Posts

Showing posts with the label අවතැන් වූ ජනයා

මානුෂීය මෙහෙයුමේදී අවතැන් වූවන්ගේ රන් සොරකම් කළ සෙබළු | Soldiers that stole gold from the IDPs of Sri Lanka

Image
( 2010 සැප්තැම්බර් 27,  W3Lanka )  මානුෂීය මෙ‍හෙයුම් සමයේ ශ්‍රී ලංකා හමුදාවේ ඇතැම් සෙබලුන් සිවිල් වැසියන්ගේ දේපල සොරකම් කළ බව ඔප්පු වන සිද්ධියක් පිළිබඳ අද දිවයින පුවත්පත වාර්තා කරයි. පසුගිය කාලයේදී යුද පුවත් වාරණයේ යෙදුණු එක් මාධ්‍යවේදියකු කලින් කැරැලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල තිබුණු පරිගණක හා කැමරා තොගයක් හොරෙන් රැගෙන එමින් සිටියදී මැදවච්චිය මුරපොළේදී අත්අඩංගුවට පත් වී පසුව ආණ්ඩුවේ ඉහළ පෙළේ මැදිහත් වීමකින් බේරුණ බව මාධ්‍ය වාර්තා කළේ ය. ඒවා කොටින්ගේ ඒවා යයි කියන නිසා කොටින්ට කෙළවන්නත් එක්ක අරන් අවා ය කියමුකෝ. එහෙත්, දිවයින පුවත්පතේ වාර්තාව අනුව සොරකම් කර තිබෙන්නේ සිවිල් වැසියන්ගේ රන් බඩු ය. කවුරු හෝ වේවා මේ සොරකම් කර ඇත්තේ ඇඳි වත පමණක් රැගෙන අවතැන් ව පළා ආ, දැන් යළි ජීවිය ගොඩනඟා ගැනීමට අපරිමිත වෙහෙසක් දරන, මේ රටේ ම ජීවත් වන අසරණ සහෝදර ජනතාවකගේ දේපල බව අප සිහි තබා ගත යුතු ය. මාස දෙකහමාරක පමණ කාලයක්‌ අභිරහසක්‌ව පැවති මැදවච්චිය, රම්බකුලම වැව් පිටියේදී කැඩූ බෝතලයකින් ගෙලට ඇන යුද හමුදා සෙබළකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්‌ දෙනෙක්‌ මැදවච්චිය පොලිසිය මගින් අත්අඩං...

අවතැන් වූවන් ලක්ෂයකට වඩා මහ මැතිවරණයටත් කඳවුරුවල

Image
කාලකන්නිකම (2010 පෙබරවාරි 16- W3Lanka )   උතුරු පළාතේ අවතැන් කඳවුරුවල සිටින ජනයා ජනවාරි මාසය අවසන් වන විට යළි පදිංචි කර අවසන් කරන බවට රජය විසින් ම  දෙන ලද පොරොන්දුව කඩ කරමින් ලක්ෂයකට අධික අවතැන් ජනයා රජය විසින් තවමත් කඳවුරුවල රඳවාගෙන තිබේ.  විවධ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙම ජනයාට පසුගිය ජනාධිපතිවරණයේදී ද නිසි පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව නොලැබුණු අතර අප්‍රේල් 8දා පැවැත්වෙන මහ මැතිවරණයේදී ද එය ම සිදු වීමට ඉඩ ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති. මෙවර මහ මැතිවරණයේදී අවතැන් කඳවුරු ජනයාට සිය ඡන්ද බලය ප්‍රායෝගික ලෙස භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබා දීමේ වගකීමක් රජයට තිබේ.  තමන් විසින් ම දෙන ලද දින වකවානු තුළ යළි පදිංචි කිරීම් සම්පූර්ණ කිරීමට බැරි වීම පිළිබඳව යළි පදිංචි කිරීම් භාර ඇමති රිෂාඩ් බදුර්දීන් පවසන්නේ එම වැසියන්ගේ ගම්බිම්වල ‍බිම් බෝම්බ ඉවත් කර පූර්ණ ආරක්ෂාව තහවුරු කිරීමට තවමත් අසමත් වීම පමාවට හේතුව බවයි. අප්‍රේල් මාසයේදී යළි පදිංචි කිරීම් සම්පූර්ණ වනු ඇති බව ඇමතිවරයා පවසයි.  ඒ වන විට මහ මැතිවරණය අවසන් වී තිබෙනු ඇත.  එක්සත් ජාතීන්ගේ දත්ත ...

ප්‍රශ්න නො විසඳා සුනාමියෙන් අවතැන් වූ කොළඹ වැසියන් කඳවුරුවලින් පන්නන්න සැරසේ

Image
(2009 දෙසැම්බර් 28 - W3Lanka ) පසු වසරක් තිස්සේ රත්මලාන, මොරටුව වැනි ප්‍රදේශවල තාවකාලික සුනාමි සහන කඳවුරුවල ජීවත් වන අවතැන් වූ ජනතාව එම කඳවුරුවලින් පිට වී යන්නේ නම් රු. 150,000ක්ලබා දීමට රජය කැමැත්ත පළ කර තිබේ. එහෙත්, කදවුරුවාසී ජනතාව පවසන්නේ තමනට ‍කොළඹ දිස්ත්‍රික්කයෙන් එක පර්චසයක ඉඩමක්වත් මිළ දී ගැනීමට මෙම මුදල ප්‍රමාණවත් නො වන බවයි. ඔවුන්ගේ උපන් බිම් වන කොළඹ වෙරළබඩ ප්‍රදේශ සමග ඔවුන්ගේ ආර්ථික හා සමාජ ජීවිතය බද්ධ වී ඇති බැවින් ඔවුහු වෙනත් ඈත ගම්බද ප්‍රදේශ වෙත යාමට ද කැමැත්තක් නො දක්වති. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට පැල්පතක් හෝ ඉදි කර ගැනීම සඳහා කොළඹ අවටින් ඉඩමක් ලබා දෙන ලෙසයි. මෙම අවතැන් කඳවුරු ජනයා අප සමග පැවසූ පරිදි පසුගිය පළාත් සභා මැතිවරණය සමයේ එක්සත් ජාතික නිදහස් සන්ධානයේ අපේක්ෂක දුමින්ද සිල්වා මෙම ජනතා‍වගේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා දෙන බව පොරොන්දු වී ඔවුන්ගේ ඡන්ද ලබා ගත්ත ද මැතිවරණයෙන් පසුව ඔවුන් කෙරෙහි අවධානය යොමු නො කළ බවයි. 2005දී රජය විසින් කරනු ලැබූ විගණනයකින් පෙන්වා දෙනු ලැබුවේ ඒ වන විට වියදම් කර තිබුණේ ලැබුණු ආධාරවලින් 13%ක් පමණක් බවයි. ලංකාවට සුනාමි ආධාර ලෙ...

රජය අවතැන් කඳවුරු වැසියන්ට දුන් නිදහස පෙරළා රජයට ම හානිකර වෙයි

Image
(2009 දෙසැම්බර් 21 - W3Lanka ) 'ලොව දැවැන්ත ම මානුෂීය මෙහෙයුමෙන්' 'මුදා ගන්නා ලද' වන්නි ජනතාව මාස හයකට අධික කාලයක් 'සුබසාධන ගම්මානවල' රඳවා තබා‍ගෙන සිටිය ද ජාත්‍යන්තර බලපෑම හා එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් ඔවුනට නිදහස ලබා දීමට සිදු වීමෙන් පසු මහින්ද රාජපක්ෂ රජයට ඒ වෙනුවෙන් පසුතැවීමට සිදු වන තත්වයක් උදා වෙමින් තිබේ.  යුද්ධයේ අවසන් අදියරේදී වන්නියේ යුද මුක්ත කලාපයේ හා ඉන් අනතුරුව අවතැන් කඳවුරුවල ජීවත් වූ ජනයා මෙතෙක් කල් දෙන දෙයක් කන්නට පමණක් අරිමින් සිටි කටවල් දැන් සිදු වූ දේ පිළිබඳ කතා කිරීම සඳහා ද අරින්නට පටන් ගෙන තිබීම යුද අපරාධ චෝදනාවලට ද ලක් වෙමින් තිබෙන ලංකාවේ රජය තවත් අපහසු තත්වයකට ඇද දමමින් තිබේ.  යුද මුක්ත කලාපයේ සිට අවතැන් ව මැනික් ෆාම් අවතැන් කඳවුරට පැමිණ එහි මාස ගණනක් සිටීමෙන් පසු නිදහස ලද බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික දෙමළ තරුණියක් වන 25 වියැති තමිල්වානි ඥානකුමාර් බ්‍රිතාන්‍යයේ 'දි ඔබ්සර්වර්' පුවත්පතට කර තිබෙන ප්‍රකාශ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වී තිබේ. එම තොරතුරුවලට විශාල ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ද ...

අවතැන් වූවන්ගෙන් ගැලවෙන්න මහින්දලා සරත්ලා පොරේ

Image
(2009 නොවැම්බර් 22 - W3Lanka )  යුද්ධය නිමා වීමත් සමග ම වන්නියෙන් අවතැන් වූ ජනයා තවමත් රඳවාගෙන සිටින කඳවුරුවලින් ඔවුන්ට යම් නිදහසක් ලැබිය හැකි බව ඊයේ මැනික් ෆාම් කඳවුර බැලීමට ගිය ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ එහිදී කරන ලද ප්‍රකාශයකින් පැහැදිලි වේ. මේ අනුව, තවමත් කඳවුරුවල සිටින ජනයාට පනවා තිබෙන සංචලන සීමා දෙසැම්බර් 1දා සිට ලිහිල් කෙරෙනු ඇත. රජය‍ මේ වන විට අවතැන් වූවන් යළි පදිංචි කිරීම වේගවත් කර තිබේ. එහෙත් යළි පදිංචි කරන ලද බව කියන අවතැන් වූවන් පිළිබඳ ගැටළු රැසක් ඉතිරි වී තිබේ. ඇතැම් අවතැන් වූවන් යළි පදිංචි කිරීම වෙනුවට කුඩා කඳවුරුවල ගාල් කර ඇති බව ද, තවත් අවතැන් වූවන් නිසිදු පහසුකමක් නො සපයා ගම්වලට ගෙන ගොස් අතහැර ඇති බව ද වාර්තා වේ. අවතැන් වූවන් සඳහා ඇත්තේන් ම ලබා දී ඇත්තේ වියළි ආහාර ප්‍රමාණයක් සහ රු.5000ක් පමණක් බව ද වාර්තා වේ. රාජ්‍ය නො වන සංවිධානවලට ද මෙම ජනයා අතර වැඩ කිරීමට ඉඩ ලබා දී නොමැති අතර අවතැන් වූවන්ගේ ජීවිත නඟා සිටුවීම බරපතල ගැටළුවක් වී තිබේ.  යළි පදිංචි කරන ලද පුද්ගලයන් මුහුණ දී තිබෙන ගැටළු හේතුවෙන් මේ වන විට තවමත් කඳවුරුවල ඉතිරි වී සිටින 130,00...

‍ජෝන් හෝම්ස් එන්නේ ජනාධිපතිගෙ සහතික ගැන බලන්න

Image
(2009 නොවැම්බර් 16 - W3Lanka ) තෙදින චාරිකාවක් සඳහා හෙට ලංකාවට සැපත් වන එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සහ හදිසි සහන පිළිබඳ කණිටු ලේකම් ජෝන් හෝම්ස්ගේ චාරිකාවේ අරමුණ අවතැන් වූවන් යළි පදිංචි කිරීම හා දේශපාලන විසඳුමක් පිළිබඳව ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ට ලබා දී තිබෙන සහතික වීම් පිළිබඳ කරුණු සොයා බැලීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා බලපෑම් කිරීම බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.  ජනාධිපතිවරයා මෙම සහතික කිරීම් සිදු කර තිබෙන්නේ මේ වසරේදී ලංකාවේ චාරිකා කළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට හා දේශපාලන කටයුතු පිළිබඳ කණිටු ලේකම් බී. ලින් පැස්කෝටයි.  ජෝන් හෝම්ස් අවතැන් කඳවුරුවල සිට යළි පදිංචි කරන ලද ජනයාගේ තත්වයන් නිරීක්ෂණය කිරීමට ද යාමට නියමිත ය. එසේ ම තවමත් කඳවුරුවල සිටින ජනයාගේ ගමන් බිමන් සීමා කිරීම කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ නියෝජ්‍ය ප්‍රකාශක මාරි ඔකබේ සිකුරාදා නිව්යෝක්හිදී පැවසීය.

යළි පදිංචි කරන ලද ජනයා වෙත සේවා සපයන්න ඉඩ දෙන්න - සිවිල් සමාජ සංවිධානයක් ඉල්ලයි

Image
(2009 නොවැම්බර් 13 - W3Lanka ) රජය විසින් යළි පදිංචි කරමින් සිටින උතුරේ අවතැන් වූ ජනයා වෙනුවෙන් සේවා සැපයීමට එම කාර්යයන්හි පළපුරුදු රාජ්‍ය නො වන සංවිධානවලට අවස්ථාව ලබා දෙන ලෙස ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කරයි.  නිල වාර්තා අනුව 130,000ක් පමණ අවතැන් වූ ජනයා ඥාතීන්ගේ හෝ හිස් නිවෙස්වල පදිංචි කර ඇති බව පෙන්වා දෙන ජාතික සාම මණ්ඩලය මෙම තාවකාලික පියවර මගින් ඔවුන්ගේ දීර්ඝ කාලීන ගැටළුවලට විසඳුම් නො ලැබෙන බව ද ඔවුන් යළි තම ගම්බිම්වල පදිංචි කළ යුතු බව ද ‍පවසයි.  රජයේ යළි පදිංචි කිරීම් පිළිබඳ අසුබවාදී අදහස් රැගත් වාර්තා ජාත්‍යන්තරව පළ වීම ආරම්භ වී තිබේ. පසුගියදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකට අනුව, රජය අවතැන් වූ ජනයා යළි සිය ගම් බිම්වල පදිංචි කිරීම වෙනුවට කුඩා කඳවුරුවල නැවත රැඳවීම කරන බවට චෝදනාවක් එල්ල කරන ලදී. මෙමගින් ජාත්‍යන්තර පීඩනය මගහැරවීම, විශාල අවතැන් ජනගහණයක් දීර්ඝ කාලයක් තිස්සේ එකට රැඳී සිටියදී ඇති වන පාලනයට එරෙහි ආතති කළමනාකරනය කර ගැනීම පමණක් නොව ඉදිරි මැතිවරණවලදී මෙම අවතැන් වූවන්‍ අතර ඡන්ද ව්‍යාපාර වාසියට හරවා ගැනීම මෙහි අරමුණ බව වාර්තාවල සඳහන් වී තිබිණි....

මෝසම් වැසි දිය කාන්දු වී වවුනියාවේ කඳවුරු ‘උණුසුම්‘

Image
(2009 ඔක්තෝබර්  14 - W3Lanka ) ඊසානදිග මෝසම් වැසි සමය ආරම්භ වීමත් සමග ම වවුනියාවේ සරණාගත කඳවුරුවල කූඩාරම් තුළට වතුර කාන්දු වීම හා භූමියේ ජලය එක් රැස් වීම, මළාපවාහන ප්‍රශ්න හා සේඛ්‍ය ගැටළු උග්‍ර වීමත් සමග කඳවුරුවාසී ජනයා නො සන්සුන් වි ඇති බව ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.  සෙට්ටිකුලම් කඳවුරේ සයවන කලාපයේ වැසියෝ 1500ක් පමණ කලාපය පාලනය කරන හමුදා අණ දෙන නිලධාරියා හමුවේ උද්ඝෝෂණයක නියැලි බව ද එම වෙබ් අඩවිය වාර්තා කළේය. බොහෝ දේශීය ජාත්‍යන්තර සංවිධාන විසින් මෝසම් වැසි ආරම්භ වීමත් සමගම මෙවැනි ගැටළු ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් කළ මුත් රජය පවසන්නේ ගැටළු ඇති නො වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.  ඉහත පළ වන්නේ වර්ෂාවෙන් ගැටළුවක් ඇති නො විය හැකි යයි රජය පවසන කඳවුරුවල දර්ශනයකි. පහත පළ වන්නේ එම කඳවුරක අගෝස්තු මාසයේ සාමාන්‍ය වැස්සකින් පසු තත්වයකි. ඉහළ මුලින් ම පළ වූ වැසිකිළියේ ඡායාරූපය ද ඒ දිනවල ගත් එකකි.

මෙන්න මැනික්ෆාම් කඳවුර බිබීසී කැමරා ඇසින්

Image
(2009 ඔක්තෝබර්  09 - W3Lanka ) දින කීපයකට ඉහතදී වවුනියාවේ මැනික් ෆාම් කඳවුරේදී බීබීසී කැමරා නෙතට හසු වූ දර්ශන කීපයකි, මේ. මතකද? මේ මිනිසුන් අපි මාස කීපයකට කලින් හැඳින්වූයේ 'කොටින් විසින් බලහත්කාරෙන් රඳවාගෙන සිටින සිවිල් වැසියන් ' කියායි. 'ලොව ලොකුම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම' දියත් වුණේ මේ මිනිසුන් මුදාගන්නයි. අද? හිතන්න, මේ ඔබ ජීවත් වන තැන නම්..... මේ එක කූඩාරමක පවුල් කීපයක් සිටිත් නම්..... ඔබ ඔබේ අසල්වැසියන්ගෙන් වෙන් කර ඇතිනම්........   වතුර ටිකට මෙහෙම පෝලිමේ ඉන්න වේ නම්........ කූඩාරම ඇතුළේ සියල්ලන්ටම නිදන්නට ඉඩ නැති නිසා පිටත පැළැල්ලක් යට නිදන මේ මිනිසා ඔබේ පියා නම්....... මේ මිනිසුන්ට රැකියාවක් හෝ වෙනත් දෙයක් කරන්නට නැතිනම් හා පිටතට යන්නට බැරි නම්.... මේ ඔබේ දරුවන් නම්........

අවකැන් වූවන් කඳවුරුවලින් නිදහස් කරන හැටි කියන තරම් සුන්දර ද?

Image
(2009 ඔක්තෝබර්  08 - W3Lanka ) රජය විසින් වන්නි අවතැන් වූවන් නිදහස් කරන බවට හා ඔවුන් ඉතා සතුටින් රජය විසින් සපයනු ලබන ප්‍රවාහන පහසුකම් භාවිතා කරමින් සිය ගම්බිම් වෙත යන බව ද සිංහල පුවත්පත්වල පළ වුවත්, යථාර්ථය කටුක බව එසේ කඳවුරුවලින් නිදහස් කරනු ලැබූ ජනයාගේ අත්දැකීම් විසින් පෙන්වා දෙයි.  බීබීසීයේ වවුනියා වාර්තාකරු විසින් නිදහස් කරන ලද අවතැන් වූවන් දෙදෙනෙකු සමග කතාබස් කොට සකසා ඇති වාර්තාවකට අනුව පසුගිය 29 සහ 03 වැනි දින යාපනය ප්‍රදේශවාසී සරණාගතයින් 250 – 300 පමණ පිරිසක් සරණාගත කඳවුරුවලින් නිදහස් කොට ඇත. මින් බහුතරයක් පවුල් වල ගැබිණි කාන්තාවන් සිට ඇත. ප්‍රමාදයකින් පසු මෙම පිරිස මැණික් ෆාම් කඳවුරේ සිට වව්නියාව බස් නැවතුම්පොළ වෙත යාමට වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් බස්රථයක් සූදානම් කොට ඇත. නමුත් එම බස්රථය මෙකී පිරිස කච්චේරිය වෙත ගෙනයාම ප්‍රතික්ෂේප කර ඇත.  ඊළග දිනයේදී ඔවුන් කචිචේරියට ගොස් ඇත.  යාපනයට යෑමට ප්‍රවාහන පහසුකම් සලසන තෙක් මෙම පිරිසට අසල පිහිටි කෝවිල් කුලම් සිවන් කෝවිලේ රැඳී සිටින ලෙස අදාල නිලධාරීන් දන්වා ඇත. දින තුනක් ගත වීමෙන් පසු (ඉරිදා දින)...

තෙවසරක් ගත වෙද්දීත් නැඟෙනහිර අවතැන් වූවන් 2500ක් තවමත් අනාථයි

Image
(2009 සැප්තැම්බර්  30 - W3Lanka ) මඩකලපුව කොකූවිල් ප්‍රදේශයේ කඳවුරක සිටි පවුල් 91 කට අයත් පුද්ගලයන් 321 ක්‌ බස්‌ රථ 15 කින් නැවත පදිංචි කිරීම සඳහා ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයට ඊයේ රැගෙන යාමත් සමග නැඟෙනහිර පළාතේ සියලු අවතැන් වූවන් යළි පදිංචි කර හමාර බව රජය කරන ප්‍රචාරය අසත්‍යයක් බව වාර්තා වේ. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සාම්පූර් ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාපයක් පිහිටුවීම හේතුවෙන් එහි යළි පදිංචි වීමට ඉඩ නොදුන් අය ඇතුළු පවුල් 745 කට අයත් 2500 දෙනෙක්‌ තවමත් කිලිවෙඩ්ඩි, පට්‌ටිපිඩල් හා පිල්ලන්කේන් යන ප්‍රදේශවල රැඳී සිටින බව වාර්තා වේ. රජය සාම්පූර් ප්‍රදේශයේ ඉඩම් තාප බලාගාරයක් පිහිටුවීම සඳහා ඉන්දීය රජයට අයත් NTPC සමාගමට පවරා දීම‍ට තීරණය කර තිබේ. සාම්පූර් පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ වෙරළාශ්‍රිතවයි. 2006 වසරේ නැඟෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව දියත් වූ යුද මෙහෙයුම් හේතුවෙන් ත්‍රිකුණාමල හා මඩකලපුව පදිංචිව සිටි පවුල් 41,000 කට අයත් 150,000 කට වැඩි පිරිසක්‌ අවතැන්ව කඳවුරු 112 ක රැඳී සිටියහ. කඳවුරු 91ක පවුල් 35,000 කට අයත් 135,000 දෙනකු මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පද...

අනාථ කඳවුරු උණුසුම්: අට හැවිරිදි දරුවකුට වෙඩි

Image
(2009 සැප්තැම්බර් 27 - W3Lanka ) යුද අනාථයන් රඳවා තිබෙන වවුනියාවේ අනාථ කඳවුරුවලින් ඔවුන් නිදහස් කිරීම පමා වීමත් සමගම අසහනය මෝදු වෙමින් ගැටුම්කාරී තත්වයන් මතු වෙමින් ඇති බව වාර්තා වේ. සෙනසුරාදා රාත්‍රියේ සෙට්ටිකුලමේ මැනික් ෆාම් කඳවුරේ ඇති වූ හමුදාව විසින් වෙඩි තැබීමේ සිද්ධියකින් අට හැවිරිදි දරුවකු ඇතුළුව අඩු තරමේ තිදෙනෙකුවත් තුවාල ලබා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර පැවසීය. ඔහු පවසන්නේ මෙම පුද්ගලයන් පළා යාමට උත්සාහ කළ බව හා ඉන් අනතුරුව හමුදාවට ගල් ගැසූ බවයි. එක් පුද්ගලයකු ‍අත් බෝම්බයකින් ද පහර දීමට උත්සාහ කළ බව ඔහු පවසයි. ඔහු පවසන විස්තර අනුව දැන් මෙම කඳවුරුවල ඇත්තේ මීට මාස කීපයකට පෙර රජය පැවසූ ආකාරයේ ප්‍රීතිමත් වාතාවරණයක් නොවන බව පෙනේ. අවතැන් කඳවුරුවල සිටින ජනයා හා ආරක්ෂක සෙබළුන් අතර ගැටුම්කාරී සිද්ධි ගණනාවක්ම පසුගිය සමයේ ජනමාධ්‍ය වාර්තා කළහ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසන්නේ පිසූ ආහාර නොසැපයීම නිසා ආහාර උයා ගැනීම පිණිස දර සොයා ගැනීමට මෙම පිරිස කඳවුරේ වෙනත් කලාපයකට යමින් සිටි බවයි.

ත්‍රස්තවාදයට උදව් කළ බව දේශපාලකයන් කී දෙමළ වෛද්‍යවරු එහෙම නොකළ බව රහස් පොලිසිය කියයි

(2009 අගෝස්තු 25 - W3Lanka) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි රජයේ යුද මෙහෙයුම්වල අවසන් සමයේ යුද මුක්ත කලාපයේ රෝගීන්ට උවටැන් කරමින් සිදු වූ මරණ හා තුවාල වීම් පිළිබඳ සාක්කි ඇසින් දුටු කිලිනොච්චි රජයේ රෝහලේ වෛද්‍ය අධිකාරි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ තංගවේලු සත්‍යමූර්ති, එළියන්චේලයි පල්ලිවන්, ක්‍රිෂ්ණරාජා වර්ධරාජා හා දේව කාන්ති පිල්ලෙයි ෂන්මුගනාදන් නමැති වෛද්‍යවරුන් ඇප මත මුදාහරින ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා ඊයේ නියෝග කළේය.  සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ අවසන් කර ඇති බවත් ඔවුන් ත්‍රස්‌තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට කරුණු අනාවරණය නොවන හෙයින් තවදුරටත් ඔවුන් අවශ්‍ය නොවන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.  මීට පෙර රජයේ විවිධ දේශපාලනඥයන් හා නිලධාරීන් පැවසුවේ ඔවුන් කොටි සංවිධානයේ උවමනාව පරිදි මරණ හා තුවාල වීම් පිළිබඳ බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ බවයි. ඔවුන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීම්වලට පවා රජය සවන් දුන්නේ නැත.  පසුව රජය විසින් ජුලි 08 දින මෙම ...

අවතැන් වූ ජනයා වැස්සෙනුත් යළි අවතැන්

Image
(අගෝස්තු 15, 2009 - W3Lanka) අධික වර්ෂාපතනය ‍හේතුවෙන් වවුනියාවේ ඇතැම් අවතැන් කඳවුරුවල වතුර එක් රැස් වීම හේතුවෙන් ජනතාව මහත් දුෂ්කරතාවට පත් වී සිටින බව වාර්තා වේ. ඇතැම් තැන්වල අඩියක් පමණ වතුර පිරී ඇති බව ද, ඒ හේතුවෙන් ඇතැම් කඳවුරු වැසියන්ට කූඩාරම්වල රැඳී සිටීමට හා ආහාර උයා පිහා ගැනීමට නොහැකි වී තිබෙන බව ද වවුනියා දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සිවශක්ති ආනන්දන් බී.බී.සී සංදේශය වැඩසටහනට පැවසීය. නැවත පදිංචි කිරීම් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් පවසන්නේ වැසි නිසා අවතැන් වූ අවතැන් වූවන් වෙනත් තැන්වලට යවා ඇති බව හා ආහාර උයා පිහා ගත නොහැකි වූවන්ට පාන් සපයා ඇති බවයි. (ඡායාරූපය නියං සමයේ කඳවුරු ළිඳක් අසල දර්ශනයකි - Thanks to AP)

අවතැන් කඳවුරුවල තත්වය නිව්යෝක් ටයිම්ස් විවේචනයට ලක් වෙයි

Image
(2009 ජුලි 11) රජය අවතැන් කඳවුරුගත වූ ජනයා රැක බලා ගන්නා බව කීවද, ඒ වෙනුවට ඔවුන් සතුන් ලෙස සිර කර ඇති බවද, ඔවුන් නිදහස් කරනු ලබන දිනයක් නිශ්චිත නොමැති බවද, මේ ඔස්සේ අනාගතයේ තවත් අර්බුදයක් කැඳවමින් තිබෙන බවද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසයි.  ආනන්ද සංගරී යනු රජයේ කොටි විරෝධී යුද්ධයට පූර්ණ අනුග්‍රහය පළ කළ දෙමළ දේශපාලනයෙකි.  නිව්යෝක් ටයිමිස් පුවත්පතෙහි ජුලි 10 දින ලංකාව පිළිබඳ පළ වූ වාර්තාවෙහි මෙසේද සඳහන් වේ. "තමන් කොටින්ගෙන් බේරාගැනීම පිළිබඳව බොහෝ කඳවුරුවාසීන් රජයට කෘතඥ වනමුත්, සංහිඳියාව ඇති කිරීම හා දෙමළ සහ වෙනත් සුළුතර ප්‍රජාවන්ගේ දුක්ගැනවිලිවලට දෙශපාලන විසඳුමක් සෙවීම කල් යන බව පැහැදිලි වීමත් සමගම කලකිරීම හා කෝපය මෝදු වෙමින් තිබේ."  එහෙත් මෙම කඳවුරු දිගු කලක් තිස්සේ සඟවා තබා ගන්නා විට කෑම, ඉඳුම්-හිටුම් හා ආදී දේ සඳහා අවශ්‍ය ඩොලර් මිලියන් ගණන් සඳහා විදේශ සහාය දිගටම ලබාගැනීමට ලංකාවේ රජය අසමත් වනු ඇති බව පුවත්පත පවසයි. "අප දිගටම උදව් කළහොත් අප මෙම මිනිසුන්ගේ ‍ජේලර්වරුන් වනු ඇත,"යි එක් තානාපතිවරයකු කී බව වාර්තාවේ සඳහන් ...

අනාථ කඳවුරුවල බෝවෙන රෝග ව්‍යාප්තිය මඬින්න සෞඛ්‍ය අංශ අවදියෙන්

Image
ලක්ෂ දෙකහමාරකට අධික ජනගහණයක් තදබද වී ජීවත් වන උතුරේ සරණාගත කඳවුරුවල බෝවෙන රෝග ව්‍යාප්තිය මැඬලීම පිණිස සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පවසයි. මේ දක්වා වාර්තා වී ඇති ලොකුම වසංගතය පැපොල රෝගයයි. රෝගීන් 12,000ක් වාර්තා වී තිබෙන අතර මෑතක සිට එම සංඛ්‍යාව අඩු වෙමින් පවතින බවද, අලුත් රෝගීන් හමු වීම අඩු වී තිබෙන අතර, දිනකට රෝහග් ගත වන සංඛ්‍යාව මේ වන විට 40ත් 50ත් අතර බවද එක්සත් ජාතීන් පවසයි. ‍ බොහෝ පැපොල රෝගීන්ට එය වැළඳී ඇත්තේ අනාථ කඳවුරුවලට ඒමට පෙර බව රෝගීන් සමග වැඩ කරන වෛද්‍ය නිලධාරීන් විශ්වාස කරන බව වාර්තාව කියයි. වවුනියාවේ සෙංගමාල රෝගීන් වාර්තා වන සංඛ්‍යාවද අඩු වී තිබේ. ජුනි 12 වන විට වාර්තා වී තිබුණු සෙංගමාල රෝගීන් ගණන 2139කි. ජුනි 18 දක්වා අතීසාර රෝගීන් 1060ක්ද, පාචන රෝගීන් 5000ක්ද හමු වී ඇති බව එක්සත් ජාතීන් පවසයි.  ජුනි 19දා දක්වා මැලේරියා රෝගීන් වාර්තා වී තිබුණේ 26ක් පමණි. එහෙත් මැනික් ෆාම් කඳවුරේ කලාප අංක හතරෙන් ජුනි 18දා රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අංශ ඒ පිළිබඳ දැඩි ඇවධානය යොමු කර තිබෙන බව එක්සත් ජාතීන් පවසයි.

ලංකාවේ පශ්චාත් යුදකාලීන රැඳවුම්කරුවන් 10,000ක්

Image
සතරූපා බට්ටාචාර්ය සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන පරිදි මානව හිමිකම් නිරීක්ෂකයන්ගේ ගණනය කිරීම් වන්නේ ලංකාවේ විවිධ රැඳවුම් කඳවුරුවල පශ්චාත් යුද රැඳවුම්කරුවන් 10,000ක් පමණ රඳවාගෙන සිටින බවයි.  දේ මේ අතර, 270,000කට වඩා වන්නියෙන් අවතැන් වූ ජනයා රඳවා සිටින සරණාගත කඳවුරුවල සැකකරුවන් සෝදිසි කිරීමේ කටයුතුද තවමත් සිදු වෙමින් තිබේ. එක්සත් ජාතීන්ට සම්බන්ධ රිලීෆ් වෙබ් පවසන ආකාරයට 2009 මාර්තු සහ මැයි අතර කාලය තුළ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ලංකාවේ විවිධ ප්‍රදේශවල රැඳවුම් ස්ථාන 135කදී සිරකරුවන් 6700ක් හමු වී ඇත. මෙම සිරකුවන් දේශපාලන හෝ යුද සිරකුරුවන් ලෙස සැලකීමට අකැමැති ලංකාවේ රජය ඔවුන් හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි. ඔවුන්ගේ ඉරණම කුමක් වේද යන්න තවමත් තීරණය කර නොමැති අතර, 1989 කැරැල්ලේදී මේ හා සමාන තත්වයක් පැන නැඟුන විට රජය කළේ දීර්ඝ පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ඔස්සේ ඔවුන් නිදහස් කිරීමට කටයුතු කිරීමයි. බරපතල වැරදි සම්බන්ධ චෝදනා තිබූ අයට නඩු පවරන ලද අතර මුල් පෙළේ හා දෙවන පෙළේ නායකයන් මුලිනුපුටා දමන ලදී.