එයා දැන් කල්පනාවෙන් මෙයා


(2009 දෙසැම්බර් 09 - W3Lanka) ලංකාවේ දේශපාලනයේචණ්ඩිකම්වලට ප්‍රසිද්ධ එක්තරා ඇමතිවරයෙක් මේ දිනවල ජනාධිපතිවරණ ව්‍යාපාරයේ වාසිය සීරුමාරුවන අකාරය පිළිබඳ හා ‍ග්‍රහ තාරකා පිළිබඳව නිහඬව අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ. 


පසුගිය ජනාධිපතිවරණවලදී ද මෙම දේශපාලකයා සියුම් ලෙස තම පක්ෂපාතිත්වයන් සීරු මාරු කළ අතර ඔහු අලුත් බලවතාගේ හිත ගැනීම සඳහා මුලින් ම කරන්නේ දෙපා නමැඳීමයි.


ඔහුගේ දේශපාලන චර්යාවේ මේ දිනවල කැපී පෙනෙන වෙනසක් දක්නට ඇති අතර ඔහු දැන් කලා ක්ෂේත්‍රයේ නව භූමිකාවන්ට ද අත ගසා ඇත. පාර්ලිමේන්තුවේදී වෙනදා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ඔහු දැන් ඉන්නේ මීයා වගේ බව ද පෙනේ. 

(ලේඛකයාගේ ශරීරාරක්ෂාව සඳහා මෙම සටහන වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම අවුරා තිබේ.)



Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප