විපක්ෂ මන්ත්‍රීන් පවා දුක් වන බව වාර්තා වේ.


ඒගොල්ලන් සම්තිං හොඳ ම අමාත්‍යංශ ටික සියතේ තබාගෙන තමන්ට රොඩ්ඩ දී ඇති බව හා දුන් එකෙනුත් කීයක් හරි හොයා ගන්නට ඇති මාර්ග අවුරන බව ද මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවට බඳුන් වී ඇති බව දැනගන්නට ඇත.


වාහන බදු අඩු කිරීමට අමතරව මන්ත්‍රී වාහන බලපත්‍රයෙන් 15%ක පමණ බද්දක් අය කරන්නට නියමිත වීමෙන් මන්ත්‍රීන්ට වාහන බලපත්‍රය විකිණීමෙන් ඉපැයිය හැකි අයුතු ආදායම තවත් අඩු වී තිබේ.


ලංකාවේ වාහන ආනයනයේදී අය කරන බද්ද ඇතැම් අවස්ථාවලදී 300%ක් පමණ විය. එ‍හි ප්‍රතිඵලයක් ලෙස වාහන ආනයනය අවම වී බදු ආදායම ද හොඳට ම අඩු විය.  2007දී සමස්ත බදු ආදායමෙන් 18%ක් පමණ වූයේ වාහන ආනයනයේදී අය කරන බදු ය. එහෙත්, 2009 වන විට එය 3%ක මට්ටමට වැටිණී. 2007දී රුපියල් බිලියන 17.4ක් මෙම බද්දෙන් ඉපැයූ රජයට 2009දී ඉපැයිය හැකි වූයේ රු. බිලියන 3.25ක් පමණි.


2007 නොවැම්බරයේදී දී කාර් 2300ක් ඇතුළුව වාහන 26,100ක් ලියාපදිංචි කරන ලදමුත් 2009 නොවැම්බරයේදී දී ලියාපදිංචි කරනු ලැබුවේ වාහන 19,300ක් පමණි. ඒ අතර කාර් වූයේ 329ක් පමණි.


මේ අනුව, මෙම බදු ක්‍රමය අසාර්ථක තහනම්කාරී prohibitive බද්දක් බවට පත් වීම මෙම බද්ද ඉවත් කිරීමට හේතු විය.


එ‍සේ ම මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබා දීමෙන් පසු ඊළඟට ඒවා බලාපොරොත්තු වන රාජ්‍ය සේවයේ ඉහළ හා මධ්‍යම මට්ටමේ නිලධාරීන් බදු සහන නොදී ම සැනසිය හැකි මාර්ගයක් ලෙස ද මෙම බදු ඉවත්කිරීම හඳුන්වා දිය හැකි ය. 


අනෙක් පැත්තෙන් ලංකාව සංචාරක කර්මාන්තයේ නවෝදයක් ඉලක්ක කරමින් සිටියි. කාර් ඇතුළු ඇතැම් වාහන ආනයනය දිරි ගැන්වීම කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය වී ඇත. 

Comments

  1. Normaly earlier the tax was 500% for luxury vehicls, now it is 250% so cars it is earlier 345% now its 172.5%. so we can buy a allion to 25 lkhs. it is good

    ReplyDelete
  2. apith podi car akke ganna kiyala hituwa,ape maharajatumata pin sidda wenna

    ReplyDelete
  3. dan parana car walata yana kala mokakda ah..?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා