මහින්ද රාජපක්ෂ ප්‍රභූවරයෙක් නොවෙයි -චම්පික රණවක

(2009 දෙසැම්බර් 11 - W3Lanka) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රභූවරයකු නො වන බව පරිසර හා ස්වභාවික සම්පත් ඇමති චම්පික රණවක අද දිනමිණ පුවත්පතට පවසා ඇත. 


රාජ්‍ය නායකයා වශයෙන් නිර්ප්‍රභූ නායකයකු පත් වුවහොත් ඔහු එතැනින් එලවා දැමීමේ කුමන්ත්‍රණ පිළිබඳ ලෝක ඉතිහාසයේ මෙන්ම මෙරට ඉතිහාසයේ ද ඕනෑ තරම් ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළ බව දිනමිණ පුවත්පත පවසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අයත් වන පවුල ලංකාවේ ග්‍රාමීය ප්‍රභූ පැළැන්තියේ සම්භවයක් සහිත වර්තමානයේ අගනාගරිකව දිවි ගෙවන ධනයෙන් හා බලයෙන්ආඪ්‍ය ප්‍රභූ පවුලකි.  

චම්පික රණවක ඇමතිවරයා ජනාධිපතිවරයා ප්‍රභූවරයකු නො වන බව පැවසීම සත්‍යයක් නො වේ. මිනිසුන් සමග සාමාන්‍ය මිනිසකු ලෙස ඇසුරු කළ පමණින් හා සිංහල ජාතික සංකේත භාවිතා කළ පමණින් කෙනෙකු නිර්ප්‍රභූවරයකු බවට පත් වන්නේ නැත.


ජනාධිපතිවරණයෙන් ජයගත හැකි බවට විශ්වාස කෙරෙන අපේක්ෂකයන් ඝාතනය කිරීම්  වැනි සිදුවීම් පසුපස සිට ඇතැම් තානාපති නිලධාරීන් මෙහෙයවන බවට බරපතල චෝදනාවක් ද ඇමතිවරයා කළේ ය.



Comments

  1. වෛරයෙන් වෛරය නොසන්සිදේ!!! හෙළ උරුමයත් එක්ක තියෙන වෛරය සංසිදිල නෑ වගේ... තාම නැහැ!!!

    ReplyDelete
  2. පිරිමි ගණිකාවෝ.

    ReplyDelete
  3. This "prabhuu" concept has to change. Now a days a "prabhuu" is a big business / political / pprofessional person. Not a "gamea prabhuu" like what Mahinda's grand parents were.

    Seriously, that is what is like. This whole story here is Mr. Champika Ranawaka is trying to market Mr. Mahinda Rajapaksha as a "gamea man" to counter the "business-politicos" of the UPF who has the "sidaadiye porawal" charactor according to them.

    Just a big joke as any other political talks we here close to an election.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා