Posts

Showing posts with the label සරණාගතයෝ

එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු ලේකම් වගවීමේ යාන්ත්‍රණයක් රජයෙන් ඉල්ලයි

Image
(2009 සැප්තැම්බර් 17 - W3Lanka) දැන් ලංකාවට සැපත් වී සිටින එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ කණිටු ලේකම් ජනරාල් ලින් පැස්කෝ සෙට්ටිකුලමේ ප්‍රධාන අනාථ කඳවුර නැරඹීමට යාමට නියමිතය.  උතුරු පළාතේ අනාථයන්ට කඳවුරුවල සපයා ඇති පහසුකම් නිරීක්ෂණය කරන ඔහු ඔවුන් ඉක්මණින් යළි පදිංචි කිරීමේ අවශ්‍යතාව රජයට අවධාරණය කිරීමට නියමිත බව ජාත්‍යන්තර වාර්තා පවසයි. ඉදිරි සතිවලදී ඇති වීමට නියමිත මෝසම් තත්වයන්හිදී ඔවුන් රඳවා සිටින කදවුරුවල තත්වය පිළිබඳ ලෝක අවධානය යොමු වී තිබේ. පසුගිය අන්තර් මෝසම් වැසිවලදී ඇතැම් කඳවුරු වැදි දියෙන් යට වී, වැසිකිලි උතුරා ගොස් අනාථයෝ මහත් දුෂ්කර තත්වයකට මුහුණ දුන්හ. එසේම, යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂා කිරීම පිණිස වගවීමේ යාන්ත්‍රණයක (Accountability Mechanism) අවශ්‍යතාව ද ඔහු රජයට පෙන්වා දීමට නියමිතය. මෙම කරුණ ශ්‍රී ලංකා රජයේ දැඩි ප්‍රතිරෝධයකට හේතු වී තිබේ.

ලංකාවේ පශ්චාත් යුදකාලීන රැඳවුම්කරුවන් 10,000ක්

Image
සතරූපා බට්ටාචාර්ය සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන පරිදි මානව හිමිකම් නිරීක්ෂකයන්ගේ ගණනය කිරීම් වන්නේ ලංකාවේ විවිධ රැඳවුම් කඳවුරුවල පශ්චාත් යුද රැඳවුම්කරුවන් 10,000ක් පමණ රඳවාගෙන සිටින බවයි.  දේ මේ අතර, 270,000කට වඩා වන්නියෙන් අවතැන් වූ ජනයා රඳවා සිටින සරණාගත කඳවුරුවල සැකකරුවන් සෝදිසි කිරීමේ කටයුතුද තවමත් සිදු වෙමින් තිබේ. එක්සත් ජාතීන්ට සම්බන්ධ රිලීෆ් වෙබ් පවසන ආකාරයට 2009 මාර්තු සහ මැයි අතර කාලය තුළ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ලංකාවේ විවිධ ප්‍රදේශවල රැඳවුම් ස්ථාන 135කදී සිරකරුවන් 6700ක් හමු වී ඇත. මෙම සිරකුවන් දේශපාලන හෝ යුද සිරකුරුවන් ලෙස සැලකීමට අකැමැති ලංකාවේ රජය ඔවුන් හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි. ඔවුන්ගේ ඉරණම කුමක් වේද යන්න තවමත් තීරණය කර නොමැති අතර, 1989 කැරැල්ලේදී මේ හා සමාන තත්වයක් පැන නැඟුන විට රජය කළේ දීර්ඝ පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ඔස්සේ ඔවුන් නිදහස් කිරීමට කටයුතු කිරීමයි. බරපතල වැරදි සම්බන්ධ චෝදනා තිබූ අයට නඩු පවරන ලද අතර මුල් පෙළේ හා දෙවන පෙළේ නායකයන් මුලිනුපුටා දමන ලදී.