දකුණේ මහ පුටුව මහ රජාණන්ගේ නෑයාට ද?
(2009 ඔක්තෝබර් 11 - W3Lanka) දකුණු පළාත් සභාවේ ප්‍රධාන ඇමති ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියකු වන හේමාල් ගුණසේකර පත් කිරීමට උත්සාහයක් ඇති බව ආණ්ඩුවට සමීප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත්, සන්ධානයෙන් වැඩි ම මනාප ලබාගෙන තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු මහ ඇමති ශාන් විජයලාල් සිල්වායි. එහු මනාප ඡන්ද 90,294ක් ලබා ගත්තේය.
හේමාල් ගුණසේකර මාතර දිස්ත්‍රික්කයෙන් මනාප 63.323ක් ලබා ගනිමින් සන්ධාන මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් විය.
මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු 'අයියා' ඔහුට මහ ඇමතිකම දෙන්නට පොරොන්දු වී ඇති බව කීවේය.
දකුණු පළාතේ මහ ඇමති වනු ඇත්තේ තමන් යයි උදම් ඇනූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී.කේ. ඉන්දික හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 56,885ක් ලබා ගනිමින් සන්ධාන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් විය.
හොඳින් හෝ නරකින් මහ ඇමති වන්නේ තමන් යයි කී ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දැවැන්ත මුදලක් වියදම් කළ බව කියන ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගමට හිමි වී ඇත්තේ සන්ධාන මනාප ලැයිස්තුවේ තුන්වන තැනයි.
මේ අතර, දකුණු පළාත් සභාවට ප්‍රධාන පක්ෂ තුනෙන් ම තිබුණු කාන්තා නියෝජනය වූ සන්ධානයේ නිළියන් දෙදෙනා අතරින් අනර්කලී ගාල්ල දිස්ත්‍රික්කයෙන් දහවන තැනට තේරී පත් වි ඇති අතර සුසන්තා චන්ද්‍රමාලි හම්බන්තොට මනාපවලින් පරාජය වී තිබේ.
(පිංතූරයේ දකුණු කෙළවරේ ඉන්නේ හේමාල් ගුණසේකරයි)

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.