විජය ගොඩකුඹුරට ඡන්දයක් දෙන්න! ලකුණ ආරක්ෂිත කුප්පි ලාම්පුව


(2009 ඔස්තෝබර් 29 - W3Lankaලංකාවේ ලක්ෂ 60න් පමණ ජනයාට විදුලිය නැත. ඉතා දිළිඳු ජන කණ්ඩායම් වන මෙම පිරිස් ‍අතර ලාම්පු තෙල් නිසා ඇති වන පිළිස්සුම් තුවාල හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉතා ඉහළ ය. ලොව පුරා වසරකට තුන් ලක්ෂයක් පමණ ජනයා මෙවැනි පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය යති.


ලංකාවේ පිළිස්සුම් තුවාලවලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අනාරක්ෂිත කුප්පි ලාම්පු ය. කුප්පි ලාම්පු පෙරළීමෙන් සිදු වන මරණ අවම කිරීම පිණිස ඉවහල් වන ආරක්ෂිත කුප්පි ලාම්පු නිපදවීමේ හා බෙදා හැරීමේ නිරතව සිටින වෛද්‍යවරයකු වන විජය ගොඩකුඹුර බීබීසී විසින් පවත්වනු ලබන ලෝක අභියෝග තරගයේ 2009 අවසාන තරගකරුවන් 12දෙනා අතරට තේරී ඇත.

අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම උතුම් යයි ඇමරිකානු කළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ මාටින් ලූතර් කිං කීවේය. 

වෛද්‍ය විජය ගොඩකුඹුර කරන දේ පිළිබඳ කෙටි වීඩියෝවක් බැලීමට හා ඔහුට ඡන්දයක් දීමට මෙතැනින් පිවිසෙන්න.



හිස් සුපිරි තරු වෙනුවෙන් රූපවාහිනී හා ජංගම දුරකථන සමාගම්වලට ලාභ උපයා දෙන එස්.එම්.එස්. ඡන්ද පිස්සුවක් වැළඳී සිටින ලාංකිකයන්ට මේ පණිවුඩය කියන්න.  


Comments

  1. ජය වේවා මිත්‍රය! මාද ‍මොහුගේ සේවය හා සේවාවට ජන්ද ලබා දෙන්නැයි ප්‍රචාරකයේ යෙදුණෙමි.

    ReplyDelete
  2. already voted 2 weeks agoo....

    ReplyDelete
  3. මෙයා ද දින්නේ අන්තිමට ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා