ප්‍රංශයේ ඊලාම් මැතිවරණයක්



(2009 දෙසැම්බර් 15 - W3Lanka) ලංකාවේ පාලකයන් යුද්ධය දිනුව ද සාමය සඳහා අවශ්‍ය ජනවාර්ගික සමගිය ගොඩනැඟීම සඳහා පියවර නො ගැනීම හා ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමට උනන්දු නො වීමේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ඊලාම්වාදය නැවත වරක් වෙනස් මුහුණුවරකින් සාර්ථක ලෙස හිස ඔසවමින් තිබෙනු දක්නට ලැබේ. 
වෙන ම දෙමළ ඊලාම් රාජ්‍යයකට කැමති ද නැද්ද යන කරුණ සම්බන්ධයෙන් දෙමළ ජාතිකවාදීන් විසින් ප්‍රංශයේ දෙමළ විදෙස්ගත ප්‍රජාව අතර පවත්වන ලද ජනමත විචාරණයකදී 99%ක්දෙනා ඊලමට පක්ෂව ඡන්දය දී ඇති බව ටැමිල්නෙට් වාර්තා කරයි. 



වයස 18ට වැඩි ලාංකික දෙමළ 31,148ක් මෙම ඡන්දයට සහභාගි වී ඇත.

කොටි සංවිධානයේ පරාජයත් සමග දෙමළ විදෙස්ගත ප්‍රජාවේ දෙමළ ඊලාම්වාදීන්ගේ උපාය මාර්ගය වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් ඊලාම් අරගලය ඉදිරියට ගෙන යාමයි. මේ සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිරි වී සිටින කොටස් විසින් යෝජනා කර ඇති ඊලාම් පාරජාතික පාලනයට එතරම් ප්‍රතිචාරයක් ලැබී නැති වුව ද, දෙමළ ඊලමක් පිහිටුවීම සඳහා 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් සම්මත කර ගන්නා ලද වඩුක්කොඩෛ යෝජනාව යළි වලංගු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් තිබේ. 

මෙවැනි මැතිවරණයක් මීට මාස කීපයක‍ට පෙර නෝර්වේහිදී ද පැවැත්විණි. 



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා