මහා විහාර භූමියේ ඉදි වන දේශපාලන සඳහිරුසෑයේ පුරාවිද්‍යාත්මක ගැටලුව
රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණයට පෙර වසර අටසියයකට පසු ප්‍රතිනිර්මාණය කරන ලද අනුරාධපුර මහා විහාරය සඟ සතු කිරීම දෙසැම්බර් 07 වැනිදා පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී සිදු වන බව අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ ඊයේ (03 දා) මහා විහාර පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ. මිහිඳු හිමියන් ඇතුළු සංඝයා වෙනුවෙන් දේවානම්පියතිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව 236දී පමණ ඉදි කළ මහා විහාරය ඉන් වසර දහසකට පමණ පසුව පොළොන්නරු යුගයේදී වල් බිහි වී විනාශ වී ගිය බව සැලකේ. මේ රටේ ථෙරවාද සම්ප්‍රදායේ මූලස්ථානය ලෙස සැලකිය හැකි මහා විහාරයේ ප්‍රධාන සංකේතය වන්නේ රුවන්වැලිසෑයයි. මේ සියවසේ මුල භාගයේදී රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය කරන ලදී. එහෙත්, මෑතක සිට මහා විහාර පරිශ්‍රයේ අලුතින් ඉදිවෙමින් පවතින සඳහිරුසෑය හේතුවෙන් රුවන්වැලිසෑයේ ශ්‍රී විභූතිය යටපත් වී යන තත්වයක් මතු වෙමින් තිබේ. මේ නව ඉදිකිරීම පුරා විද්‍යාත්මක නීති රීිති හා සම්ප්‍රදායන්ට අනුකූල ද යන්න ගැන සංවාදයක් ඇති විය යු...