වාහන බදු අඩු කිරීමේ ගැටයෙන් ආණ්ඩුව ගොඩ | Sri Lanka government advantaged due to reduction of vehicle taxes
(2010 ජුනි 04, W3Lanka ) රජය වාහන මත අය කරන බදු අඩු කළේ කලින් ක්‍රියාත්මක වූ බදු හේතුවෙන් වාහන ආනයනය හොඳට ම අඩු වී ආනයන සමාගම් ද බංකොලොත් වන තත්වයක ඇති වී බදු ආදායම ද අඩු වූ නිසා ය. මේ බව නොදත් ලංකාවේ මධ්‍යම පංතිය දැන් ජීවත් වන්නේ ලීසිං කර මරුතියක්වත් ගන්නේ කෙසේද යන්න කල්පනා කරමිනි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන ගන්නට දෙන කෝටි 155ක බදු සහනය පියවන්නට සිදු වන්නේ තමන්ග් සාක්කුවෙන් බව දැන් ඔවුන්ට නො පෙනේ. එපමණක් නොව, මැති ඇමතිවරුන්ට දුන් පරිද්දෙන් රජය තමන්ට ද කලින් මෙන් වාහන ආනයනය සඳහා බදු සහන දෙනු ඇතැයි බලා සිටි මධ්‍යම මට්ටම්වල රාජ්‍ය නිලධාරීහු ද දැන් ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීම අතහැර ළඟ තබාගෙන සිටි මුදලින් වාහනයක් ගැනීමට සැරසෙමින් සිටිති. එක අතකට එය බුද්ධිමත් ය. මන්ද, වාහන වෙළඳපොළ ස්ථායී වී බදු ආදායම් යහපත් වන්නට පටන් ගත් විට රජය අනිවාර්යයෙන් ම වාහන සඳහා බදු වැඩි කරන හෙයිනි. බදු ආදායම් ඉහළ නංවා ගැනීමට රජය ළගදීම ඉන්ධන මිළ ද ඉහළ නංවන්නට නියමිත ය. ඊයේ එක්සත් ජාතික පක්ෂයේ පුවත්පත් සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවසී ය...