ලංකාවේ ජනාධිපති ඡන්දයට අදාළ බරපතල තීන්දු පිටරටදී

(2009 දෙසැම්බර් 10 - W3Lanka) ජනවාරි 26 දින පැවැත්වෙන ජනාධිපතිවරණය හා අදාළව වැඩිපුර ම කටයුතු සිදු වෙමින් පවතින්නේ ලංකාවටත් වඩා ජාත්‍යන්තර තලයේදී බව දැනගන්නට තිබේ. 

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නියෝජිතයන් වන බැසිල් හා ගෝඨාභය සහෝදරයන් සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මේ දිනවල ඉන්දියාවට ගොස් සිටිති. එහි සිට ජනමාධ්‍ය ඇමතූ බැසිල් රාජපක්ෂ පැවසුවේ දෙමළ ප්‍රශ්නයට විසඳුම් දීමේ දේශපාලන ක්‍රියාවලියක් ජනාධිපතිවරණය අවසන් වූ වහා අරඹන බව සහ විසඳුම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය සංශෝධන ද කරන බව පැවසී ය.


ලංකාවේදී රාජපක්ෂවරු ව්‍යවස්ථා සංශෝධන හා දේශපාලන විසඳුම් පිළිබඳ කතා නො කරති.



විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ද පසුගියදා ඉන්දියාවේ චාරිකාවක නියැලුණේ ය.



විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නුදුරු දිනවලදී යුරෝපා සංචාරයක යෙදීමට නියමිත ය.

මේ අතර, මේ දිනවල ලංකාවේ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ආසියානු කලාපය භාර සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ'බ්ලේක් ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා ම හමු වී සාකච්ඡා කළේ ය.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා