එකම පවුලේ පස්දෙනෙකු කපා කොටා මැරීම හා ජාතිවාදය පිළිබඳ කතාවක්
අනුරාධපුරයේ විහාරහල්මිල්ලෑවේ එකම පවුලක පස්දෙනෙකු කපා කොටා මරා දමා ඇති බවට පුවත මට කෙටි පණිවුඩයකින් ලැබෙනකොට මා සිටියේ සේවා ස්ථානයේ විවේක කාමරයේ සගයින් කීප දෙනෙකු සමග කතා කරමිනි. ඒ පුවතේ අමුතු ගතිය නිසාත් විහාරහල්මිල්ලෑව කියන ගමේ නම එක්ක මට සිහිපත් වුණේ මායිම් ගම්මානයක් නිසාත් මම කිව්වා මේක කොටින්ගේ වැඩක් ද දන්නේ නැහැ කියලා. මේ ගමේ ඇත්ත නම මොකක්ද දන්නේ නැහැ. එක එක මාධ්ය කියන්නේ එක එක නම්. විහාරපාළුගම, විහාරහල්මිල්ලෑකුලම වගේ. මෙතන හිටිය ජාතිවාදී පක්ෂයකට සම්බන්ධ එක් අයෙක් පසුව මේ සිද්ධිය පිළිබඳ කතා කරමින් කිව්වේ මට හා වික්රමබාහු කරුණාරත්න වැනි අයට උවමනා වී තිබෙන්නේ එසේ කොටි සංවිධානය නැවත අවදි වීම දකින්න බවයි. ඔහු කියාගෙන ගියේ සිංහල ජාතිය පීඩාවට පත් වන විට මා සතුටු වන බවයි. බ්ලොග් කමෙන්ට්කරුවන් ඕනෑ තරම් මෙසේ කීවත්, භෞතිකව නිතර හමු වන මිනිසෙක් එසේ මා පිළිබඳව සෙසු අයට කියන විට මම මඳක් සසල වුණා. 1989 කැරැල්ලේ පරාජයෙන් පසුවත් බොහෝ දෙනා සිතා සිටියා ජවිපෙ සම්පූර්ණයෙන් ම අවසන් ය කියා. දැන් සමහරු හිතනවා කොටි සංවිධානය තිබෙන්නේ ඩයස්පෝරාවේ විතරයි කියලා. මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහ...