Posts

Showing posts with the label ජාත්‍යන්තර රතු කුරුස කමිටුව

රජයේ රතු කුරුස භීතිකාව

Image
(2009 ජුලි 12) ලංකාව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට ලංකාවේ සිය මෙහෙයුම් අඩු කරන ලෙස කළ දැනුම් දීම අනුව එම සංවිධානය නැගෙනහිර පළාතේ කාර්යාල දෙකක් වසා දමා විදේශ කාර්ය මණ්ඩලය ඉවත් කරගත්තේය.  ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට ඉවත් වන්නැයි ලංකාව කියන්නේ රටේ ගැටුම් දැන් අවසන් නිසාය. එහෙත්, අවතැන් කඳවුරුගත ජනයාගේ නිදහස සීමාකිරීම පිළිබඳ රජය කියන්නේ ඔවුන් අතර කොටි ත්‍රස්තවාදීන් සිටින නිසා ඔවුන් ආරක්ෂාවට තර්ජනයක් බවයි. හදිසි නීතිය දික් කරගැනීම සඳහාද රජය කියන්නේ මේ හා සමාන කතාය. ඍජු ගැටුම් අවසන් වුවත්, පශ්චාත් ගැටුම් සමයේ විවිධ අර්බුද කාලයක් තිස්සේ පැවතීම සාමාන්‍ය තත්වයකි. පශ්චාත් ගැටුම් අවධියේ කාර්යයන් සඳහා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව වැනි මානුෂීය සංවිධානවල උපකාර බොහෝ රටවල් විසින් උපයෝගී කර ගනු ලැබේ. එහෙත්, ජාතිවාදයෙන් මත් වී සිටින ලංකාවේ බලධාරීන්ට බොහෝ බටහිර සංවිධාන පෙනෙන්නේ තම රට ගිල ගැනීමට එන කුමන්ත්‍රණකරුවන් ලෙසයි. එවැනි කුමන්ත්‍රණයක් ඇති බව පෙන්වීම එක් පැත්තකින් ජනතාව බියවද්දා සිය පාලනයට ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීමට පාලකයන්ට උපකාරී වේ.  මෙම මානුෂීය සංවිධාන පිටුපස බටහිර දේශපාලන දැක්ම...

ලංකාවේ පශ්චාත් යුදකාලීන රැඳවුම්කරුවන් 10,000ක්

Image
සතරූපා බට්ටාචාර්ය සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන පරිදි මානව හිමිකම් නිරීක්ෂකයන්ගේ ගණනය කිරීම් වන්නේ ලංකාවේ විවිධ රැඳවුම් කඳවුරුවල පශ්චාත් යුද රැඳවුම්කරුවන් 10,000ක් පමණ රඳවාගෙන සිටින බවයි.  දේ මේ අතර, 270,000කට වඩා වන්නියෙන් අවතැන් වූ ජනයා රඳවා සිටින සරණාගත කඳවුරුවල සැකකරුවන් සෝදිසි කිරීමේ කටයුතුද තවමත් සිදු වෙමින් තිබේ. එක්සත් ජාතීන්ට සම්බන්ධ රිලීෆ් වෙබ් පවසන ආකාරයට 2009 මාර්තු සහ මැයි අතර කාලය තුළ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ලංකාවේ විවිධ ප්‍රදේශවල රැඳවුම් ස්ථාන 135කදී සිරකරුවන් 6700ක් හමු වී ඇත. මෙම සිරකුවන් දේශපාලන හෝ යුද සිරකුරුවන් ලෙස සැලකීමට අකැමැති ලංකාවේ රජය ඔවුන් හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි. ඔවුන්ගේ ඉරණම කුමක් වේද යන්න තවමත් තීරණය කර නොමැති අතර, 1989 කැරැල්ලේදී මේ හා සමාන තත්වයක් පැන නැඟුන විට රජය කළේ දීර්ඝ පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ඔස්සේ ඔවුන් නිදහස් කිරීමට කටයුතු කිරීමයි. බරපතල වැරදි සම්බන්ධ චෝදනා තිබූ අයට නඩු පවරන ලද අතර මුල් පෙළේ හා දෙවන පෙළේ නායකයන් මුලිනුපුටා දමන ලදී.