Posts

Showing posts with the label ජී.එස්‌.පී. ප්ලස්‌

ජී.එස්.පී. ප්ලස් එපා, ලංකාව කියයි: යුරෝපා සංගමයේ රෙදි ගැලවේ. | European Union stripped; Sri Lanka rejects conditions for GSP Plus

Image
(2010 ජුනි 25,  W3Lanka )  ලංකාවේ සිට යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරනු ලබන ඇගලුම් ඇතුළු භාණ්ඩ වර්ග 7200කට ලබා දෙන තීරු බදු සහනය දීර්ඝ කර ගැනීම සඳහා යයි කියමින් පසුගිය දිනවල ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් මහජන මුදලින් යුරෝපයේ රවුම් ගසමින් මහජන කාලය කා දමමින් සාකච්ඡා පැවැත්වූ හ.  මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ ඇමති මෙසේ මහජන මුදල් කෑ එක් අ‍යෙකි. එහෙත්, ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන ලබා ගැනීම සදහා යුරෝපය මානව හිමිකම් පිළිබඳ කොන්දේසි අනිවාර්යයෙන් ඉදිරිපත් කරන බව ද, යුද අපරාධ චෝදනා නිසා මව් රට වන ඇමරිකාවට පවා යන්නට බැරිව සිටින සාමාජිකයන් සිටින ලංකාවේ පාලක පවුලට මානව හිමිකම් ඇලජික් බැවින් ඒවාට එකඟ වන්නට බැරි බව ද තේරුම් ගැනීමට ලෝකය වටේ ගියත් මේ උත්තමයාට බැරි වී තිබේ.  යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහනය දෙන්නේ ලංකාවේ හෙළයන්ට ඒක නො දුන්නොත් උන්ට රෙදි නැතිව හෙළුවෙන් වන වනා ඉන්නට සිදු වන නිසා නොවේ. යුරෝපා සංගමය බලාපොරොත්තු වන අන්දමේ ශිෂ්ඨත්වයක් ලංකාව වැනි හිඟන රටවල ඇති කිරීම සඳහා ය. මෙවැනි හිඟන රටවල් තව ඕනැ තරම් ලෝකයේ ඇති බැවින් ඒ අතරින් කීපයක් තෝරා ගැනීම යුරෝපා ස...

ජී.එස්.පී ප්ලස් අහිමි වීමෙන් ලංකාවේ බයිසිකල් කර්මාන්තයත් අනතුරේ | Sri Lanka bicycle industry too is at peril with the loss of GSP Plus

(2010 පෙබරවාරි 24- W3Lanka )   යුරෝපා සංගමය විසින් සපයනු ලබන ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වීම නිසා සිදු වන හානි අතරින් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන්නේ ඇගලුම් කර්මාන්තයටයි. බොත්තම දක්වා ඇඟලුම් කර්මාන්තයේ සියලු යෙදවුම් ආනයනය කරනමුත් දෙලක්ෂයක් පමණ ජනයා ශ්‍රමිකයන් ලෙස ඍජුව ම සම්බන්ධ වන කර්මාන්තයක් බැවින් එයින් සිදු වන හානිය කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම සාධාරණය.  ඇඟලුම් හැර තවත් භාණ්ඩ වර්ග 6500කට අධික ප්‍රමාණයකට මෙම බදු සහනය හේතුවෙන් යුරෝපා සංගමය තුළ  හොඳ වෙළඳපලක් ලබා ගැනීමට හැකි  වී තිබේ. එම භාණ්ඩ ආශ්‍රිත කර්මානතවලට ද ජී.එස්.පී ප්ලස් අහිමි වීම නිසා දැඩි වෙළඳ තරගකාරිත්වයකට මුහුණ දීමට සිදු වේ.  සියයට සියයක් ම දේශීය අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කෙරෙන පෝසිලේන් කර්මාන්තය මෙහි විශේෂ අංශයකි.  තවත් කර්මාන්තයක් වන්නේ බයිසිකල් හා බයිසිකල් කොටස් නිෂ්පාදන කර්මාන්තයයි. 2008 වසරේදී යුරෝපා සංගමයේ බයිසිකල් සැපයුම්කරුවන් අතරින් සිව්වන ස්ථානයේ සිටි ලංකාව බයිසිකල් 700,000ක් එරටට යැවූ බව බයිසිකල් වෘත්තිකයන්ගේ වෙබ් අඩවියක් වන බයික් යුරොප් පවසයි. එසේම ප්‍රධාන වශයෙ...

ජී.එස්.පී. ප්ලස් අහෝසියි; ඇගලුම් කර්මාන්තයෙන් යැපෙන ජීවිත අනතුරේ

Image
(2010 පෙබරවාරි 06- W3Lanka )   ලංකාවෙන් යුරෝපයට කරන අපනයනවලට සපයා තිබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහෝසි කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. එය යළි ලබා ගැනීමට අවශ්‍ය තත්වයන් ලංකාව විසින් සම්පූර්ණ කර නැති බව යුරෝපා සංගමයේ තීරණය වී ඇත. දිළිඳු රටවල් 16කට යුරෝපා සංගමය විසින් මෙම සහනය ලබා දී තිබුණේ එම රටවල සමාජ හා මානව හිමිකම් තත්වයන් සැලකිල්ලට ගෙනයි. මෙම වෙළඳ සහන නිසා ලංකාව වසරකට ඩොලර් මිලියන 150ක පමණ ආදායමක් ලබන බව තක්සේරු කර තිබේ. ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි. ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් ලංකාවේ ඇඟලුම් අපනයනවල මිළ 10%කින් පමණ වැඩි වන අතර එය ඉල්ලුමට බල පායි. ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබන රටවල් හා චීනය වැනි ශ්‍රම මිළ අඩු රටවලින් ඇති තරගකාරිත්වය හමුවේ ලංකාවේ ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් ඇති බව අදාළ ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයෝ පවසති. බහුතරය කාන්තාවන් වන ලක්ෂ දෙකක් පමණ වන කම්කරුවෝ ඍජුවම ද, තවත් දස ලක්ෂයක් පමණ ජනයා ද ඇගලුම් කර්මාන්තයෙන...

ජී.එස්.පී. සහන අහිමි වීමෙන් රට අවදානමේ

Image
(2009 දෙසැම්බර් 18 - W3Lanka ) ජී එස් පි සහනය ලංකාවට ලබා දීම තාවකාලිකව අත්හිටවිය යුතු බව යුරෝපා කොමිසම ඊයේ  බ‍්‍රසල්ස් නුවර පැවති සාකච්ඡාවකදී ගත් තීරණය ලංකාවේ අනාගතයට දැඩි බලපෑමක් කරන බව නිසැක ය. මේ පිළිබදව ඉදිරි මාස දෙක තුළදී ඡන්දයක් පවත්වා එකී ඡන්දයෙන් ප්‍රකාශ වන මතය මාස හයක් ඇතුළත ක‍්‍රියාත්මක කිරීමටද යුරෝපීය සංගමය තීරණය කර ඇත. යුරෝපා සංගමය විසින් ඔක්තෝබර් මාසයේදී ලංකාව පිළිබද සිදුකළ පරීක්ෂණයක වාර්තාව මගින් පවසා තිබුනේ එම සහනය ලබාදීම තාවකාලිකව අත්හිටුවිය යුතු බව නිර්දේශ කර තිබිණි.  ජී.එස්.පී. ප්ලස් සහනය සඳහා යෝග්‍ය තත්වයට පත් වීම පිණිස අවශ්‍ය වන මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය හා අදාළ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීම ලංකාවේ රජය විසින් දිගින් දිගට ම මගහැරීම මෙම සහන රටට අහිමි වීමට හේතුවයි. ජී.එස්.පී. ප්ලස් බදු සහන ලංකාවට නො ලැබෙන්නේ භූ දේශපාලනික ක‍්‍රමෝපායයන්ගේ සීරුමාරුවකට වඩා රටේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැටළුවක් හේතුවෙනි. පොලිස් ප‍්‍රචණ්ඩත්වය, හිංසනය හා ළමයින් සේවයේ යෙදවීම වැනි කම්කරු නීති උල්ලංඝනය කිරීම් ලංකාවට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ...

ජී.එස්‌.පී. ප්ලස්‌ තීරුබදු සහනය අහිමි වීම ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගයට පහරක්

Image
(2009 සැප්තැම්බර් 03 - W3Lanka) ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ කර තිබෙන ඇගැයීම ශ්‍රී ලංකාවට හිතකර නොවන බැවින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දුන් ජී.එස්‌.පී. ප්ලස්‌ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට ලැබීම අවිනිශ්චිත බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්‌. රනුග්ගේ පවසයි. ජී.එස්‌.පී. තීරුබදු සහන අහිමි වුවහොත් මෙරට ඇඟලුම් ඇතුළු විවිධ අපනයන කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත. එයින් සමස්ත ආර්ථිකයටම දැඩි බලපෑමක් සිදු වේ. ලක්ෂ තුනක පමණ ශ්‍රමික පිරිසක් ඍජුවම රැකියාවේ යෙදි සිටින ඇගලුම් අපනයන ක්ෂේත්‍රය ලංකාවේ ඉහළම විදේශ ආදායම් උත්පාදන මාර්ගයයි. පසුගිය වසරේ මෙමගින් ඩොලර් බිලියන 3.47ක් උපයා දෙන ලදී.  ඊළඟට වැඩිම ආදායම ලබා දෙන්නේ විදේශ රටවල ලාංකික ශ්‍රමිකයන් විසිනි. එම ආදායම ඩොලර් බිලියන තුනකි. තේ අපනයනයෙන් ගිය වසරේ ඉපැයූ ආදායම ඩොලර් බිලියන 1.2කි.