2005 ආක්‍රමණශීලී පිරිමියා 2010දී බබුන් නළවන්නා වීම


(2009 දෙසැම්බර් 12 - W3Lanka) 2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පිරිමිකම නැති අයෙකු ලෙස හඳුන්වමින් ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදුණු මහින්ද රාජපක්ෂට 2010 ජනවාරි ජනාධිපතිවරණයේදී සිය ආක්‍රමණශීලී පිරිමි ප්‍රතිරූපය ඉවත දමමින් මාතෘ ලක්ෂණ මතු කරන ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සිදු වී තිබේ.


එයට හේතුව, ආක්‍රමණශීලී පිරිමියකු ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට තිබෙන ප්‍රතිරූපය සමග තරග කිරීමේ හැකියාවක් ඔහුට නොමැති වීමයි. 


2005 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ රැවුල ඇති, දුවමින් පඩි නැඟ වේදිකාවට පැමිණිය හැකි ජව සම්පන්න පිරිමියකු ලෙස හුවා දක්වන ලද නමුදු, දැන් ඔහු ළමයින් නළවන මාතෘ ගුණෝපේත පුද්ගලයෙකි. 


සරත් ෆොන්සේකා කොයි තරම් ආක්‍රමණශීලී පිරිමියකු ද කියනවා නම් දැන් ආණ්ඩුවට පක්ෂපාත මාධ්‍ය කියන්නේ ඔහුට ස්ත්‍රී දූෂණ චෝදනා ද ඇති බවයි.


ලංකාවේ බුද්ධිමත් නො වන ගැහැණු හා පිරිමි ඡන්දදායකයන් සාමාන්‍යයෙන් කැමති ආක්‍රමණශීලී පිරිමින්ටයි. කමල් අද්දරආරච්චිට එරෙහි ස්ත්‍රී දූෂණ නඩුවේදී ලංකාවේ මිනිසුන්ගේ අනුකම්පාව හිමි වුණේ ඔහු සමග සංසර්ගයේ යෙදුණු බාල වයස්කාරියට නොව අද්දරආරච්චිටයි. 



රැවුල හා ගොරෝසු පෙනුම අතහැර දමා බබුන් නළවන අම්මා කෙනෙකු වන්නට යාම මහින්ද රාජපක්ෂට අවාසි සහගත විය හැකි බව අපේ අදහසයි.




Comments

  1. මා හිතන ආකාරයට ලාංකීය දේශපාලනය ත=ළ මෙය නිවැරදි කියවීමකි. හේත=ව පසුගිය සමය ත=ළ ගම්බද ජනතාව පවුල් පිටින් Wrestling කී%ඩාව නැරඹූ ආකාරය ඔබට මතකද@. Wrestling
    වලදී ආක%මණශීලියා ජයග%හණය කරයි.

    ආක%මණශීලී පිරිමියාට ශී% ලාංකික සමාජය මහත් සේ ඇළුම් කරයි. විවාහක පිරිමින් සමග අවිවාහක කාන්තාවන් සම්මන්ධතා ගොඩනගා ගන්නේද ඒ අනුවය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා