පාලන මිළ බල්ලට! හාල් මිළ ගුවනට! ඔක්කොම කඩකාරයන් හිරේට!


(2009 දෙසැම්බර් 22 - W3Lanka) මේ දිනවල වෙළඳපොළේ සහල් මිළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.


රජය විසින් සම්බා සහල් සඳහා කිලෝවක් රු.70ක සහ කැකුළු සහල් සඳහා කිලෝවක් රු.60ක උපරිම සිල්ලර මිළක් නියම කර තිබෙනමුත් එම මිළට සහල් කිලෝවක් සොයා ගැනීම වෙළඳ හා පාරිභෝගික ඇමති බන්දුල ගුණවර්ධන සොයා ගැනීම තරම් ම දුෂ්කර වී තිබේ.


වැඩි මිළට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්‌ අද දිවයිනට පවසා තිබේ. ඒ අනුව, ලංකාවේ සියලු කඩ හිමියන් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිත ය.


රූමි මර්ෂුක්‌ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු බැවින් ඔහු දැනටමත් උතුරා යමින් තිබෙන බන්ධනාගාරවල මෙම පිරිස් සිරගත කරන ආකාරය පිළිබඳ නිර්මානශීලී ලෙස කටයුතු කරනු ඇත.


ලංකාවේ සියලු කඩ බන්ධනාගාර බවට පත් කිරීමෙන් මෙම ප්‍රශ්නය විසඳා ගත හැකි බව අපේ පුංචි මොළයට නිකමට හිතේ.



Comments

  1. බන්දුල, නොදනන දෙත් දන්නේ නෑ,දන්න දේ දන්නේත් නෑ,මොලේ ග්‍රැම් 71.3 යි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා