අවකැන් වූවන් කඳවුරුවලින් නිදහස් කරන හැටි කියන තරම් සුන්දර ද?



(2009 ඔක්තෝබර්  08 - W3Lanka) රජය විසින් වන්නි අවතැන් වූවන් නිදහස් කරන බවට හා ඔවුන් ඉතා සතුටින් රජය විසින් සපයනු ලබන ප්‍රවාහන පහසුකම් භාවිතා කරමින් සිය ගම්බිම් වෙත යන බව ද සිංහල පුවත්පත්වල පළ වුවත්, යථාර්ථය කටුක බව එසේ කඳවුරුවලින් නිදහස් කරනු ලැබූ ජනයාගේ අත්දැකීම් විසින් පෙන්වා දෙයි. 

බීබීසීයේ වවුනියා වාර්තාකරු විසින් නිදහස් කරන ලද අවතැන් වූවන් දෙදෙනෙකු සමග කතාබස් කොට සකසා ඇති වාර්තාවකට අනුව පසුගිය 29 සහ 03 වැනි දින යාපනය ප්‍රදේශවාසී සරණාගතයින් 250 300 පමණ පිරිසක් සරණාගත කඳවුරුවලින් නිදහස් කොට ඇත. මින් බහුතරයක් පවුල් වල ගැබිණි කාන්තාවන් සිට ඇත. ප්‍රමාදයකින් පසු මෙම පිරිස මැණික් ෆාම් කඳවුරේ සිට වව්නියාව බස් නැවතුම්පොළ වෙත යාමට වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් බස්රථයක් සූදානම් කොට ඇත. නමුත් එම බස්රථය මෙකී පිරිස කච්චේරිය වෙත ගෙනයාම ප්‍රතික්ෂේප කර ඇත. 

ඊළග දිනයේදී ඔවුන් කචිචේරියට ගොස් ඇත. 

යාපනයට යෑමට ප්‍රවාහන පහසුකම් සලසන තෙක් මෙම පිරිසට අසල පිහිටි කෝවිල් කුලම් සිවන් කෝවිලේ රැඳී සිටින ලෙස අදාල නිලධාරීන් දන්වා ඇත. දින තුනක් ගත වීමෙන් පසු (ඉරිදා දින) මෙම පිරිස වව්නියා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉරට්ටපෙරියකුලම් වෙත රැගෙන ගොස් තිබේ. (යාපනයට යාම සදහා අදාළ අවසරපත් නිකුත් කෙරෙනුයේ මෙහිදීය. මීට පෙර මෙම කාර්යාලය කලින් පිහිටා තිබුනේ වව්නියාව නගරය තුළම ය. ඉරට්ටපෙරියකුලම් සදහා වව්නියාවේ සිට කි.මී 06 ක් ඈතිනි. ඒ 09 භාවිතාකරන සාමාන්‍ය අය පවා ඉරට්ටපෙරියකුලම් වෙත ගොස් අදාළ අවසර පත් ලබා ගත යුතුය. ) 

ඉරට්ටපෙරියටකුලම් හිදී මෙකි පිරිසට යාපනයට යාම සඳහා අවසර ලබා දී‍ නොමැත. ඉරට්ටපෙරියටකුලම්හි හමුදා නිලධාරීහු මෙකී පිරිස යාපනයේ පදිංචිකරුවන් බවට යාපනය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහතියකයක් ඉල්ලා ඇත. 

මෙම පිරිස මේ වන විට නැවතත් වව්නියාවේ ඇති කෝවිල වෙත රැගෙනවිත් ඇති බව එම වාර්තාව මීට දින කීපයකට ඉහතදී පැවසීය. (http://www.bbc.co.uk/tamil/news/story/2008/07/000000_currentaffairs.shtml)


‍යාපනයට යන්නට බැරිව වවුනියාවේ කඳවුරුවල සිර වී සිටි ජනයා තමන් යාපනයේ පදිංචිකරුවන් බවට සහතිකයක් ලබා දෙන්නේ කෙසේද යන්න හා ඔවුන් පිළිබඳ වවුනියා දිසා ලේකම් විසින් නිකුත් කරනු ලබන නිර්දේශ හමුදා නිලධාරීන් පිළි නො ගන්නේ මන්ද යන්න මතු වන ප්‍රශ්න වේ. මේ පිරිස ආපසු අනාථ කඳවුරු වෙත ම යැව්වාදැයි අපි නො දනිමු. කෙසේ වෙතත්, අවතැන් වූවන් නිදහස් කිරීම පවා දකුණේ ජනමාධ්‍ය පවසන ආකාරයේ සුන්දර අත්දැකීම් නොවන බව අපගේ පාඨකයකු විසින් දෙමළ බසින් සිංහලට පරිවර්තනය කර එවන ලද මෙම වාර්තාව පෙන්වා දෙයි.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?