විපක්ෂයේ සැලසුම රාජපක්ෂලාව හිරේ අරින්නලු


(2009 දෙසැම්බර් 12 - W3Lanka) විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, යුද අපරාධ සම්බන්ධ නො වන වෙනත් අපරාධ හා දූෂණ චෝදනා ඉදිරිපත්කර රාජපක්ෂ පවුල දැඩි පීඩනයකට ලක් කර දේශපාලනිකව නන්නත්තාර කිරීමේ සැලැස්මක් විපක්ෂය විසින් දැන් සිට ම සකස් කරමින් සිටින බව දැනගන්නට තිබේ.


ඒ අනුව, පසුගිය වසර 4 පුරාලංකාණ්ඩුවට ආයුධ මිල දී ගත් ලංකා ලොජිස්ටික් සමාගම හා අනෙකුත් වංචා දූෂණගැන පරීක්‍ෂණ පැවැත්වීමට කොමිසමක් පත්කරනු ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ - මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර පසුගියදා ජනමාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කළේය.

ඊට අමතරව, වසර 2005 නොවැම්බර් 21 වැනි දා පටන් නොව, 1989 - 90 යුගයේ පටන් බෙලිඅත්ත ආසනයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයන් ගැන ද පරීක්‍ෂණද පැවැත්විය යුතු බව මීඩියා වොච් සංවිධානය පවසයි.  විශේෂයෙන් ම වලියමුල්ලේ ප‍්‍රදේශයේ දී ඝාතනය කළ නීතීඥ විජයදාස ලියනාරච්චි ඝාතනය මෙන් ම, වීරකැටියේ නීතීඥ බණ්ඩාර ඝාතනය ගැන ද පරීක්‍ෂණ කළ යුතු බවට යෝජනා ඉදිරිපත් විය යුතු යයි එම සංවිධානය පවසයි.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා