Posts

Showing posts with the label කෘෂිකර්මාන්තය

ආණ්ඩුව කෘෂිකර්මය සංවර්ධනය කරන හැටි ගැන නිදසුනක්

Image
අපේ නිවස අසල කුඹුර හාපු දවසක් දැන් ටිකකට කලින් මම ඉංග්‍රීසි පත්තරේකට ප්‍රාදේශීය වාර්තා වගයක් පරිවර්තනය කළා. එකක තිබුණේ දකුණු පළාතේ පුරන් වී ගිය කුඹුරක් ගැන. කුඹුර පුරන් වෙන්න හේතුව ගංවතුර. ගොවියන් ඉල්ලා සිටින්නේ වාරි පද්ධතිය වැඩි දියුණු කර දෙන්න කියලායි. ඉස්සර මේ කුඹුර සරුසාර එකක් බව කියා තිබුණත්, දැන් අවුරුදු පතා එය ගංවතුරට ගොදුරු වන්නේ කෙසේද කියා ප්‍රාදේශීය වාර්තාකරුවා පැහැදිලි කර තිබුණේ නැහැ. සමහර විට අලුත් සංවර්ධන ව්‍යාපෘති නිසා වෙන්න පුළුවන්.  ගොවීන් පවසන්නේ තමන්ට උපකාර මඳ බවයි. ආණ්ඩුවෙන් දෙන පොහොර සහනාධාරය ගන්න දින ගණන් රස්තියාදු වෙන්න සිදු වන බව ගොවීහු පවසනවා. ආණ්ඩුවෙන් කළ ඇල වේලි නඩත්තු කිරීම් ආදී කටයුතු දැන් සිදු නො වෙන තරම්. අපේ ගේ ඉදිරිපිට ඉතා පැරණි කුඹුරු යායක් තිබෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද මේ කුඹුරු යාය නිසරු වෙමින් යනවා. ඒ විතරක් නොවෙයි, අපි පුංචි කාලේ එහි දුටු අනගි පරිසර පද්ධතියත් පසු කාලෙක කෘෂි රසායනික නිසා විනාශ වෙලා ගියා. අපි පුංචි කාලේ පොල්කටුවලට අල්ලපු තිත්ත පැටව් දැන් වක්කඩවල ඇත්තේ ම නැහැ. දණ්ඩි, කොරළි වැනි මාළු විවිධත්වයට මොනවා වුණා ද? දැන් ඒ ඇලක, දොලක...

දිවි නැඟුමේ ප්‍රෝඩාව හා වංචාව | The fraud of Divi Neguama Upliftment of Lives program launched by Sri Lanka Ministry of Economic Development

Image
(2011 මාර්තු 13,  W3Lanka )  රජය 'දිවි නැගුම' නම් වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙහි 'දිවි' කියන්නේ අර ලංකාවේ ජීවත් වන පුල්ලි තිබෙන කොටි වර්ගය නො ව, ජීවිතයයි. ඒ නිසා 'දිවි නැගුම' යනු දැන් කකුල් දෙකේ කොටින් නැති නිසා දිවියන් පිට නැගීම නො ව, ජීවිත නැංවීම හෙවත් සංවර්ධනය කිරීමයි. නිසි පෝෂණ ගුණයෙන් සපිරි එළවළු, පළතුරු සහ විවිධ බෝග වර්ග ප්‍රමාණවත්ව තමන්ගේ ගෙවත්ත තුළින්ම හෝ අවටින් සපයා ගැනීමට හැකිවනසේ ගෙවතු සංවර්ධනය කර ගැනීමත්, අතිරේක ආදායමක් උපයා ගත හැකිවන සේ ගෘහාශ්‍රිතව කළ හැකි විවිධ නිෂ්පාදන දියුණු කර ගැනීමත් සඳහා ජනතාව සවිබල ගැන්වීමේ අරමුණැතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන බව රජයේ 'ලංකා පුවත්' වෙබ් අඩවිය පවසයි. කෘෂිකර්ම අංශය, ධීවර, සත්ව පාලන සහ ගෘහස්ත කර්මාන්ත අංශය යටතේ ගෘහ ඒකක දස ලක්‍ෂයේ මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර මේ සඳහා අවශ්‍ය බීජ, පැළ, පොහොර සහ තාක්ෂණික සහාය ලබාදීමට රජය පියවර ගෙන ඇති බව ද රජය පවසයි. රට පුරා ග්‍රාම සේවා වසම් 14,000ක ගොවි සංවිධානවලට මේ වන විට ජනාධිපති රුව අඩංගු ඩිජිටල් බැනර් ගමකට තුන බැගින් ප්‍රදර්ශනය කරන්නට උපදෙස් ද...

වී ප්‍රශ්නයක් වී ඇත්තේ ඇයි? | How paddy became a problem to Sri Lanka

Image
( 2010 අගෝස්තු 27,  W3Lanka )   වී විකුණා ගැනීම නැවතත් ගොවීන්ට වහ බොන්නට හේතු වන ප්‍රශ්නයක් බවට පත් වී ඇති බව පෙනේ. දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියන අන්දමට හේතුව එක්සත් ජාතික පක්ෂ රජය විසින් වී අලෙවි මණ්ඩලය වසා දමා දිවයින පුරා තිබුණු වී ගබඩා 378ක් අතරින් 61ක් පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා වී ගබඩා කර තබන්නට ස්ථාන නැති වීම රජයේ වි මිළ දී ගැනීමේ වැඩසටහනට ගැටලුවක් වී ඇති බවයි. රසවත් කාරණයක් මෙම ගොඩනැගිලි මිළ දී ගත් අය අතර සිටින වත්මන් රජයේ ඇමතිවරු ද එජාප ආණ්ඩුවට බැන වැදීමයි. එහෙත්, ඇත්ත වශයෙන් ම වී අලෙවි මණ්ඩලය වසා දැමුණේ 1996දී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කැබිනට් සාමාජිකයකු වූ පොදු පෙරමුණු ආණ්ඩුව විසිනි. එසේ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ උපදෙස් මතයි. 2000 වසරේදී වී අලෙවි මණ්‌ඩලය ඈවර කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෘෂිකර්ම ඇමතිවරයා නම් වත්මන් අග්‍රාමාත්‍ය වන දි.මු. ජයරත්නයි. මහින්ද රාජපක්ෂ යනු එම පනත සැකසූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන අතර පනතට පක්ෂව ඡන්දය දුන් කෙනෙකි. වී අලෙවි මණ්ඩලය පැවති සමයේ කළේ ගොවීන්ගේ වී නිෂ්පාදනයෙන් 10-15% අතර ප්‍ර...

පොහොර සහනාධාරය අමූලික ප්‍රෝඩාවකි | Sri Lanka's fertilizer subsidy is a sham

Image
(2010 අප්‍රේල් 01- W3Lanka  )  පොහොර සහනාධාරය ක්‍රියාත්මක වූ දිනයේ සිට (2005 සිට) මේ දක්වා පොහොර සහනාධාරය ලබාදීම සඳහා කුඹුරු අක්කරයක් වෙනුවෙන් රජය රුපියල් විසිහය දහස් හැටපහක පාඩුවක් විඳ ඇති බව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන පවසයි. කුඹුරු අක්කර දෙක හමාරක් ඇති ගොවියකු සඳහා පොහොර සහනාධාරය වෙනුවෙන් පසුගිය කන්න අට සඳහා රජය රුපියල් පන්ලක්ෂ විසි එක්දහස් තුන්සියයක් ද අක්කර තුනක් ඇති ගොවියකු වෙනුවෙන් පසුගිය කන්න අට වෙනුවෙන් රුපියල් හයලක්ෂ විසිපන්දහස් පන්සිය හැටක මුදලක් ද මහ ගොවි ජනපද ව්‍යාපාරවල සිටින අක්කර පහක් ඇති ගොවියකු වෙනුවෙන් ගත වූ කන්න අටේදී රජය රුපියල් දසලක්ෂ හතළිස් දෙදහස් හය සියයක මුදලක් ද වැයකර ඇති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වසරකට රු. කෝටි 6500ක් වැය කරන බව ඇමතිවරයා පෙන්වා දෙයි. මෙම මුදල රටේ සමස්ත ජනගහණයෙන් බෙදූ විට රු. 3250ක් වේ. ඒ අනුව මෙරට බාල, මහළු සෑම පුද්ගලයෙක්ම පොහොර සහනාධාරය වෙනුවෙන් මසකට රු. 270ක් පමණ වැය කර තිබේ. ඇමතිවරයා කියන ආකාරයට පොහොර සහනාධාරය ක්‍රියාත්මක වූ දිනයේ සිට කුඹුරු අක්කරයක් සඳහා ගොවියකු වැය...

පාන් පිටි බද්ද ඉවත් කිරීම ආර්ථික ඝාතකයින්ගේ ලනුවක් -දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය‍

Image
(2010 ජනවාරි 01 -W3Lanka) වෙළඳපලේ සහල් හිඟයක ලකුණු පහල වීම සහ නීතිවිරෝධි ලෙස වැඩි මිලට සහල් විකිණීමට වෙළඳුන් පෙළඹීමත් සමඟ රජය වෙළඳපළ හැසිරවීමට මැදිහත් වී ඇත. වෙළඳපළ පාලනය සඳහා රජය මැදිහත් වීම ඉතා හොඳ දෙයකි. මීට පෙරද රජය ඒ පදනම යටතේ සහල් වලට පාලන මිලක් නියම කිරීමට නිර්භීත විය. දැන් රජය බදු අඩු කිරීම සහ ආනයන සීමා ලිහිල් කිරීම හරහා සහල් මිල පහත හෙලීමට උත්සාහ කරයි. එය ක්‍ෂණික පියවරක් ලෙස රජයට කල හැකි පහසුම දෙයයි. එහෙත් ඊට අමතරව කල හැකි වඩා හොඳ දේද ඇත. පළමුවැන්න රජය විසින් වී සහ සහල් වශයෙන් වෙන වෙනම අවශ්‍ය තරම් ආරක්‍ෂිත තොග පවත්වාගෙන යාමයි. නමුත් රජය විසින් මිළදී ගත් වී මෙටි‍්‍රක් ටොන් 25,000ක් (එය ඇත්ත වශයෙන්ම මිළදී ගත යුතු ප‍්‍රමාණයෙන් 1/10 කි) සහල් වෙළඳපලේ ගැටළුවක් ඇතිවීමට පෙරම විකුණා දමන ලදී. දෙවැන්න සහල් හිඟයක් ඇතිවිය හැකි කාලවකවානු සඳහා, විශේෂයෙන්ම නොවැම්බර් දෙසැම්බර් කාල සඳහා නිශ්චිත සීමාවකට යටත් කොට (තදබල අවශ්‍යතාවයක් ඇතිනම් පමණක්), සහල් ආනයනය කිරීමට අවසර දීමයි. එහිදී වඩා හොඳම දේ වන්නේ රජය මඟින්ම අවශ්‍ය තොගය ආනයනය කර ගබඩා කර තබා ගැනීමයි. සතොස ඇත්තේ ඒ සඳහාය. එයද අවශ්‍ය වෙලාවට කෙර...

බිත්තර මිළ බස්සන්න "අපි බිත්තර දාමු - රට නඟමු"

Image
(2009 දෙසැම්බර් 25 -  W3Lanka )    අද නත්තල් ය. ලාංකික කිතුනුවෝ හොඳට කන බොන මිනිස්සු ය. ඔවුන් මස්, මාළු කන්නේ හොරෙන් නොවේ. කෑමෙන් පසු පශ්චාත්තාපයක් ද නැත. බීම පිළිබඳ කීමට ඇත්තේ ද එය ම ය. එහෙයින් නත්තල් සමරන්නට යහමින් කෑම බීම අවශ්‍ය ය. නත්තල් කනවා කියන්නේ ඒ නිසා ය.  රට කන දේශපාලකයන්ට නම් හැමදා ම නත්තල් ය. උන්ගේ බිල් බදු ඔස්සේ ගෙවන මහජනතාව නත්තල් කේක් ගෙඩිය හදන්නට බිත්තරයක් ගත්තේ ඉතිහාසයේ වැඩි ම මිළට ය. කුකුළු මස් හා බිත්තර හිඟ බැවින් ඒවා වහා ම ආනයනය කරන බව  පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක පවසයි.  තදියමේ කරන මේ ආනයන ඔස්සේ කුරුළු උණ රටට ඒම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මොනවාදැයි අපි නො දනිමු.  පසුගිය කාලයේ දේශපාලකයන් අමුඩ ගසාගෙන "අපි වවමු- රට නඟමු" යයි කියමින් සී සෑවේ දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට ය.  එහෙත්, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන නොවැම්බර් මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ ආහාර ආනයනය වැඩි වී ඇති බවයි.  කිරිපිටිවලින් අධික ලෙස බදු අය කරන්නේ දේශීය කිරි ගොවියා නැංවීම සඳහා යයි ජනාධිපතිවරයා පස...

ආණ්ඩුවේ උදලු බෙදිල්ල එජාපයේ ටකරන් බෙදිල්ල වගේ

Image
(2009 ඔක්තෝබර්  22 - W3Lanka ) රජයේ අපි වවමු - රට නගමු ප්‍රතිපත්තිය අනුව රට පුරා තැන තැන පැවති වප් මගුල්වලදී උදලු තල බෙදා දුන් ආකාරය එක්සත් ජාතික පක්ෂ රජය ටකරන් බෙදා දුන් ආකාරයට නො දෙවෙනි බව ගොවීහු පවසති. ගොවීන්ට උදලු තල බෙදා දීමේදී කිසිදු විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ද, තනිකර ම දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ හා ගොවි සංවිධාන නායකයන්ගේ හිතුමතයට එය සිදු කරන බව ද ගොවීහු මැසිවිලි නගති. මහජන මුදලින් කරන මෙම උදලු තල බෙදා දීමේදී සිදු වී ඇති අක්‍රමිකතා හේතුවෙන් ආණ්ඩුවට මනාපවලට වඩා අමනාප ගොනු වෙමින් තිබෙන බව ගොවිබිමෙන් නිරීක්ෂණය කළ හැකිය.