අනාගත අගමැති ඉන්දියාවට කඩේ යනවාද?


(2009 ඔක්තෝබර්  21 - W3Lanka) පහත පළ වන්නේ ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ ද, දැනට රජයේ ජ්‍යේෂ්ඨ ම ඇමති තනතුරක් වන කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමති ධුරය දරන්නා වූ ද, පසුගිය උතුරුමැද පළාත් සභා මැතිවරණයේදී අනාගත අගමැති තමා යයි ප්‍රචාරය කරන ලද්දා වූ ද මෛත්‍රීපාල සිරිසේන විසින් පවසන ලද අදහසකි.

මෙම අදහස කියවන අතර මේ රටේ විපක්ෂයට ජනාධීපතිවරයාගේ ගම වන හම්බන්තොටදී පවා 35%ක පමණ වඩා ජනයා ඡන්දය දුන් බව ද සිහි තබා ගත යුතු ය. මෙම ප්‍රකාශය අනුව එම ජනයා රටට ආදරය නො කරන පිරිසක් විය යුතු ය. පාලකයින්ගේ මහා පරිමාණ දූෂණ පිළිබඳ සලකා බැලූ විට සන්ධානයට ඡන්දය දෙන්නන් ද රටට ආදරය කරන්නන් යයි සිතිය නො හැකි අතර, රටේ ජනගහණයෙන් බහුතරයක් රටට ආදරය නො කරන එක ම රට ලංකාව විය යුතු ය.


කෙසේ වෙතත්, අපට ඇති එක් ප්‍රශ්නයක් වන්නේ රටට ආදරයක් නැති මෙවන් විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් වෙනුවෙන් මහජන මුදලින් වැටුප්, දීමනා, වරප්‍රසාද හා ආරක්ෂාව ආදිය සපයන්නේ ඇයි ද යන්නයි. අනෙක් ප්‍රශ්නය නම් මේ රටේ මන්ත්‍රීන්ට මේ රටේ ජනතාව හමු වීමට නො දී තමිල්නාඩුවේ මන්ත්‍රීන්ට ඒ අවස්ථාව දෙන්නේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නිසා ද? සන්ධාන ආණ්ඩුව ලංකාවේ ස්වෛරීත්වය ඉන්දියාවට පාවා දී ඇති නිසා ද? තමිල්නාඩුවෙන් පැමිණි මෙම මන්ත්‍රී පිරිස අයත් තමිල්නාඩු පාලක සන්ධානය පසුගිය මැතිවරණ සමයේදී ලංකාවේ ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමට පියවර ගන්නා බව පැවසීය.


පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරුන්ව උතුරේ අවතැන් කඳවුරු බලන්න යන්න ඉඩදුන්නා. එහෙත් ලංකාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම අවස්ථාව ලැබෙන්නේ නැහැ. මෙය ආණ්ඩුවේ දීනභාවය ප්‍රකාශ කිරීමක් කියලා චෝදනාවක් නැගෙනවා?
ශී‍්‍ර ලංකාවේ විපක්ෂය කියන්නේ රටට ආදරය කරන පිරිසක් නොවෙයි. ශ්‍රී ලංකාවේ විපක්ෂයේ ඉන්නේ බල ලෝභීත්වය මත හැම වේලාවේම දේශපාලන කුමන්ත්‍රණ කරන අයයි. 

මේ වගේ අවතැන් වූවන් ලක්ෂ ගණනක් ඉන්න ස්ථානයක ඔවුන්ගේ ආරක්ෂාව වගේම ඒ අය හරිහැටි සමාජගත කිරීමේ කරුණු රාශියක් තියෙනවා. විපක්ෂය කතාකරන්නේ ජනතාව ගැන ආදරයෙන් නොවේ. ඒ අය බලන්නේ කොහොමද එතැනට කඩා පැනලා ඔවුන්ට වාසි දායක තත්ත්වයක් ඇති කරගන්නේ කියන එකයි.

විපක්ෂය මෙතෙක් කල් කටයුතු කරලා තියෙන ආකාරය දිහා බලපුවාම ඒ අය හැම වෙලාවේම රටට ද්‍රෝහිකම් කරලා තියෙන්නේ. ඒවා එකින් එක කියන්න මම මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ඒත් රටේ ජනතාව දන්නවා ලෝකයේ වෙනත් රටවල ඔයවගේ ප්‍රශ්න අති වුණාම තෝරාගත්තු පිරිසකට විතරයි යන්න දෙන්නේ. ඒනිසා මෙතැන තියෙන වගකීම ඔවුන් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ.
එහෙම නැතිව කෙනෙක් බොහොම සරලව මේ ගැන හිතන්න පුළුවන්. එහෙත් අපිට රජයක් වශයෙන් කටයුතු කරන්න වෙන්නේ රටේ ජාතික ආරක්ෂාව මත අනිකුත් වටපිටාව පිළිබඳ සැලකිල්ලට අරගෙනයි.


එහෙමනම් ඉන්දියානු මන්ත්‍රීවරුන්ට යන්න දුන්නේ ඇයි?
ඉන්දියාව අපේ අසල්වැසි රාජ්‍යයක් වගේම අපිට ජාතික ආරක්ෂාවේදී සහයෝගය දෙන රටක්. ත්‍රස්තවාදය විනාශ කරන්න සහයෝගය දුන්නු රටක්. අනික ඉන්දියාවේ කෝටි පහකට වැඩියෙන් අතිවිශාල ද්‍රවිඩ ජනකොටසක් ජීවත්වෙනවා. 

ඒනිසා ඉන්දියාව තුළ මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න මතුවුණා. මේ අවස්ථාවේදී අපි ඉන්දීය රජයට සහය දීමක් වශයෙන් ඒ අයගේ ඉල්ලීම ඉෂ්ට කළා. (උපුටා ගැනීම අද දිනමිණෙනි)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා