ආණ්ඩුවේ උදලු බෙදිල්ල එජාපයේ ටකරන් බෙදිල්ල වගේ


(2009 ඔක්තෝබර්  22 - W3Lanka) රජයේ අපි වවමු - රට නගමු ප්‍රතිපත්තිය අනුව රට පුරා තැන තැන පැවති වප් මගුල්වලදී උදලු තල බෙදා දුන් ආකාරය එක්සත් ජාතික පක්ෂ රජය ටකරන් බෙදා දුන් ආකාරයට නො දෙවෙනි බව ගොවීහු පවසති.


ගොවීන්ට උදලු තල බෙදා දීමේදී කිසිදු විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ද, තනිකර ම දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ හා ගොවි සංවිධාන නායකයන්ගේ හිතුමතයට එය සිදු කරන බව ද ගොවීහු මැසිවිලි නගති.


මහජන මුදලින් කරන මෙම උදලු තල බෙදා දීමේදී සිදු වී ඇති අක්‍රමිකතා හේතුවෙන් ආණ්ඩුවට මනාපවලට වඩා අමනාප ගොනු වෙමින් තිබෙන බව ගොවිබිමෙන් නිරීක්ෂණය කළ හැකිය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා