ජී.එස්.පී. සහන අහිමි වීමෙන් රට අවදානමේ

(2009 දෙසැම්බර් 18 - W3Lanka) ජී එස් පි සහනය ලංකාවට ලබා දීම තාවකාලිකව අත්හිටවිය යුතු බව යුරෝපා කොමිසම ඊයේ  බ‍්‍රසල්ස් නුවර පැවති සාකච්ඡාවකදී ගත් තීරණය ලංකාවේ අනාගතයට දැඩි බලපෑමක් කරන බව නිසැක ය. මේ පිළිබදව ඉදිරි මාස දෙක තුළදී ඡන්දයක් පවත්වා එකී ඡන්දයෙන් ප්‍රකාශ වන මතය මාස හයක් ඇතුළත ක‍්‍රියාත්මක කිරීමටද යුරෝපීය සංගමය තීරණය කර ඇත.

යුරෝපා සංගමය විසින් ඔක්තෝබර් මාසයේදී ලංකාව පිළිබද සිදුකළ පරීක්ෂණයක වාර්තාව මගින් පවසා තිබුනේ එම සහනය ලබාදීම තාවකාලිකව අත්හිටුවිය යුතු බව නිර්දේශ කර තිබිණි. 

ජී.එස්.පී. ප්ලස් සහනය සඳහා යෝග්‍ය තත්වයට පත් වීම පිණිස අවශ්‍ය වන මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය හා අදාළ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීම ලංකාවේ රජය විසින් දිගින් දිගට ම මගහැරීම මෙම සහන රටට අහිමි වීමට හේතුවයි.

ජී.එස්.පී. ප්ලස් බදු සහන ලංකාවට නො ලැබෙන්නේ භූ දේශපාලනික ක‍්‍රමෝපායයන්ගේ සීරුමාරුවකට වඩා රටේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැටළුවක් හේතුවෙනි.

පොලිස් ප‍්‍රචණ්ඩත්වය, හිංසනය හා ළමයින් සේවයේ යෙදවීම වැනි කම්කරු නීති උල්ලංඝනය කිරීම් ලංකාවට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන නො ලැබීමට ප‍්‍රධාන හේතු බව යුරෝපා සංගම් මුලාශ‍්‍ර පවසයි.


2008 වන විට ජී එස් පී ප්ලස් සහනය නිසා ඩොලර් මිලියන 108 ක බදු සහනයක් ලංකාවට ලැබී තිබිණි.


ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි.

ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් ලංකාවේ ඇඟලුම් අපනයනවල මිළ 10%කින් පමණ වැඩි වන අතර එය ඉල්ලුමට බල පායි. ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබන රටවල් හා චීනය වැනි ශ්‍රම මිළ අඩු රටවලින් ඇති තරගකාරිත්වය හමුවේ ලංකාවේ ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් ඇති බව අදාළ ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයෝ පවසති. 

බහුතරය කාන්තාවන් වන ලක්ෂ දෙකක් පමණ වන කම්කරුවෝ ඍජුවම ද, තවත් දස ලක්ෂයක් පමණ ජනයා ද ඇගලුම් කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගනිති.





Comments

  1. ජි.එල් කියලා තිබුණේ GSP+ නොදුන්නොත් නඩු යනවා කියලා.නඩුව සියඹලාංඩුවේ උසාවියේ file කරන්න මහාචාර්‍යතුමණි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා