ලංකාවේ පශ්චාත් යුදකාලීන රැඳවුම්කරුවන් 10,000ක්

සතරූපා බට්ටාචාර්ය සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන පරිදි මානව හිමිකම් නිරීක්ෂකයන්ගේ ගණනය කිරීම් වන්නේ ලංකාවේ විවිධ රැඳවුම් කඳවුරුවල පශ්චාත් යුද රැඳවුම්කරුවන් 10,000ක් පමණ රඳවාගෙන සිටින බවයි. 
දේ
මේ අතර, 270,000කට වඩා වන්නියෙන් අවතැන් වූ ජනයා රඳවා සිටින සරණාගත කඳවුරුවල සැකකරුවන් සෝදිසි කිරීමේ කටයුතුද තවමත් සිදු වෙමින් තිබේ.



එක්සත් ජාතීන්ට සම්බන්ධ රිලීෆ් වෙබ් පවසන ආකාරයට 2009 මාර්තු සහ මැයි අතර කාලය තුළ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ලංකාවේ විවිධ ප්‍රදේශවල රැඳවුම් ස්ථාන 135කදී සිරකරුවන් 6700ක් හමු වී ඇත.

මෙම සිරකුවන් දේශපාලන හෝ යුද සිරකුරුවන් ලෙස සැලකීමට අකැමැති ලංකාවේ රජය ඔවුන් හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි. ඔවුන්ගේ ඉරණම කුමක් වේද යන්න තවමත් තීරණය කර නොමැති අතර, 1989 කැරැල්ලේදී මේ හා සමාන තත්වයක් පැන නැඟුන විට රජය කළේ දීර්ඝ පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ඔස්සේ ඔවුන් නිදහස් කිරීමට කටයුතු කිරීමයි. බරපතල වැරදි සම්බන්ධ චෝදනා තිබූ අයට නඩු පවරන ලද අතර මුල් පෙළේ හා දෙවන පෙළේ නායකයන් මුලිනුපුටා දමන ලදී.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා