එංගලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වුණේ ලංකාව කියූ දේ නො ඇසූ නිසයි | England out of World Cup since she did not listen to Sri Lanka

(2010 ජුනි 29, W3Lankaගෝල 4-1කින් ජර්මනියට පැරදීම නිසා එංගලන්ත පාපන්දු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වීම අද එංගලන්තයේ පාපන්දු ලෝලීන්ගේ මහත් කම්පාවට හේතු වී තිබේ.


එංගලන්ත මාධ්‍ය රැසක් ම පරාජය ගැන දොස් පවරන්නේ පුහුණුකරු ෆේබියෝ කැපෙලෝටයි. ඊට අමතරව විනිසුරුවන්ගේ දෝෂ පිළිබඳව ද දොස් පැවරෙමින් තිබේ.


එහෙත්, අප නම් කියන්නේ වරද එය නොව, එංගලන්තය ලංකාව කියූ දේ නො ඇසූ එක ය.


අප මේ පිළිබඳව

ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White

යන මැයෙන් ලිපියක් ලියූ අතර එහි මාතෘකාව ඉංග්‍රීසියෙන් ද ලියුවේ සුද්දන්ට හොඳින් තේරෙන්නට ය. ලංකාව ලෝකෙන් උතුම් රට බැවින් සුද්දෝ සිංහල ඉගෙන ගත යුතු ය. නැතිනම්, ලංකාව ආසියාවේ ආශ්චර්යය වන දාට ලංකාවට හිඟා කන්නට එන සුද්දන්ට පිච්චියක් සොයා ගැනුමට ලැබෙන්නේ නැත.


එංගලන්ත පාපන්දු පිලේ හිටපු නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ පාදයේ ආබාධය සුවකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 මාර්තු මාසයේ ආරාධනාවක් යැව්වේ ලංකාවේ යුද්ධයෙන් අත පය කඩා ගත් දස දහස් ගණනක් සිටියදී එතුමා බෙකම්ගේ අණ්ඩ ගැන ඊටත් වඩා සංවේදී වූ නිසා ය. 


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට් මහතා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඩේවිඩ් බෙකම් වෙත ආරාධනා පත්‍රයක් යැවූ බවයි. එහෙත්, මේ සුද්දා එකී ආරාධනා පත්‍රය ලැබුණු බවවත් ජනමාධ්‍යයකට කීවේ නැත.


ඩේවිඩ් බෙකම් ඉතාලියේ පාපන්දු සමාජයකට ක්‍රීඩා කරමින් සිටියදී පාදයේ බත් කෙණ්ඩේ ආබාධයකට ලක්ව පසුව ෆින්ලන්තයේදී ශල්‍යකර්මයකට භාජනය කරන ලද අතර මාස හයක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට ඔහුට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.


1998 දී එංගලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියට එක්වූ බෙකම් ජූනි මාසයේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක පාපන්දු ශූරතාවලියට සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටියේය. එම තරගාවලියට සහභාගිවීමට හැකි වී නම් ලෝක කුසලාන පාපන්දු තරගාවලි හතරක් නියෝජනය කළ පළමු එංගලන්ත ක්‍රීඩකයා ලෙස 34 හැවිරිදි බෙකම් ඉතිහාසගත වීමට ද තිබිණි. 


ඉතිහාසගත වීම ශරීර සෞඛ්‍යයට වඩා වැදගත් කරුණක් ලෙස ලංකාවේ අපි නම් සිතන්නෙමු. අප බොහෝ කරුණු අතින් ඉතිහාසගත වී සිටින්නේ එහෙයිනි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත ලින්ඩ්සේ වයිට් ජීවකතුමා එක්ස්රේ පතක්වත් නොබලා සිය ගුප්ත බල සහිත ආයුර්වේද ප්‍රතිකාර මගින් දින තුනකදී බෙකම්ට ක්‍රීඩාපිටියට අවතීර්ණ විය හැකි බවට විශ්වාසය පළ කළමුත් මේ බෙකමා එය ගණන් ගත්තේ නැත. දැන් ඔය එංගලන්තයට කෙළ වී ඇත්තේ ඒ නිසා ය.


“මා සූදානම් ඔහුට ප්‍රතිකාර කිරීමට. ඔහුගේ ආබාධය දින තුනකදී සුව කළ හැකියි. ක්‍රීඩාපිටියට යන්න පුළුවන්. සාම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකර්ම සමඟ මුසුකරන විශේෂ බලයක් තිබෙනවා” එදා වෛද්‍ය එලියන්ත වයිට් විදෙස් මාධ්‍ය වෙත පැවැසීය.


ජනාධිපතිතුමනි, ඔය පර සුද්දන්ට බම්බු ගසා ගන්නැයි කියා මේ ආශ්චර්යවත් ජීවකයා ලවා පාපන්දු ගසන අපේ කොල්ලන්ගේ කකුල් මසාජ් කරවමු. එවිට ආසියාවේ ආශ්චර්යය වෙනවා‍ට අමතරව අපට 2014 ලෝක කුසලානය දිනා ගන්නට ද හැකි වනු ඇත.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. ගොන් ටොක් දෙන්න එපා පොන්නයි ආයුර්වෙදේ හැකියාව කොච්ච‍්රද් කියලා දැන ගනින් හුත්තිගේ පුතා

    ReplyDelete
  2. ඔය වයිට් උන්නැහේ මොලේ අමාරු වලටත් බෙහෙත් දෙනවා නම් ඔය උඩින් කොමෙන්ට් දාල තියෙන එකා වත් යවමුකෝ ආයුර්වෙදෙන් සනීප කර ගන්න කියලා .

    ReplyDelete
  3. @Anonymous ඔබතුමාගේ වචනනම් හරිම සුන්දරයි! මේ ආණ්ඩුවට ඔබ වගේ ය තමයි ගැලපෙන්නේ . ඇත්තටම තමන්ගේ නමවත් දාලා comment කරන්න අසමත් සක්කිලි කටකින් යුත් ඔබ ඔය කියන මහා ජීවකයනන්ගෙන් හිස කුදිච්චියක් දා ගත යුතුයි කියලයි මට හිතෙන්නේ ...
    කොහොම උනත් මේ කියන සුවකරන්නා ආයුර්වේද වෛද්‍යවරයෙක්ද? ව්යිකල්පිත ව්‍යිද්‍යා - Alternative Medicine සියල්ල ආයුර්වේදය නෙමේ ...
    ඒවගේම මේ සුවකරන්නා ලංකාවේ දුප්පත් දරුවන්, සෙබළුන් ඇතුළු රෝගී වැසියන් සුව නොකරන්නේ මන්ද කියන තර්කයට ඔබේ පිළිතුර කුමක්ද ? ඔබ වෙනි බාල අදහස් ඇති කුණුහරුපයෙන් ජීවත් වන රටවැසියන් ඉන්නකන් මේ පාලකයන්ට රටම රවටන්න පුළුවන් ...

    ReplyDelete
  4. @Anonymous
    නරකද මහත්තයෝ දේශීය වෛද්‍ය අමාත්‍යංශය වගේ එකක් ඉල්ල ගත්තොත්? (කැමතිනම් පශුවෛද්‍ය එක දෙන්න පුළුවන්)

    ReplyDelete
  5. @Anonymous

    ඔය තියෙන්නේ යස අගේට ආයුර්වේදෙ හැකියාව

    ReplyDelete
  6. ආයෙත් අහලා. පරණ වෙදකමේ හැටියට හරියටම නිලේ අල්ලපුවාම ඕවා කියවෙනවලු.

    ReplyDelete
  7. මේක ලියන පිස්සු පැරකුම්ට වයිට් ලව්වා ඉසකුඩිච්චියක් දැම්මොත් නරකද?

    ReplyDelete
  8. ෂෝක්. වයිට් ව ගෙදරම තියාගෙන ඉසකුඩිච්චි දාගන්න උන් කෙළින පිස්සු දැක්කහම අපිටත් ආසයි.

    ReplyDelete
  9. nile ahuwune kageda kiyala pahadiliyi

    ReplyDelete
  10. මැක්සා සහෝ, මේ ප්‍රබල උපහාස ශෛලයට මම මාර කැමතියි. මරු. මරේම මරු!!!

    ReplyDelete
  11. ආයුර්වේද haaskam neda????
    nodakin mehemath ratak..!!
    mey wage circus karayo innakam lanakawata deiyannagema pihitayi...!!!

    mey wage boru karayo ආයුර්වේද wedakamatath awanabmu karanawa boru kela kela..!!! nodakin..!!

    ReplyDelete
  12. බොලා නොදන්නවට සචින්ට වෙදකම් කලෙත් ඩිල්ශාන්ගේ කකුල සනීප කලෙත් වයිට්.. තොපි ඉතින් සුද්දගේ පුක ලෙව කකා හිටපිය පොන්න වෙසිගේ පුතාලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා