පොලිස් විශේෂ කාර්ය බලකාය දැන් තේ රස බැලීමත් කරයි


(2009 දෙසැම්බර් 06 - W3Lanka) බොරැල්ල කාසල් වීදියේදී අතුරුදන් වූයේ යෑයි කියන ධනවත් ව්‍යාපාරිකයා උප පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු සිව්දෙනා පැහැර ගැනීමකට ලක්‌ නොවූ බව පවසන පොලිස්‌ මූලස්‌ථානය ඔවුන් කසළ තේ ජාවාරමක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පරීක්‍ෂණ කටයුත්තක්‌ සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් කියා සිටියි. 

බොරැල්ල කාසල් වීදියේ දේවි බාලිකා විද්‍යාලය ආසන්නයේදී උප පොලිස් පරීක්ෂකවරයකු ද ඇතුළු මෙම පිරිස පැහැර ගැනීමකට ලක්‌වූයේ යයි සැක කරමින් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ම මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළහ.

පොලිස් විශේෂ කාර්ය බලකාය අප දන්නා පරිදි නම්, වෙළඳ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ඇති ආයතනයක් නොවේ. අනෙක් පැත්තෙන් එම පිරිස පැමිණි වාහනය මග දමා, හොර රහසේ ම මිනිසුන් රැගෙන ගොස් දින ගණනක් රඳවාගෙන හිංසනයට ලක් කරන්නේ සාමාන්‍යයෙන් නම් කප්පම් ගැනීම සඳහා ය. ඒත් ඉතින් පොලිසිය එහෙම කරනවායැ!


මේ වනවිට මෙම පිරිස රහස්‌ පොලිසිය භාරයේ රඳවාගෙන සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග උපුා දක්වමින් දිවයින පුවත්පත කියයි.




Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප