Posts

Showing posts with the label මහ ඇමති

මහ ඇමතිවරුන්ගේ නො වැදගත් මහා සමුළුව / The not significan Chief Ministers' conference

පසුගිය දිනවල අති විශාල මහජන මුදල් වියදමක් කරමින් මහ ඇමති සමුළුවක් ඇඹිලිපිටියේදී පැවැත්විණි. ලේඛකයා නිදහස් මාධ්‍යකරුවකු ලෙස ප්‍රවෘත්ති සපයන එක් ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවියකට මෙම සමුළුව පිළිබඳ වාර්තාවක් යොමු කළේ ය. රජයට පක්ෂපාතී එම වෙබ් අඩවියේ සංස්කාරකවරයා එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර තිබුණේ එය නො වැදගත් සිද්ධියක් බවට සටහනක් තබමිනි. (Not a significant event) බලාගෙන ගියාම ඇත්ත ය. මේ සමුළුවේදී ගෙන තිබෙන වැදගත් ම තීරණය දිනමිණ පුවත්පත වාර්තා කරන්නේ මෙසේ ය: ඉරිදා සහ පසළොස්වක පොහෝ දිනවල දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ නව නීති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමට සියලුම පළාත් සභා ප්‍රධාන ඇමැතිවරු තීරණය කරති. ඉඩම් බලතල හා පොලිස් බලතල පිළිබඳ මධ්‍යම රජය සමඟ පළාත් සභාවලට කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රධාන ඇමැතිවරු අවධාරණය කරන බව ද දිනමිණේ තවත් පුවතක කියැවේ. ප්‍රශ්න කොයින් ද? පිඟන් බි‍ඳෙන්නේ පිඟන් හෝදන අය අතින් නොවැ. 2008දී ලංකාවේ ජාතීන්ගේ ප්‍රශනයට විසඳුම් ලෙස ගෙන එන ලද පළාත් සභා ක්‍රමය අද පත් වී ඇති තත්වය කදිමට ප්‍රකාශ කරන අවස්ථාවකි, මහ ඇමති සමුළුව. අද ඵළාත් සභා කරන ප්‍රධාන කාර්යය මේ මහ ඇමති සමුළුව ප...

දකුණේ මහ පුටුව මහ රජාණන්ගේ නෑයාට ද?

Image
(2009 ඔක්තෝබර්  11 - W3Lanka ) දකුණු පළාත් සභාවේ ප්‍රධාන ඇමති ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියකු වන හේමාල් ගුණසේකර පත් කිරීමට උත්සාහයක් ඇති බව ආණ්ඩුවට සමීප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  එහෙත්, සන්ධානයෙන් වැඩි ම මනාප ලබාගෙන තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු මහ ඇමති ශාන් විජයලාල් සිල්වායි. එහු මනාප ඡන්ද 90,294ක් ලබා ගත්තේය. හේමාල් ගුණසේකර මාතර දිස්ත්‍රික්කයෙන් මනාප 63.323ක් ලබා ගනිමින් සන්ධාන මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් විය.  මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු 'අයියා' ඔහුට මහ ඇමතිකම දෙන්නට පොරොන්දු වී ඇති බව කීවේය.  දකුණු පළාතේ මහ ඇමති වනු ඇත්තේ තමන් යයි උදම් ඇනූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී.කේ. ඉන්දික හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 56,885ක් ලබා ගනිමින් සන්ධාන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් විය.  හොඳින් හෝ නරකින් මහ ඇමති වන්නේ තමන් යයි කී ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දැවැන්ත මුදලක් වියදම් කළ බව කියන ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගමට හිමි වී ඇත්තේ සන්ධාන මනාප ලැයිස්තුවේ තුන්වන තැනයි. මේ අතර, දකුණු පළාත් ...