කොටි යටත් වෙන්න ඉල්ලුවා - එක්සත් ජාතීන්ගේ සංවිධානය


(2009 දෙසැම්බර් 15 - W3Lanka) හිටපු හමුදාපති හා වත්මන් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය පදනම් කරගෙන ජාත්‍යන්තර දේශපාලනයේ සිදු වෙමින් ඇති චලනයේ අලුත් ම පුවත වන්නේ යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. නිලධාරීන් යටත් වන ආකාරය අධීක්ෂණය කිරීමට එක්සත් ජාතීන් එකඟ වුණ මුත් එම ස්ථානයට යාමට අවසර හා කාලය නො තිබුණු බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෝන් හෝම්ස් CNN වෙත පැවසීමයි. 

කොටි සංවිධානය විසින් යටත් වීම සඳහා කරන ලද ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබුණ් බවත්, එය අදාළ නිලධාරීන් වෙත සන්නිවේදනය කළ බවත් පවසන හෝම්ස් යුද්ධයේ අවසන් අදියර ක්ෂණිකව අවසන් වීම නිසා එක්සත් ජාතීන්ට මැදිහත් වීමට කාලය නො තිබුණු බව පවසයි. 

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේඅවසන් අදියරේදී භාර වීමට සුදු කොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක බී. නඩේසන් සහ එස්. පුලිදේවන් ඇතුළු පිරිස මරා දමන්නට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අණ දුන් බව හිටපු හමුදාපති සහ ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා පැවසූ බව සන්ඩේ ලීඩර් පුවත්පත ඉරිදා වාර්තා කළේය. 

සරත් ෆොන්සේකා තමන් එවැනි ප්‍රකාශයක් නො කළ බව දැන් කියනමුත් එම ප්‍රකාශයෙන් මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය කටයුතු කරමින් සිටින්නේ එයින් චෝදනාවන්ට ලක් වූවන්ට සිදු වන අගතිය පිළිබඳව පවා නො තකා හරිමිනි.





Comments

  1. It is hard to believe that the pro UNP paper Sunday Leader would deliberately fabricate such a story.

    Gen. SF clearly try to be the "good boy" to the tamil people of the country with this but it backfired.

    ReplyDelete
  2. යුධ රහස් හෙළිකරණ අමනයකු ජනාධිපති වීම වැලක්විම වරදක් නොවේ.

    ReplyDelete
  3. යටත්වීමට පැමිණි කොටි නායකයන් ඝාතනය නොකළ බවත් එවැනි යටත්වීමක් සදහා ඔවුන් නොපැමිණි බවත් ශ්‍රී ලංකා රජය නිලවශයෙන් ප්‍රකාශ කර ඇත. ඒ අතරම සරත් ‍ෆොන්සේකා සිය ප්‍රකාශය තුළින් යුද රහස් හෙළිකර ඇති බවටද රජය ඔහුට එරෙහිව චෝදනා නගයි. මෙය ඉතා හාස්‍ය ජනක විකාරයක් බවට පත්ව තිබේ.සිදුනොවූ යමක් සිදු වූවායැයි පැවසීම රහස් හෙළිකිරීමක් නොව බොරුගොතා කීමක් බව කුඩා ළමයෙකුට වුව වැටහෙන දෙයකි. දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විසින් යම් සිදුවීමක් හෝ ක්‍රියාදාමයක් පිළිබද තොරතුරු සෙසු අයගෙන් වසන්කර තමන් අතරට පමණක් සීමා කර ගැනීම රහසක් ලෙස සැදින්විය හැකිය. රාජ්‍ය රහසක් යනු රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් අදාළ නොවන්නවුන්ගෙන් වසන්කර ඇති තොරතුරකි. යුද රහස්වලටද එය අදාළය.
    නමුත් සිදුවී නැති දෙයක් සිදුවී ඇතැයි කීමෙන් රහසක් එළිවීමක් පිළිබදව අර්බුදයක් පැන නොනගියි.යටත් වූ කොටිනායකයන් මරා දැමීමක් පිලිබද සරත් ෆොන්සේකා කර ඇති ප්‍රකාශය යුද රහසක් එළි කිරීමක් නම් එවැනි සිදුවීමක් සිදු වී ඇති බවට රජය විසින්ම වක්‍රව පිළිගෙන ඇතිබව නිගමනය කිරීම නිවැරැදිය.එමෙන්ම එම සිදුවීම පිළිබදව රජය මුලින්ම පැවැසුවේ ඔවුන් යටත්වීමට පැමිණෙන විට කොටි සාමාජිකයන් විසින්ම ඔවුන්ට වෙඩි තබා මරා දැමූ බවයි.කොටින් විසින්ම එය සිදුකලේ නම් එය රජයේ යුද රහසක් වන්නේ කෙසේද යන්න ගැටළුවකි.එය යුද රහසක් නම් එම ඝාතන කොටින් විසින් කළ බවට රජය කලින් ගෙනගිය ප්‍රචාරය අසත්‍ය එකක් බවට නිගමනය කිරීමට සිදු වේ.හොරාට කලින් කෙහෙල්කැන වැට පැන ඇති බව දැන් පැහැදිලිය.නඩේසන් ඇතුළු පිරිස ඝාතනය පිලිබද සරත් පොන්සේකාගේ ප්‍රකාශය යුද රහසක් හෙළිකිරිමක් හැටියට නම් කිරීමෙන්ම රජයද යුද රහසක් හෙළි කර තිබේ.
    හිටපු සෝවියට් නායකයා පිළිබදව එක් යාන් හෑල්ලක් මෙහිදී සිහිපත් වේ. එක් රුසියානුවෙකු බීමත්ව ස්ටාලින් මෝඩයෙකු බව පොදුස්ථානයකදී කෑකෝ ගැසීයග ඔහුව අත් අඩංගුවට ගත් බලධාරීන් ඔහුට එරෙහිව චෝදනා 2ක් යටතේ නඩු පැවැරූහ. පළමු චෝදනාව බීමත්ව පොදු ස්ථානයකදී අසභ්‍ය ලෙස හැසිරීමය. දෙවැන්න රාජ්‍ය රහසක් හෙළිකිරීමය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා