ආණ්ඩුව මංගල රැළිය සඳහා අනුරාධපුරයටත්, විපක්ෂය මහනුවරටත් යන්නේ ඇයි?

(2009 දෙසැම්බර් 17 - W3Lanka) එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මංගල රැළිය හෙට (18) සවස 2.00 ට අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.


ාම් අතර, එක්සත් ජාතික පෙරමුණේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගයෙන් ජනාධිපතිවරණය තරග කරන සරත් ෆොන්සේකාගේ මංගල රැළිය හෙට මහනුවරදී පැවැත්වේ.


අනුරාධපුරය වනාහි 19වන සියවසේදී ඉංග්‍රීසි පුරා විද්‍යාඥයන් විසින් ගොඩ ගන්නා ලද ක්‍රි.ව. 1000 පමණ දක්වා පැවති පැරණි රාජධානියක අග නගරයයි. සිංහල මූලික රාජ්‍ය ආධිපත්‍යය මූලික හරය කර ගත් පශ්චාත් යටත් විජිත සිංහල ජාතික ව්‍යාපාරය විසින් සිය පරමාදර්ශී නගරය ලෙස තෝරාගෙන ඇත්තේ අනුරාධපුරයයි.


මහනුවර ලංකාවේ පූර්ව යටත් විජිත යුගයේ අවසන් රාජධානියේ අගනගරයයි. එය ඉංග්‍රීසීන් අතට පත් වූයේ 1815දී ය. 

බෞද්ධයන්ට ශ්‍රී මහා බෝධිය පිහිටි අනුරාධපුරය මෙන් ම දන්ත ධාතුව තිබෙන මහනුවර ද එක ලෙස වැද ගත් වේ. 


දෙමළ ජාතිකවාදී කැරළිකරුවෝ මේ නගර දෙකට ම පහර දී මිනිස් ඝාතන සිදු කළ හ.



ආණ්ඩුව හා විපක්ෂය සිය මංගල රැළි සඳහා අන් සියලු කටයුතු සඳහා කේන්ද්‍රස්ථානය වන කොළඹ තෝරා නො ගෙන මේ අතීතය හා සම්බන්ධ නගර තෝරා ගැනීම පිළිබඳ ඔබ සිතන්නේ කුමක්ද?



Comments

  1. You don't have to go that far. SLFP always wins Anuradhapura while UNP usually wins Kandy. Big crowds, what they are after.

    ReplyDelete
  2. Agreed with comment 1. They are thinking big crowed. Thats' all.

    ReplyDelete
  3. Add to last two comments:

    Colombo is anybody's game!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. As govt thinks, there are a large No of families of the members of Armed forces in districts such as Anuradhaura and Kurunagala. their support is likely to be given to MR. Auradhapura, being a town of historical importance, is better for an election campaign which markets nationalism. not surprisingly, UNP, with its capitalistic policies and thinking, has been attracted to Kandy which accommodates a urban feudalistic society. the thinking of upper middle class in Kandy is a mixture of liberalism, capitalism, certain aspect of both traditionalism and modernism.

    ReplyDelete
  6. කොහොම උනත් දෙගොල්ලොම කොළඹින් පිට ඕවා කරන එක අපිට නිදහසේ පාරේ බැහැලා යන්න ලොකු පහසුවක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා