ජී.එස්.පී. ප්ලස් එපා, ලංකාව කියයි: යුරෝපා සංගමයේ රෙදි ගැලවේ. | European Union stripped; Sri Lanka rejects conditions for GSP Plus

(2010 ජුනි 25, W3Lankaලංකාවේ සිට යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරනු ලබන ඇගලුම් ඇතුළු භාණ්ඩ වර්ග 7200කට ලබා දෙන තීරු බදු සහනය දීර්ඝ කර ගැනීම සඳහා යයි කියමින් පසුගිය දිනවල ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් මහජන මුදලින් යුරෝපයේ රවුම් ගසමින් මහජන කාලය කා දමමින් සාකච්ඡා පැවැත්වූ හ. 


මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ ඇමති මෙසේ මහජන මුදල් කෑ එක් අ‍යෙකි. එහෙත්, ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන ලබා ගැනීම සදහා යුරෝපය මානව හිමිකම් පිළිබඳ කොන්දේසි අනිවාර්යයෙන් ඉදිරිපත් කරන බව ද, යුද අපරාධ චෝදනා නිසා මව් රට වන ඇමරිකාවට පවා යන්නට බැරිව සිටින සාමාජිකයන් සිටින ලංකාවේ පාලක පවුලට මානව හිමිකම් ඇලජික් බැවින් ඒවාට එකඟ වන්නට බැරි බව ද තේරුම් ගැනීමට ලෝකය වටේ ගියත් මේ උත්තමයාට බැරි වී තිබේ. 


යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහනය දෙන්නේ ලංකාවේ හෙළයන්ට ඒක නො දුන්නොත් උන්ට රෙදි නැතිව හෙළුවෙන් වන වනා ඉන්නට සිදු වන නිසා නොවේ. යුරෝපා සංගමය බලාපොරොත්තු වන අන්දමේ ශිෂ්ඨත්වයක් ලංකාව වැනි හිඟන රටවල ඇති කිරීම සඳහා ය. මෙවැනි හිඟන රටවල් තව ඕනැ තරම් ලෝකයේ ඇති බැවින් ඒ අතරින් කීපයක් තෝරා ගැනීම යුරෝපා සංගමයට අසීරු නැත. අනෙක ශිෂ්ඨත්වය හෙළා දකින, මිනිසුන්ට මානව හිමිකම් අවශ්‍ය නැතැයි පවසන පාලකයන් සිටින ලංකාව වැනි රටකට මේ සහනය දුන්නොත්, එසේ දුන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන්නේ ලංකාවේ ම යාළු තවත් හිඟන රටකි. අපට තීරු බදු සහන දියව් කියා යුරෝපා සංගමයට කොන්දේසි දමන්නට ලංකාවට බැරි ඇයි ද යන්න තේරුම් ගැනීමට මහාචාර්යවරුන් වන්නට අවශ්‍ය නැත. 

ජී.එස්.පී. ප්ලස් එක තොපේ අතන ගසා ගනියව් කියා වීරෝදාර උත්තරයක් ලංකාව වෙනුවෙන් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල වීරයා දී තිබේ. හරි ෂෝක් ය. දැන් යුරෝපා සංගමයට දත කට පූට්ටු වී ඇතැයි ලංකාවේ ගොඩේ අප්පුහාමිලා හිතනවා ඇත. 


එහෙත්, මේ අප්පුහාමිලා නො දන්නවා වුණාට යුරෝපා සංගමය දමා තිබෙන කොන්දේසි වඩා හොඳ තම තමන්ට ම ය. පහත සඳහන් වන්නේ ඒ කොන්දේසිවලින් සමහරකි.


17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම: මෙගින් සිදු වන්නේ පොලිසිය, අධිකරණය, රාජ්‍ය සේවාව, ජිල්මාට් දමන මැතිවරණ දෙපාර්තමේන්තුව වැනි ආයතන දේශපාලන බලපෑමට යටත් නො වන ස්වාධීන කොමිෂන් යටතට පත් වීමයි. 


හදිසි නීතිය ඉවත් කිරීම: පොලිසියට අසීමිත බලයක් ලැබී තිබෙන්නේ ලංකාවේ සාමාන්‍ය නීතිය බවට පත් වී තිබෙන හදිසි නීතිය නිසා ය.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත: මෙම පනත යටතේ පාලකයන්ට ඕනෑ වෙලාවක ඕනෑ ම පුද්ගලයකු ත්‍රස්තවාදියකු කර දීර්ඝකාලීනව සිර කළ හැකි ය. (දැන් ලංකාවේ කොටි නැත. ඉන්න කොටින් වන කේ.පී. වැනි අය ඉන්නේ ආණ්ඩුවේ ය.)


දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම: මෙමගින් අපේක්ෂා කරන්නේ ද සැකකරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමයි. අධිකරණයෙන් වරදකරුවකු බවට පත් කරන තුරු සැකකරුවකු වරදකරුවකු වන්නේ නැත. 


(ලංකාව ද ඇතුළුව ශිෂ්ඨත්වය අපේක්ෂා කරන ලෝකය විසින් ගොඩනඟා ගන්නා ලද සංවිධානයක් වන) එක්සත් ජාතීන් වෙත පැමිණිලි කරන්නට ලංකාවේ පුරවැසියන්ට අයිතිය ලබා දීම:  ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ධුරය කලක් සරත් එන්. සිල්වා විසින් ද දරන ලදී.  ඔහුගේ තීන්දු වැරදි යයි කියමින් ඒවා නො තකා කටයුතු කළ ප්‍රධාන ආයතනයක් වන්නේ ලංකාවේ ආණ්ඩුවයි. මෙවැනි තත්වයක් පවතින කල අහිංසකයකුට සිය පැමිණිල්ල ලෝකය වෙත ගෙන යාමට ඉඩ දීමේ වරද කුමක්ද?


2008දී ජනාධිපති විසින් මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද කොමිෂමේ වාර්තාව ප්‍රසිද්ධ කිරීම: ඉතින් මළ හත්තිලව්වේ මේ ලබ්බ පත් කරලා තියෙන්නෙත් ජනාධිපති නම්, වාර්තාව තියෙන්නෙත් එයා අතේ නම්, මේවා නඩත්තු කරන්න බදු ගෙවන ජනතාවට ඒ ගැන කියන්න කියලා යුරෝපා සංගමය කියන්න ඕනැද?


අත්අඩංගුවේ සිටින කොටි සාමාජිකයන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීම: කොටි වුණාට මේ අයත් කාගේ හරි දරුවෝ, කලත්‍රයන් හෝ නෑයෝ. ඉතිරි වී සිටින ලොකු ම කොටියා ආණ්ඩුවේ ලොක්කන් එක්ක පාටිත් දානවාලු. මේ ළඟදි කිලිනොච්චියේ ඇවිදින්නත් ගියා. එහෙව් එකේ අත්අඩංගුවේ ඉන්න අයගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන එක ඔච්චර දෙයක් ද? 


මානව හිමිකම් සංවිධානවලට මේ රැඳවුම් ස්ථාන බලන්න යන්න අවසර දීම: දැන් ඉතින් අවුරුද්දක් ගියානේ.  ප්‍රශ්න කරන්න කාව හරි කකුල් දෙකෙන් එල්ලුවා නම් දැන් බාලා ඇතිනේ. ඉතින් ඔය ඉන්න කට්ටියව නාවලා, පවුඩර් දාලා, ඇත්ත විස්තර කිව්වොත් 'අම්මට ...' කියලා අර අසූ නමයෙදි රතු කුරුසෙට ජවිපෙ කැරැළිකරුවන් සිටි කඳවුරු පෙන්නුවා වගේ පෙන්නන එකනේ තියෙන්නේ. මේවා කරන හැටි හමුදාව, පොලිසිය නම් දන්නවා. බලන්න එන එවුනුත් දන්නවා. 


ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම පාර්ලිමේන්තුව විසින් පිළිගැනීම: හැදුවේ තමන් ම නම් මොකද තමන්ට ම පිළි ගන්න බැරි?


මාධ්‍යකරුවන්ට හිංසනයෙන් තොරව කටයුතු කරන්නට ඉඩ දීම: මේක කළොත් මුලින් ම පාඩු ඔය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි රාජ්‍ය නොවන සංවිධානවලටයි. 


යුරෝපයට ගොස් දීනයන් ලෙස හැසිරෙන ලංකාවේ දේශපාලකයෝ හා නිලධාරීහු ලංකාවට ආ පසු යුද අපරාධචෝදනා නිසා බියේ යු‍රෝපයට යන්නට බයේ සිටින ලංකාවේ පාලකයන්ට යට වී කමන් දන්නා කළ යුත්ත නොව වෙනත් දේ කර තමනුත් නා රටත් නාවති. 


ලංකාවේ මෝඩ ජනතාව උන්ට හුරේ දමා පොසොන් එකට බාර් වසා මතට තිත තබන්නට කලින් පොලිමේ ගොස් අරක්කු මිළ දී ගනිමින් ආණ්ඩුව අලුතෙන් අරක්කු බෝතලයට දැමූ රු. 50 බද්ද ගෙවති. පෝයට ඒක බී ගෙදර බිරිඳට තඩි බා හන්දියට ගොස් රුපියලක බද්දක් අලුතෙන් ගැසූ සිගරැට් උරමින් යුරෝපා සංගමයට බනිති. 


යුරෝපා සංගමයේ රටවල ජීවත් වන බහුතරයක් ජනයා ලංකාව කියා රටක් ලෝකයේ තිබෙනවාද කියාවත් නො දනිති. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. adenawa...!!!

    "ලංකාවේ මෝඩ ජනතාව උන්ට හුරේ දමා පොසොන් එකට බාර් වසා මතට තිත තබන්නට කලින් පොලිමේ ගොස් අරක්කු මිළ දී ගනිමින් ආණ්ඩුව අලුතෙන් අරක්කු බෝතලයට දැමූ රු. 50 බද්ද ගෙවති. පෝයට ඒක බී ගෙදර බිරිඳට තඩි බා හන්දියට ගොස් රුපියලක බද්දක් අලුතෙන් ගැසූ සිගරැට් උරමින් යුරෝපා සංගමයට බනිති. "

    pattai...!!! meka tamai aththa...!!!
    ape unta TV eke lassana ad ekak dala mona kiwwath un eka ehalin pili gannawa....!!

    ReplyDelete
  2. Meka harima technical........Nice analysing.......RAJAPAKSHATA wiruddawa Gon redical weerayo wenna dangalana wikalpa wesigeputhalage pachawalata wada mama mekata kemathi........Meken minissunta anduwe gonkama gena wishwasaneeya idea ekak lebenawa..........Thanks


    Wikapla kiyala mama adahas karanne 'WIKALPA' paper eka newei. Poduwe main stream ekata wiruddai kiyala pennala thaman inna kulakaya athule lesiyen porak wenna dangalana punchi battichchanwa...........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා