එංගලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වුණේ ලංකාව කියූ දේ නො ඇසූ නිසයි | England out of World Cup since she did not listen to Sri Lanka
(2010 ජුනි 29, W3Lanka ) ගෝල 4-1කින් ජර්මනියට පැරදීම නිසා එංගලන්ත පාපන්දු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වීම අද එංගලන්තයේ පාපන්දු ලෝලීන්ගේ මහත් කම්පාවට හේතු වී තිබේ. එංගලන්ත මාධ්‍ය රැසක් ම පරාජය ගැන දොස් පවරන්නේ පුහුණුකරු ෆේබියෝ කැපෙලෝටයි. ඊට අමතරව විනිසුරුවන්ගේ දෝෂ පිළිබඳව ද දොස් පැවරෙමින් තිබේ. එහෙත්, අප නම් කියන්නේ වරද එය නොව, එංගලන්තය ලංකාව කියූ දේ නො ඇසූ එක ය. අප මේ පිළිබඳව ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White යන මැයෙන් ලිපියක් ලියූ අතර එහි මාතෘකාව ඉංග්‍රීසියෙන් ද ලියුවේ සුද්දන්ට හොඳින් තේරෙන්නට ය. ලංකාව ලෝකෙන් උතුම් රට බැවින් සුද්දෝ සිංහල ඉගෙන ගත යුතු ය. නැතිනම්, ලංකාව ආසියාවේ ආශ්චර්යය වන දාට ලංකාවට හිඟා කන්නට එන සුද්දන්ට පිච්චියක් සොයා ගැනුමට ලැබෙන්නේ නැත. එංගලන්ත පාපන්දු පිලේ හිටපු නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ පාදයේ ආබාධය සුවකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 මාර්තු මාසයේ ආරාධනාවක් යැව්වේ ලංකාවේ යුද්ධයෙන් අත පය කඩා ගත් දස දහස් ගණනක් සිටියදී...