වාහන බදු අඩු කිරීමේ ඇත්ත | The truth behind reduction of vehicle duties
(2010 ජුනි 02, W3Lanka ) තමන් තීරු බදු රහිතව වාහන ආනයනය කරන්නට බලපත්‍ර ලබා ගැනීමට නියමිතව සිටියදී වාහන ආනයන බදු හිටිහැටියේ 50%කින් පමණ අඩු කිරීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා මන්ත්‍රීවරු දැඩි කලකිරීමට පත් වී ඇති බව වාර්තා වේ. ඡන්දයට කළ වියදම් සොයා ගැනීමට තිබුණු පහසු මාර්ගයක් වූ වාහන බලපත්‍රය හොර පාරෙන් විකිණීමෙන් ලබන්නට තිබුණු ලාභය අඩු වීම පිළීබඳව විපක්ෂ මන්ත්‍රීන් පවා දුක් වන බව වාර්තා වේ. ඒගොල්ලන් සම්තිං හොඳ ම අමාත්‍යංශ ටික සියතේ තබාගෙන තමන්ට රොඩ්ඩ දී ඇති බව හා දුන් එකෙනුත් කීයක් හරි හොයා ගන්නට ඇති මාර්ග අවුරන බව ද මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවට බඳුන් වී ඇති බව දැනගන්නට ඇත. වාහන බදු අඩු කිරීමට අමතරව මන්ත්‍රී වාහන බලපත්‍රයෙන් 15%ක පමණ බද්දක් අය කරන්නට නියමිත වීමෙන් මන්ත්‍රීන්ට වාහන බලපත්‍රය විකිණීමෙන් ඉපැයිය හැකි අයුතු ආදායම තවත් අඩු වී තිබේ. ලංකාවේ වාහන ආනයනයේදී අය කරන බද්ද ඇතැම් අවස්ථාවලදී 300%ක් පමණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ආනයනය අවම වී බදු ආදායම ද හොඳට ම අඩු විය. 2007දී සමස්ත බදු ආදායමෙන් 18%ක් පමණ වූයේ වාහන ආනයනයේදී අය කරන බද...