වාහන බදු අඩු කිරීමේ ගැටයෙන් ආණ්ඩුව ගොඩ | Sri Lanka government advantaged due to reduction of vehicle taxes

(2010 ජුනි 04, W3Lankaරජය වාහන මත අය කරන බදු අඩු කළේ කලින් ක්‍රියාත්මක වූ බදු හේතුවෙන් වාහන ආනයනය හොඳට ම අඩු වී ආනයන සමාගම් ද බංකොලොත් වන තත්වයක ඇති වී බදු ආදායම ද අඩු වූ නිසා ය.


මේ බව නොදත් ලංකාවේ මධ්‍යම පංතිය දැන් ජීවත් වන්නේ ලීසිං කර මරුතියක්වත් ගන්නේ කෙසේද යන්න කල්පනා කරමිනි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන ගන්නට දෙන කෝටි 155ක බදු සහනය පියවන්නට සිදු වන්නේ තමන්ග් සාක්කුවෙන් බව දැන් ඔවුන්ට නො පෙනේ.


එපමණක් නොව, මැති ඇමතිවරුන්ට දුන් පරිද්දෙන් රජය තමන්ට ද කලින් මෙන් වාහන ආනයනය සඳහා බදු සහන දෙනු ඇතැයි බලා සිටි මධ්‍යම මට්ටම්වල රාජ්‍ය නිලධාරීහු ද දැන් ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීම අතහැර ළඟ තබාගෙන සිටි මුදලින් වාහනයක් ගැනීමට සැ‍රසෙමින් සිටිති.


එක අතකට එය බුද්ධිමත් ය. මන්ද, වාහන වෙළඳපොළ ස්ථායී වී බදු ආදායම් යහපත් වන්නට පටන් ගත් විට රජය අනිවාර්යයෙන් ම වාහන සඳහා බදු වැඩි කරන හෙයිනි.


බදු ආදායම් ඉහළ නංවා ගැනීමට රජය ළගදීම ඉන්ධන මිළ ද ඉහළ නංවන්නට නියමිත ය.


ඊයේ එක්සත් ජාතික පක්ෂයේ පුවත්පත් සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවසී ය. (උපුටා ගැනීම දිවයිනෙනි.)


රජය වාහන මත අය කරන බදු අඩු කළා යෑයි පැවසුවත් අද උදයේ වන විට අපට ලැබුණු තොරතුරු අනුව කියවුණේ එම්. ඩී. 90 යතුරුපැදියක මිල රුපියල් හතළිස්‌ දහසකින් පමණ ඉහළ යන බවයි. සාමාන්‍ය ජනතාව භාවිත කරන වාහනවල මිල ඒ අනුව වැඩිවී තිබෙනවා.
බදු අඩු කිරීමෙන් ආණ්‌ඩුව ලබා ගන්න සමස්‌ත බදු ප්‍රමාණය ඉහළ යනවා. නමුත් යම්කිසි ප්‍රමාණයකට වැඩි කාලයක්‌ සමස්‌ථ බදු ප්‍රමාණය අඩුවෙනවා. ආණ්‌ඩුව මෙමගින් බලාපොරොත්තු වෙන්නේ සමස්‌ත මුළු බදු ප්‍රමාණය වැඩි කර ගැනීමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලවයි රජය කටයුතු කරන්නේ. ආනයන බදු අඩු කළ පසු වැඩිපුර ආනයනය සිදුවෙනවා. ඒත් සමග ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යනවා. එවිට රුපියලේ මිල අවප්‍රමාණය වීම අනිවාර්යයි. මෙම කටයුතු වලින් අවසානයේදී රුපියල සීග්‍ර ලෙස අවප්‍රමාණය සිදුවෙනවා.
ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය නොලැබෙන එකෙන් අපනයනකරුවා බේරා ගැනීමට තිබෙන එකම ක්‍රමය රුපියල අවප්‍රමාණය කිරීමයි. රටේ විදේශ සංචිත ප්‍රමාණය අඩුවී තිබෙනවා. කොටස්‌ වෙළෙඳ පොළ ඉහළ යනවා යෑයි රජය පැවසුවත් කොටස්‌ වෙළෙඳ පොළේ විදේශීය ආයෝජකයෝ ඉවත් වෙලා තිබෙනවා.
වෙළෙඳ ශේෂයේ හිඟය සියයට එකසිය විස්‌සකින් වැඩිවී තිබෙනවා.

Comments

  1. ලංකාවේ මධ්‍යම පංතිකයන්ට දැන් ඔබ කරන්නට කියන්නේ ‍මොකක්ද? බදු අඩු වුණත්, ආණ්ඩුවේ ඇමතිවරුන්ට වාහන දෙන්න එයින් සල්ලි යන නිසා වාහන නොගෙන ඉඳලා, එ.ජා.ප. රජයක් ඇවිල්ලා හර්ෂ ද සිල්වා පඬිතුමා ආර්ථික උතෝපියාවක් ඇති කළාම ගන්න කියලද?

    ReplyDelete
  2. muta kiyana de therenne neha

    ReplyDelete
  3. hey w3 lanka eka nemei badu adukale.badu adukale indiyawe wahana badu 700%k tiyanawa iifa walata ena ayata mehen thegi vidiyata eyalata mehen denawa aragena yanna. onna oka thamai aththa.tawa tika dawasak yanakota eliwevi. mahinda dinawapu ayata hodawede rata kana ekama thamai karanne.illala puke aragannawa kiyanne okata

    ReplyDelete
  4. w3 අයියා මේ වාහන බදු අඩු කිරීමේදී සුඛෝපභෝගී වාහන වලට විතරද සහනයක් ලැබෙන්නෙ. පොඩි එකා යූස් කරන වාහනවල මිළ තවත් වැඩිවෙනවද? ටිකක් හොයල බලල කතන්දරේ හරියටම කියනවනම් ලොකු දෙයක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා