Posts

Showing posts with the label එක්සත් ජාතීන්

ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණය ගැන ජනාධිපති අතීරණයේ. ඒත්, රවිනාථ ආරියසිංහ නම් සහයෝගය දෙන්නේ නැතිලු

Image
ලංකාවේ අරාජිකත්වය ජාත්‍යන්තර දේශපාලනය දක්වා ම විහිදී තිබෙන ආකාරය ගැන අපූරු නිදසුනක් අද පුවත්වලින් හඳුනාගත හැකි ය. ප්‍රවෘත්තිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පවත්වන්නට යනු ලබන ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණය ගැන ය. මේ අද දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තා දෙකකි. පරීක්ෂණයට සහාය දෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුවට බලය දෙනවා - ජනාධිපති කියයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට පත්කර ඇති පුද්ගලයන් හට මෙරටට පැමිණෙන්නට ඉඩ දෙනවාද නැතිද යන්න තීන්දු කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරීමට තීරණය කර තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙරට යුද අපරාධ පිළිබඳ සොයා බලන්නට පත් කර ඇතැයි කියන පුද්ගලයකු මෙහි පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට, පරීක්ෂණ කරන්නට අවසර ඉල්ලා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඊට ඉඩ දෙනවාද නැද්ද යන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තුවෙන් විමසා සිටීමට සූදානම් බවත් ප්‍රකාශ කළේය. (දිනමිණ) පරීක්ෂණ සඳහා කිසිදු සහායක් දෙන්නේ නෑ. නවී පිල්ලේට රවිනාථගෙන් පිළිතුරක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා කිසිඳු සහායක් ලබා නොදෙන බව ශ්‍රී ලංකා රජය ජගත් ම...

ජාතිවාදීනට ආණ්ඩුවෙන් සමු ගන්න කල එළඹෙමින් තිබේ

Image
(2011 මැයි 08,   W3Lanka )  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් හෙළා දැකීමේ පඹයන් පිළිස්සීම්, මාරාන්තික උපවාස ආදී මළ විකාරවලට ඉඩ නො දී එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට උපරිම ආරක්ෂාව සලසන ලෙස චීනය හා රුසියාව ලංකාවේ ආණ්ඩුවට උපදෙස් දී ඇති බව අද ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරයි. ඉල්ලීම නො තකා එවැනි ක්‍රියා කරන්නට ගියහොත් ලංකාවට දෙන සහයෝගය ඉවත් කර ගන්නා බව ද එම දෙරට විසින් දැනුම් දී තිබේ. ඒ අනුව, ආණ්ඩුව සිය උද්ඝෝෂක හා උපවාසකාර වඳුරන් කූඩු කර ඇති අතර, ජනතාව කුපිත කිරීම විදේශිකයන්ට නො තේරෙන සිංහල දිනමිණ හා දිවයින පත්තර දෙකට භාර දී ඇත. සිම්පල් වැඩක් ලෙස සිතා විකල්ප එක්සත් ජාතීන්ගේ සංවිධානයක් හදන්නැයි විමල් වීරවංශ කළ යෝජනාවට කුමක් වේදැයි අපි නො දන්නෙමු.  මේ වනාහි ලංකාවේ ආණ්ඩුවට එරෙහිව තිබෙනවා ය කියන 'කුමන්ත්‍රණයේ' ම කොටසකි. චීනය හා රුසියාව ලවා ම ලංකාව ආපසු ගෝලීය ධනවාදයේ ට්‍රැක් එකට හෙවත් මාර්ගයට දමා ගැනීමට බටහිර අකැමැති නො වනු ඇත. ලංකාවේ පාලකයන්ගේ බටහිර විරෝධය යනු ගෝලීය ධනවාදයට එරෙහි එකක් නො ව, ‍පසුගාමී පවුල්වාදී, ජාතිවාදී හා ආගම්වාදී බලපෑම් නිසා සිදු ...

පාලකයන්ට ප්‍රඥාව පහළ කර ගන්න රනිල්ගේ කතාව නිමිත්තක්

Image
(2011 මැයි 04,   W3Lanka )  ඩේලි මිරර් පුවත්පතින් උපුටා ගෙන අප මෙහි පළ කළ ඡායාරූපය ජාතික හෙළ උරුමය ඊයේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවේදී ගනු ලැබූ එකකි. අධිෂ්ඨාන පූජාවට සහභාගි වන අධිෂ්ඨානය බිඳ ගත් භික්ෂුවක් සිය අත ඇති ඩිජිටල් කැමරාවෙන් ඡායාරූපයක් ගන්නා අන්දම එහි සටහන් වී ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන්ට තිසරණ බලෙන් ප්‍රඥාව පහළ කිරීම මෙම අධිෂ්ඨාන පූජාවේ අරමුණ විය. අබෞද්ධ බෑන් කී මූන්ට ප්‍රඥාව පහළ කිරීමට පෙර බෞද්ධ භිකෂූන් කළ යුතුව ඇත්තේ අර්බුදයට මුහුණ දී සිටින මේ රටේ පාලකයන්ට අවස්ථාවට මුහුණ දීම සඳහා ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමයි. පාලකයන්ට සැබැවින් ම ආදරය කරන ඔවුන්ගේ හිතවතුන් මේ මොහොතේ හැසිරිය යුත්තේ වළං කඩේට පැන්න ගොනුන් විලස නො වේ. ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැහැදිලිව සඳහන් කළ අන්දමින් මේ වනාහි 1987දී ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් යුද්ධයට කොටු වී සිටි ජනතාවට ආහාර ආධාර ගුවනින් සැපයූ අවස්ථාව වැනි එකකි. අප දකින අන්දමට නම්, මේ වනාහි කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසු සංහිඳියාව ඇති කිරීමට හ...

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

Image
(2011 අප්‍රේල් 21,   W3Lanka )   එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට ලංකාව සම්බන්ධයෙන් ,උපදෙස් දීම පිණිස පත් කරන ලද විද්වත් කමිටුව ලංකාවේ රජය විසින් මුල සිට ම ප්‍රතික්ෂේප කරන ලද එකකි.  එහෙත් රජය මෙම කමිටුව පිළිබඳ අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතකි. එළිපිට ප්‍රතික්ෂේප කළ කමිටුව හොර රහසේ හමු වීමට රජය විදේශ ඇමති ජී.එල්. පීරිස් යැවුවේ ය.  කමිටු වාර්තාව නිකුත් වූ පසු නැවතත් ආණ්ඩුවට කමිටුව එපා වී ඇත.  ආණ්ඩුවේ ප්‍රතිපත්ති බොහොමයක් මෙවැනි ය. නිශ්චිත එක් ජාතික ස්ථාවරයක ඉඳිමින් කටයුතු කරනවා වෙනුවට රට කරවන පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මත රජයේ ප්‍රතිපත්ති පමණත් නො ව රටේ නීතිය හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කරන ආකාරය නිතර දක්නට ලැබේ.  ආණ්ඩුවට සහාය දක්වන දේශපාලකයන් වන චන්දන කත්‍රිආරච්චිට එරෙහිව දස වසක් තිස්සේ විභාග වෙමින් තිබුණ නඩුවක මිනීමැරුම් චෝදනා නීතිපතිවරයා හිටි හැටියේ ඉවත් කර ගත්තේ ය. මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එරෙහිව තිබූ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව ද ඉල්ලා අස් කර ගත්තේ ය. මෙම තත්වය කෙතරම් නරක එකක් වී ද යත් අග්‍ර විනිශ්චයකාරතුමාට පවා නීතිපතිවරයාගේ ...

මහින්දගේ පසුපස එක්සත් ජාතීන්ගේ දඩ බල්ලන් හඹා ඒමට හේතු

Image
(2011 අප්‍රේල් 19,   W3Lanka )   ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට උපදෙස් දීම පිණිස පත් කර ඇති විද්වත් කමිටුවේ වාර්තාවෙන් ලංකාවේ පසුගිය යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිළිබද බරපතල කරුණු මතු කර තිබේ. මෙම චෝදනා එල්ල කර තිබෙන්නේ රජයට පමණක් නො වේ. කොටි සංවිධානයට ද චෝදනා එල්ල වී ඇත. කොටි සංවිධානයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වග කියන්නට ඉතිරි වී සිටින ප්‍රබල ම පුද්ගලයා වන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. ද දැන් ඉන්නේ ආණ්ඩුවේ ය. ඒ නිසා දැන් යුද අපරාධ චෝදනාවලින් කොටි සංවිධානය බේරා ගන්නත් ආණ්ඩුවට සිදු වී ඇති බව පෙනේ. අනෙක් පැත්තෙන්, ආණ්ඩුව මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වන ආකාරයෙන් පෙනෙන්නේ ඔවුන් මෙවැනි තත්වයක් බලාපොරොත්තු වී නැති බවයි. ඇත්තෙන් ම, ආණ්ඩුව පසුගිය කාලයේ ගෝලීය ධනවාදය සමග පැමිණි සම්මුතියේ ස්වභාවය අනුව, තමන්ට කිසියම් සමාවක් ලැබේ යයි බලාපොරොත්තු වීම සාධාරණ ය. ආණ්ඩුව දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග එක්ව පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් යෝජනා කරන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නම් නව ලිබරල් වැඩසටහන අපූරුවට ක්‍රියාත්මක කරමි...

ජනාධිපති එක්සත් ජාතීන් අමතා කළ කතාව ගැන කතාවක් | A story on Sri Lanka President's speech to 65th UN general assembly

Image
( 2010 සැප්තැම්බර් 24,  W3Lanka )  එක්සත් ජාතීන්ගේ 65වන සමුළුව අමතමින් ලංකාවේ ජනාධිපතිවරයා කළ කතාවේ මෙම ප්‍රකාශය අඩංගු විය. "අන්තර් ජාතික මානුෂිය නීති නූතන අවශ්‍යතාවන්ට කොතරම් අනුකූලද යන්න අප හැදෑරිය යුතුය. එම නීති සම්පාදනය කළේ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සටන් කළ රාජ්‍යයන් උදෙසා නොව නීත්‍යානුකූලව බිහිවූ රාජ්‍යයන් අතර වූ සටන් පසුබිමක් තුළය." 'අන්තර් ජාතික මානුෂිය නීති' යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ යුද නීති, යුද චාරිත්‍ර හා සන්නද්ධ ගැටුම් සම්බන්ධ නීති ය. ජිනීවා සම්මුති, හේග් සම්මුති හා ඒවා පදනම් කරගෙන බිහි වූ ජාත්‍යන්තර නීති හා ගිවිසුම් ආදිය ද පිළි ගත් යුද සම්ප්‍රදායන් ද අන්තර් ජාතික මානුෂිය නීති ලෙස සැලකිය හැකි ය. එම නීති සකස් කරනු ලැබුවේ දබරකාරී රාජ්‍යයන් හා කණ්ඩායම්වලට මැදි වන ජනතාවගේ ජීවත් වීමේ නිදහස ඇතුළු වෙනත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටයි.  මෙම නීති සකසනු ලැබුවේ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සටන් කළ රාජ්‍යයන් උදෙසා නොවේ යයි ජනාධිපතිවරයා පවසයි. එහෙත්, මෙම නීති බිහි වූයේ වනාහි ත්‍රස්තවාදය ලෙස නුතන ලෝකයේ අර්ථ දැක්වෙන ප්‍රපංචයට වඩා බෙහෙවින් කෲර වූ, රාජ්‍ය බලය යොදවා මිනි...

බලවත් රාජ්‍යවල අකටයුතුකම්වලින් දුබල රාජ්‍යවලට ගැලවිය හැක්කේ අකටයුතුකම් කිරීම සඳහා බලවත් රාජ්‍යවලට ඇති නිදහස තමන්ට ද ඉල්ලා සිටීමෙන් නොවේ

Image
(2010 අගෝස්තු 02,  W3Lanka )   ලංකාවේ ජනමාධ්‍ය විසින් කරනු ලබන අදහස් ගොඩනැංවීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් බොහෝ ලාංකිකයන් වර්තමානයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය දකින්නේ තම රටේ ස්වෛරීත්වයට බාධා පමුණුවන ආක‍්‍රමණියකු ලෙසයි. පවත්නා ධනවාදී ලෝක දේශපාලන රාමුව තුළ දියුණු හා බලවත් රටවල් ආධිපත්‍යය හොබවන බව ඇත්තකි. එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු වර්තමාන ලෝක පද්ධතිය තුළ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන ආයතනයකි. විශේෂයෙන් ම ප‍්‍රවාහනයේ හා සන්නිවේදනයේ දියුණුවත් සමග මිනිස් සංචලනය හා අන්තර් ක‍්‍රියාකාරිත්වය වර්ධනය වෙමින් පවතින නුතන යුගයේදී ජාතික රාජ්‍ය සීමා හා ජාත්‍යන්තර සම්බන්ධතා අතර තුලනය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන සම්බන්ධීකරණ ව්‍යූහය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වන්නේ මෙම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වූ දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලය ලෙසයි. අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, යුද්ධ වැලැක්වීම සහ සංග‍්‍රාම නීති සංග‍්‍රහකරණය සඳහා වන විධික‍්‍රම විස්තර කොට දැක්වීම පිණිස වූ ලොව ප‍්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. එහිදී අන්තර...

නම්බු පිටින් විමල්ට තැඹිලි වතුර බොන්නට ක්‍රමයක් වහා සකස් කරනු!

Image
(2010 ජුලි 09,  W3Lanka )  එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ කොළඹ කාර්යාලය වසා දමා ඇත. නේවාසික සම්බන්ධීකාරක Neil Buhne උපදෙස් සඳහා නිව්යෝක් වෙත කැඳවා තිබේ. ඇමති විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක ය. එක්සත් ජාතීන් ඔහුට බයේ ලේකම්ගේ කමිටුව අකුළා ගන්නා බවක් පෙනෙන්නට නැත. අපේ අසහාය දේශප්‍රේමී විමල් වීරවංශට මැරෙන්නට දෙන්න බැරි ය. ආණ්ඩුව වහා මැදිහත් විය යුතු ය. නම්බු පිටින් විමල්ට තැඹිලි වතුර බොන්නට ක්‍රමයක් වහා සකස් කළ යුතු ය.  ආණ්ඩුවට මෙසේ කරන්නට පුළුවන. රාජ්‍ය නොවන සංවිධාන ඉත්තකු ලවා පෙත්සමක් ගොනු කරවා මෙම උපවාසය නතර කරන්නැයි අධිකරණ නියෝගයක් ගත හැකි ය.  ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ට කියා උපවාසය නවත්වන්නැයි ඉල්ලා සිටිය හැකි ය.  නො කළ හැක්කක් නොමැත. එහෙත් ඉක්මන් කළ යුතු ය. මේ සුන්දර රූපය දිරන්නට ඉඩ නො දිය යුතු ය. නම දිරුවත් රූපය නො දිරිය යුතු ය.  You may also like to read our English blog   Lanka Polity

විමල් වීරවංශගේ මාරාන්තික උපවාසය කවදා ද? | When is Wimal Weerawansa's fast unto death?

Image
(2010 ජුලි 01,  W3Lanka )  ලංකාව පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් පත් කරන ලද කමිටුවට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ඇමති විමල් වීරවංශ පවසයි.  මේ පිළිබඳව ඔහුගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණ සෙසු ජාතික සංවිධාන සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසී ය.  එපමණක් නොව ජනතාව ලවා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලවා බෑන් කී මූන් එකී කමිටුව විසුරුවා හරින තෙක් කාර්ය මණ්ඩලය සිර කර ගත යුතු බවක් විමල් කී බව ද කලම්බු ටුඩේ නමැති වෙබ් අඩවිය පවසා තිබේ.  ආණ්ඩුවේ ම ඇමතිවරයකු වන විමල් වීරවංශ කරන මෙම ප්‍රකාශයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ද ලැබී තිබිණි. එය එක්තරා අන්දමකින් ලංකාවේ පාලකයන්ගේ අසහනය හා ස්වයං විනාශකාරී ප්‍රවේශය සනිටුහන් කරන අවස්ථාවක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයේදී සලකුණු වීම වැළැක්විය නො හැකි ය.  තග දමා මේ ගනුදෙනු බේරා ගැනීමට හැකි වේ ද යන්න සැක සහිත ය. එසේ ම, බෑන් කී මූන්ට එරෙහිව එක් එක් රටවලින් ප්‍රකාශ ඉල්ලන්නට යාම ද සාර්ථක වී නැත. කමිටුවට එරෙහිව ප්‍...

මැතිවරණ නිරීක්ෂණයේදීත් ආණ්ඩුවට එක්සත් ජාතීන් අසාත්මික වෙයි

Image
(2009 දෙසැම්බර් 25 -  W3Lanka )    ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වුව ද දැන් එය එක්සත් ජාතීන් භීතිකාවකින් පෙළෙන රාජ්‍යයක් බවට පත් වී තිබේ. නිශ්චල හා චංචල පොදු දේපල රැසක් තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහත් අසාධාරණ අන්දමින් යොදාගෙන තිබෙන පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් පැමිණෙන්නේ නම් ඊට විරෝධතාව පළකරන බව මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකට ලිපියක් මගින් ඒ බැව් දන්වා තිබේ. ජනපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්‍ෂකයන් සහභාගි කර ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැති නමුත් විශේෂඥයන් පැමිණෙන්නේ නම් විරුද්ධ බව ඔහු පවසයි. සාධාරණ මැතිවරණ පැවැත්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අගය කරනු ලබන යහපාලන ප්‍රතිපත්තියකි. එවැනි මූලධර්මවලට ගරු නො කරන රටවල් ජාත්‍යන්තර දේශපාලනයේදී නීච රාජ්‍ය හෙවත් pariah states තත්වයට පත් වේ.

කොටි යටත් වෙන්න ඉල්ලුවා - එක්සත් ජාතීන්ගේ සංවිධානය

Image
(2009 දෙසැම්බර් 15 - W3Lanka ) හිටපු හමුදාපති හා වත්මන් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය පදනම් කරගෙන ජාත්‍යන්තර දේශපාලනයේ සිදු වෙමින් ඇති චලනයේ අලුත් ම පුවත වන්නේ යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. නිලධාරීන් යටත් වන ආකාරය අධීක්ෂණය කිරීමට එක්සත් ජාතීන් එකඟ වුණ මුත් එම ස්ථානයට යාමට අවසර හා කාලය නො තිබුණු බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෝන් හෝම්ස් CNN වෙත පැවසීමයි.  කොටි සංවිධානය විසින් යටත් වීම සඳහා කරන ලද ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබුණ් බවත්, එය අදාළ නිලධාරීන් වෙත සන්නිවේදනය කළ බවත් පවසන හෝම්ස් යුද්ධයේ අවසන් අදියර ක්ෂණිකව අවසන් වීම නිසා එක්සත් ජාතීන්ට මැදිහත් වීමට කාලය නො තිබුණු බව පවසයි.  කොටි සංවිධානයට එරෙහි යුද්ධයේඅවසන් අදියරේදී භාර වීමට සුදු කොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක බී. නඩේසන් සහ එස්. පුලිදේවන් ඇතුළු පිරිස මරා දමන්නට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අණ දුන් බව හිටපු හමුදාපති සහ ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා පැවසූ බව සන්ඩේ ලීඩර් පුවත්පත ඉරිදා වාර්තා කළේය.  ...

උන්ගේ යුද්ධයට කරන වියදම උන්ගේ සාමයට කරන වියදමින් අංශුවයි

Image
මහජන නිදහසට ඇති සියලූ සතුරන් අතරින් ඇතැම් විට වඩාත් ම බියකරු එක විය හැක්කේ යුද්ධයයි. මක් නිසාද යත් එය සෑම ආකාරයක ම විෂබීජ අඩංගු කර ගනිමින් පතුරුවා හරියි. යුද්ධය හමුදාවන්ගේ මව්පියෝ වෙති. එමගින් බදු හා ණය ඇති වේ. එය විසින් බොහෝ දෙනෙකු කීප දෙනෙකුගේ යටතට ගනු ලැබේ. දිගට ඇදෙන යුද්ධයක් මැද කිසිදු ජාතියකට එහි නිදහස තහවුරු කර ගත නොහැකිය. -එක්සත් ජනපදයේ සිව්වන ජනාධිපති ව සිටි දේශපාලන දාර්ශනිකයකු වූ ජේම්ස් මැඩිසන්, දේශපාලන නිරීක්ෂණ, 1705   2008 වසරේ ලෝක යුද වියදම ඩොලර් ට්‍රිලියන 1.46කි. එනම් රු. කෝටි 1,70,06,000කි. එනම් රු. කෝටිවලින් එක්කෝටි හැත්තෑ ලක්ෂ හයදහසකි. (මූලාශ්‍රය: ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ 2009 වාර්ෂික පුස්තකය) මෙය 2007 වසරේ සිට සැලකූ විට සියයට හතරක වැඩි වීමක් වන අතර, 1999 සිට දස වසර තුළ සියයට 45ක වැඩි වීමකි. ලෝක යුද වියදම ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2.4ක් වන අතර ලෝකයේ සෑම පුද්ගලයෙක් ම යුද්ධය වෙනුවෙන් වසරකට ඩොලර් 217ක් හෙවත් රු. 25,000කට වැඩි මුදලක් වැය කරති. ලෝකයේ යුද වියදම්වලින් 41.5%ක්ම කරන්නේ එක්සත් ජනපදයයි. ලෝක යුද වියදමින් 81%ක් ම කරන්නේ රටවල් 1...

අනාථයන් නිදහස් කරන්න බලපෑම් කරන්න තවත් එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් හෙට එයි

Image
(2009 සැප්තැම්බර් 22 - W3Lanka) ලක්ෂ තුනක් පමණ වන කඳවුරුවල රඳවාගෙන සිටින දෙමළ සරණාගතයන් නිදහස් කරන ලෙස බලපෑම් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ සරණාගත අයිතිවාසිකම් පිළිබඳ දූත වෝල්ටර් කලින් බදාදා ලංකාවට පැමිණීමට නියමිතය.  ලංකාවේ ප්‍රශ්නය නිසි පරිදි මෙහෙයවූයේ නැති බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත බටහිර ජාතීන් වෙතින් චෝදනා එල්ල වී තිබේ.  ලංකාවේ නායකයන් සමග සාකච්ඡා කරන කලින් අනාථ කඳවුරු බැලීමට යාමට ද නියමිතය. කොටි නායකත්වය සමූලඝාතනය කර යුද්ධය අවසන් කිරීමට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ද වෝල්ටර් කලින් ලංකාවට පැමිණියේය. ගිය සතියේ එක්සත් ජාතීන්ගේ දේශපාලන ප්‍රධානි ලින් පැස්කෝ ද ලංකාවේ චාරිකා කළේය. අනාථයන් යළි පදිංචි කිරීම පිළිබඳව රජය හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් අතර මැයි මාසයේ ඇති වූ එකඟත්වය අනුව යන ප්‍රමාණවත් වේගයකින් රජය කටයුතු නොකරන බව කී පැස්කෝ යුද්ධයේ අවසන් සමයේ රජයේ හමුදා අතින් සිදු වූ සීමාව ඉක්මවා යාම් පිළිබඳ සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය නිදහස් වනවාත් සමගම එක්සත් ජනපද නිලධාරියෙක් ලංකාවේ

Image
(2009 ජුලි 24, W3Lanka) එක්සත් ජනපදයේ උවමනාව මත ප්‍රමාද කරමින් තිබුණේ යයි කියන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදා හැරීමට එම සංවිධානය සූදානම් වන අතරතුර එක්සත් ජනපදයේ ජනගහණ, අනාථයන් හා සංක්‍රමණය පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් එරික් පී. ෂ්වාට්ස් හෙට (25) ලංකාවට පැමිණීමට නියමිත ය.   ඔහු අවතැන් කඳවුරු බලන්නට යන බව හා රජයේ ඉහළ දේශපාලනයන් හා නිලධාරීන් ද, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කරන බව තානාපති ආරංචි මාර්ග පවසයි.  2005 - 2007 සමයේ සුනාමියෙන් පසු නැවත ගොඩනැඟීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ලෙස ෂ්වාට්ස් ලංකාව සමග කටයුතු කර ඇත.  ලංකාව හා චීනය අතර සබඳතා වර්ධනය වීම පිළිබඳ බටහිර සහ එක්සත් ජනපදය අසතුටින් සිටින අතරතුර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය නිදහස් කිරීම හා එක්සත් ජනපද ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ලංකාවට පැමිණීම දේශපාලනික වශයෙන් වැදගත් කාරණා ලෙස සැලකිය හැකිය. 

අනාථ කඳවුරුවල බෝවෙන රෝග ව්‍යාප්තිය මඬින්න සෞඛ්‍ය අංශ අවදියෙන්

Image
ලක්ෂ දෙකහමාරකට අධික ජනගහණයක් තදබද වී ජීවත් වන උතුරේ සරණාගත කඳවුරුවල බෝවෙන රෝග ව්‍යාප්තිය මැඬලීම පිණිස සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පවසයි. මේ දක්වා වාර්තා වී ඇති ලොකුම වසංගතය පැපොල රෝගයයි. රෝගීන් 12,000ක් වාර්තා වී තිබෙන අතර මෑතක සිට එම සංඛ්‍යාව අඩු වෙමින් පවතින බවද, අලුත් රෝගීන් හමු වීම අඩු වී තිබෙන අතර, දිනකට රෝහග් ගත වන සංඛ්‍යාව මේ වන විට 40ත් 50ත් අතර බවද එක්සත් ජාතීන් පවසයි. ‍ බොහෝ පැපොල රෝගීන්ට එය වැළඳී ඇත්තේ අනාථ කඳවුරුවලට ඒමට පෙර බව රෝගීන් සමග වැඩ කරන වෛද්‍ය නිලධාරීන් විශ්වාස කරන බව වාර්තාව කියයි. වවුනියාවේ සෙංගමාල රෝගීන් වාර්තා වන සංඛ්‍යාවද අඩු වී තිබේ. ජුනි 12 වන විට වාර්තා වී තිබුණු සෙංගමාල රෝගීන් ගණන 2139කි. ජුනි 18 දක්වා අතීසාර රෝගීන් 1060ක්ද, පාචන රෝගීන් 5000ක්ද හමු වී ඇති බව එක්සත් ජාතීන් පවසයි.  ජුනි 19දා දක්වා මැලේරියා රෝගීන් වාර්තා වී තිබුණේ 26ක් පමණි. එහෙත් මැනික් ෆාම් කඳවුරේ කලාප අංක හතරෙන් ජුනි 18දා රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අංශ ඒ පිළිබඳ දැඩි ඇවධානය යොමු කර තිබෙන බව එක්සත් ජාතීන් පවසයි.

ලංකාවේ පශ්චාත් යුදකාලීන රැඳවුම්කරුවන් 10,000ක්

Image
සතරූපා බට්ටාචාර්ය සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන පරිදි මානව හිමිකම් නිරීක්ෂකයන්ගේ ගණනය කිරීම් වන්නේ ලංකාවේ විවිධ රැඳවුම් කඳවුරුවල පශ්චාත් යුද රැඳවුම්කරුවන් 10,000ක් පමණ රඳවාගෙන සිටින බවයි.  දේ මේ අතර, 270,000කට වඩා වන්නියෙන් අවතැන් වූ ජනයා රඳවා සිටින සරණාගත කඳවුරුවල සැකකරුවන් සෝදිසි කිරීමේ කටයුතුද තවමත් සිදු වෙමින් තිබේ. එක්සත් ජාතීන්ට සම්බන්ධ රිලීෆ් වෙබ් පවසන ආකාරයට 2009 මාර්තු සහ මැයි අතර කාලය තුළ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ලංකාවේ විවිධ ප්‍රදේශවල රැඳවුම් ස්ථාන 135කදී සිරකරුවන් 6700ක් හමු වී ඇත. මෙම සිරකුවන් දේශපාලන හෝ යුද සිරකුරුවන් ලෙස සැලකීමට අකැමැති ලංකාවේ රජය ඔවුන් හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි. ඔවුන්ගේ ඉරණම කුමක් වේද යන්න තවමත් තීරණය කර නොමැති අතර, 1989 කැරැල්ලේදී මේ හා සමාන තත්වයක් පැන නැඟුන විට රජය කළේ දීර්ඝ පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ඔස්සේ ඔවුන් නිදහස් කිරීමට කටයුතු කිරීමයි. බරපතල වැරදි සම්බන්ධ චෝදනා තිබූ අයට නඩු පවරන ලද අතර මුල් පෙළේ හා දෙවන පෙළේ නායකයන් මුලිනුපුටා දමන ලදී.