Posts

Showing posts with the label විජය ගොඩකුඹුර

විජය ගොඩකුඹුර‍ට හිමි වූ ජාත්‍යන්තර සම්මානය ලංකාවට ප්‍රවෘත්තියක්වත් නොවෙයි

Image
(2009 දෙසැම්බර් 10 - W3Lanka ) ලංකාවේ පිළිස්සුම් තුවාලවලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අනාරක්ෂිත කුප්පි ලාම්පු ය. කුප්පි ලාම්පු පෙරළීමෙන් සිදු වන මරණ අවම කිරීම පිණිස ඉවහල් වන ආරක්ෂිත කුප්පි ලාම්පු නිපදවීමේ හා බෙදා හැරීමේ නිරතව සිටින වෛද්‍යවරයකු වන විජය ගොඩකුඹුරගේ ව්‍යාපෘතිය බීබීසී ආයතනය විසින් පවත්වනු ලබන ලෝක අභියෝග තරගයේ 2009 වසරේ විශිෂ්ඨත ම ව්‍යාපෘතිය ලෙස තේරී ඇත.  මේ වෙනුවෙන් ඔහුට ‍ඩොලර් 20,000ක ත්‍යාගයක් හිමි විය. මෙම තරගය සඳහා ලොව පුරා ව්‍යාපෘති 900ක් ඉදිරිපත් ර තිබූ අතර 127,800ක් දෙනා අන්තර්ජාලය හරහා හොඳ ම ව්‍යාපෘතිය තෝරා ගැනීම සඳහා ඡන්දය දුන් හ. විසුමයට තුඩු දෙන කාරණය වන්නේ ලංකාවේ රජයට හා ජනමාධ්‍යවලට දෙසැම්බර් 02දා හේග් නුවරදී ඔහු ලබා ගත් මෙම සම්මානය ප්‍රවෘත්තියක්වත් නො වීමයි. ලංකාවේ ලක්ෂ 60න් පමණ ජනයාට විදුලිය නැත. ඉතා දිළිඳු ජන කණ්ඩායම් වන මෙම පිරිස් ‍අතර ලාම්පු තෙල් නිසා ඇති වන පිළිස්සුම් තුවාල හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉතා ඉහළ ය. ලොව පුරා වසරකට තුන් ලක්ෂයක් පමණ ජනයා මෙවැනි පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය යති. අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම ...

විජය ගොඩකුඹුරට ඡන්දයක් දෙන්න! ලකුණ ආරක්ෂිත කුප්පි ලාම්පුව

Image
(2009 ඔස්තෝබර් 29 - W3Lanka )  ලංකාවේ ලක්ෂ 60න් පමණ ජනයාට විදුලිය නැත. ඉතා දිළිඳු ජන කණ්ඩායම් වන මෙම පිරිස් ‍අතර ලාම්පු තෙල් නිසා ඇති වන පිළිස්සුම් තුවාල හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉතා ඉහළ ය. ලොව පුරා වසරකට තුන් ලක්ෂයක් පමණ ජනයා මෙවැනි පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය යති. ලංකාවේ පිළිස්සුම් තුවාලවලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අනාරක්ෂිත කුප්පි ලාම්පු ය. කුප්පි ලාම්පු පෙරළීමෙන් සිදු වන මරණ අවම කිරීම පිණිස ඉවහල් වන ආරක්ෂිත කුප්පි ලාම්පු නිපදවීමේ හා බෙදා හැරීමේ නිරතව සිටින වෛද්‍යවරයකු වන විජය ගොඩකුඹුර බීබීසී විසින් පවත්වනු ලබන ලෝක අභියෝග තරගයේ 2009 අවසාන තරගකරුවන් 12දෙනා අතරට තේරී ඇත. අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම උතුම් යයි ඇමරිකානු කළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ මාටින් ලූතර් කිං කීවේය.  වෛද්‍ය විජය ගොඩකුඹුර කරන දේ පිළිබඳ කෙටි වීඩියෝවක් බැලීමට හා ඔහුට ඡන්දයක් දීමට මෙතැනින් පිවිසෙන්න. හිස් සුපිරි තරු වෙනුවෙන් රූපවාහිනී හා ජංගම දුරකථන සමාගම්වලට ලාභ උපයා දෙන එස්.එම්.එස්. ඡන්ද පිස්සුවක් වැළඳී සිටින ලාංකිකයන්ට මේ පණිවුඩය කියන්න.